සඳැස් / නිසඳැස්

ගැහැණු හිත්….

Off

ගැහැණු හිතකට ඇහැකි විලක් සේ ඉන්නට

එපා ඔබ එන්නට එය කලම්ඹන්නට
කරණම් ගසුවොතින් කිමිදී බලන්නට
සසල වුන රැළිති ඇත…ගසාගෙන යන්නට…
නැතිනම් හැකිවේය…කරවට ගිලෙන්නට….

 

ඉඩෝරය ඇවිත් යන හීන්වට කොනිත්තන
වැහි බින්දු ඇනුනාට ලප කැළලි මතු නොවන
නාටු නටුවක පවා සුවඳ සියපත් පිපෙන
විලක දිය බිඳිති ඇත බොහොම ගණකම පිරුන….

සකි තෙරට පෙනුනේ සියුමැලිකම පමණ….

පතුලේ වහං වුන කැට කැබලිති බොහොම
අඳුරින් පීරී ගිය මතක අහුමුලු අරුම
මුතු බෙල්ලෙකුද ඇත හංගාගෙන රකින
උල්පතකි විඳින්නේ එහි සොඳුරුම ගැඹුර….

මං පහරන්නෙකුට සකි නැත එහි උරුම….

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල