කාලීන සංවාද

නිදහසින් පසු ඇදගෙන නානා රටක් – Fall Apart Since Independence

Off
අම්මට සිරි ලංකාවේ ඉන්නා බටහිර විරෝධි ජාතිකත්වය කර තබාගෙන යන පිරිසද, මාස්වාදය කියන්නේ තියා, කල් මාක්ස් හා ලේනින් වෙන් වෙන්ව හඳුනන්නේ නැති උග්‍ර වාමාංශිකයෝද, චේ හා බොබ් මාලේ හඳුනන්නේ නැති විප්ලවවාදියෝද, අම්මට සිරි ලංකාව කියුබාවක් කිරීමට වෙහෙසෙන කොම්‍රඩ් කැස්ත්‍රෝ සහෝදරයාගේ මල්ලිලාද, නොදැනුවත්තම කියනා, පොදු ප්‍රකාශණයක් තියෙනවාය.

ඒ, “නිදහසෙන් පසු මෙතුවක් පත් වූ ආන්ඩු කලේ මක්කාද…?” කියා අහනා එකය. මේ ප්‍රකාෂය තුල, මාතලන් කලින් සඳහන් කළ පිරිස් නොයෙකුත් ආකාරයේ බයිලාවන් හා වැල්වටාරම් ගසා ප්‍රතික්ෂේප කර දැම්මද, මහා පරම සත්‍යයයක් ගැබ්ව තියෙනවාය. එනම් නිදහසෙන් පසු මේ රට අගාදයට ගිය බවය. ඒ තුල ඇති වඩා වටිනාම දේ, සුද්දා මේ රටට ලබ දුන් නිදහස හා ආර්ථික ශක්තිය, අද වන විට නන්න පෝල් වී ඇති බවය.
ඇත්තටම සුද්දා අපිට දුන් නිදහස කෙසේ වෙතත්, සුද්දා අපෙන් නිදහස් වීම ගැන නම් බොහෝ සතුටු වනවා ඇතිය. වැඩවසම් රාජාන්ඩූ පාළනයකට නතුව උන් ජනතාවකට, ප්‍රජාතන්ත්‍රවාදි නිදහසක් ලබා දුන්නා පමණක් නොව, ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමයද, තාක්ෂණයද, මහා මාර්ග පද්දතින්ද, සියල්ලම ලබා දෙමින්, එතෙක් කුළු බඩු කර්මාන්තයට පමණක් ප්‍රසිද්ධව තිබූ රට , තේ පොල් හා රබර් වගාවෙන්ද ලොව අංක එකේ රටක් බවට පත් කොට දියුණු කෘෂි ආර්ථිකයක් ඇති රටක් බවට පත් කරන්නේය.
දැන් මොන ජාතියේ අප්පච්චිලා හා උන්ගේ හොරුන් පිරිසද, මේ රට උඩු යටිකුරු කරනවා කිව් ලිබරල් නායකයන් මෙන්ම, උදේ හවා ටී වී වල පොර ටෝක් දෙන, උගතුන් හා බුද්ධිමතුන් ‍යයි කියා ගන්නා උන් වැල් බයිලා ගැසුවද, හැම එකාම ජීවත් වන්නේ මැද පෙරදිග වහල් සේවය ලෙස හඳුන්වන, මැදපෙරදිග රැකියාවලින් ලැබෙනා කම්කරු වැටුපෙන්මය. ඒ සොච්චම් වැටුපෙන් ඉහගෙන කනවා පමණක් නොව, ලෝකයේ සුපිරිම රටවල රාජ්ජ නායකයන්ටවත් නොමැති සැප සම්පත් විඳිනා උන් මංකොල්ලකාරයෝ පිරිසක් මිස වෙන මක්කුන්වත් නොවේමය.
මෙතුවක් රට පාලනය කළ පාලකයන් පමනක් නොව, මේ පාලකයන්ද, නිළධාරින්ද, උපදේශකයන්ද පන්ඩිතයින් හා උගතුන්ද, එකෙකුට හෝ මේ රට දියුණු රටක් බවට පත්කිරීමේ කිසිම වැඩපිලිවලක් දැක්මක් මෙන්ම හැකිවක්ද ඇත්තේ නැතිය. එවන් අවස්ථාවක හම්බන්තොට වරාය චීනාට නොව, දෙන්න පුළුවන් මොකාට හෝ දී දමන එක විශාල දෙයක්ය.
රාජපක්ෂ පවුල හම්බන්තොට වරායේ කළ දේ බොහෝ පැහැදිලිය. ඔවුන් කර ඇත්තේ, කොළඹ වරායේ ලාබය හම්බන්තොට යවා, එයින් තම පවුලේ “වෙල්ත්” එක වැඩි කොර ගන්නා එකය. එයින් එයාලාගේ වෙල්ත් මෙන්ම හෙල්ත් එකද හොඳ වූවාට, රටට තියා එහි උන් සේවයකුටවත් ලැබූ දෙයක් නැතිය. සේවකයන්ද ගොනාට අන්දා, වරායේ රැකියා ලබා දෙනවා කියා, ඔවුන්ගෙන් ලක්ෂ ගනනින් මුදල්ද රැගෙන කර ඇත්තේ, ඔවුන් අවුට්සෝස් කොම්පැනියකට තල්ලු කරලා ගොනාට අන්දන එකය. උන්ගේ පඩියෙන්ද වැඩියෙන් කා ඇත්තේ රාජපක්ෂවරුන්ය.
අද මේ පාඩු ලබන සුදු අලි ආයෝජකයකුට දෙන විට, ඒවාට විරුද්ධව එන පිරිස් දෙකක් වෙති. ඉන් පළමු පිරිස වන්නේ අලි බබා සහ හොරු හතලිහේ කල්ලියයි. ඒ මෙතක් ගසා කෑ රජ කෑම් හා කොමිස් කුට්ටිවලට කෙලවී යෑමයි. අනික මේවන් දෙයක් කර ගැනීමට ඔවුනට මොලයක් නොතිබීමේ වේදනවායි. ඔවුන්ගේ කාළයේ මේ රටට ආයෝජකයෝ නොආවේ මන්දැයි යන කාරනය කාත කවුරුත් දන්නවාය. එකෙකුට 20% කි, තා එකෙකුට 10% කි. තා එකෙක් රගර් මැච් වලට ගානක් කඩා ගනිති. තා එකෙක් රොකට් යවති. ගසා කෑමේ කෙලවරක් ඇත්තේ නැතිය. ඒ නිසා චීනාට පවා මෙය වනයක් වන්නට ඇතිය.
අනෙක් පිරිස මේ රටේ හැම දේටම විරුද්ධව බෝඩ් උස්සාගෙන පාරට බසිනා ජෙප්පෝය. මොවුන් තවමත් ජීවත් වන්නේ ගල් වැදි යුගයේය. ඇත්තම කියනවා නම්, වැදි නායකයා මොවුන්ට වඩා ඉදිරියෙන් ඉන්නා බව සිරසේ ඔහු සසභාගී වූ වැඩ සටහනෙන් මුළු රටටම පෙන්වා සිටියේය. වරාය සේවකයන්ගේ සටන ජයගන්නා තෙක් ඔවුන් හා ඉන්නවා යැයි කියු මහා කම්කරු නායකයා පච වෙලාම ගියේ සේවකයන් පිරිස මී හරක් නොවී තම රැකියාව බේරා ගත් නිසාවෙන්මය.
මුන් හදන්නේ මොකා හෝ බිල්ලට දී තමන්ගේ බඩ වඩා ගන්නා එකය. 80 ජූලී වර්ජනය ගැන අබ මල් රේනුවක් දැණීමක් ඇති එකෙක් ඉස්ට්‍රයික් කියන ඒවා කරන්නට යන්නේ නැතිය. කරුමය වී ඇත්තේ අද ඒවා ග්න මතක් කර දිමට එකෙක් ඇත්තේ නැති වීමය. මුන්ගේ ගුලි කෑ එකෙකුටවත් අත් වූ සෙතක් නම් අප ජීවිතයට අසා නැති අතර පරිප්පු කෑ උන් ගැන නම් මහාවංශයටත් වඩා විශාල පොතක් වුවද ලියා තැබිය හැකිය.
දැන් කරන්නේ මිනිස්සුන්ගේ ඉඩම් චීනාට දෙනවා යැයි කියමින් ජනතාව මී හරකුන්ට අන්දවා එකම විකාරයක් කිරීමයි. එක අතකින් බලනා විට, මේ ආන්ඩුවේම ඇති, බැරි බැරියාවයි. ජනතාව දැනුම්වත් කිරීම ආන්ඩුවේ යුතු කමයි. එහෙත් ජනතාවට කතා කළ හැකි එකඳු නායකයෙක් හෝ ආන්ඩුවට ඇත්තේ නැති අතර, හැම එකාම බෙරිහන් දෙන්නේ, රට හැදීමට නොව, පක්ෂේ හදාගන්නා එක කොරන්නටය, ඒ අස්සේ අනික් උන් මුන්ගේ පශ්චාත්භාගයේ ටිං කිරි ගානවා පෙනෙන්නේ, එහෙන් මෙහෙන් බේරෙනා විටය.
හැම වැඩේටම එන්ටර් වෙන්නේ හත් පොලේ ගාගෙන චා උනායින් පස්සේය. පනත් ගැන මහ ඇමතිලා දැණුම්වත් කරන්නේ උන් පනතෙන් පුක පිහිදලා ෆල්ෂ් කොරලාත් දැම්මායින් පස්සේය. මේවාට මිනිස්සු කියන්නේ ආන්ඩු කිරීම් කියලා නෙමේය. ඇදගෙන නෑම් කියලාය. රනිල්ට ඕන ඕන ඒවා මුන් එක්ක කොරන්න බෑ කියලා දැන්වත් තේරුම් ගන්නවා නම් ලොකු දෙයක්ය.
කෙසේ හෝ එක එක කාළකන්නින්ට ජෝගී නැටීමට ඉඩ තබා මේ ආයෝජකයා අහිමි කර ගන්නේ නම්, මේ රටට කිසිම අනාගතයක් නැති බවත් ලියා තැබිය යුතුමය. මන්ද මොන පුරසාරම් දෙඩුවත්, මේ රටේ භෞතික සම්පත් තියා නියමාකාරයේ මිනිස් සම්පත්වත් නැති නිසාත්. ඇත්තේ එදා වෙල ටුවර්ස්ලා පමණක්මය. කළමණාකරනය පට්ට ෆේල්ය, දන්නේ හොරකම් කිරීම පමණි. අනෙක මහා පරිමානයෙන් ආයෝජනය කිරීමට තරම් ධනවතුන් ඇත්තේද නැත. ඉන්නේ ආන්ඩුවේ උන් හා එක්ව රටේ සල්ලිවලින් හොරා කාපු ධනපතියෝය. ආන්ඩුවලට කෙල උන ගමන් උන්ටත් කෙලවෙන්නේ ඒ නිසාය. ඒ නිසා, නිදහසින් පසු ලද මේ අවස්ථාවෙන් අප උපරිම ප්‍රයෝජනය ගත යුතුය. එයින් ජතාවට සෙතක් අත් වනවා මිස ඇතිවන අහිතක් ඇත්තේ නැතිය.
ඒ කෙසේද යත්, කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැති.. නිදහසට පෙර යටත් විජිත යුගය, ඉතා වටිනා යුගයක්ම වූ නිසාය. මේ කියන්නේ යලිත් යටත් විජිතයක් වන්නට කියා නොවේ. හැකිතාක් විදෙස් ආයෝජයකන් හා කර්මාන්ත ගෙන්වා ගන්නා ලෙසය. එමෙන්ම අඩුම ගනනේ 50% වත් රැකියා අවස්ථා අපේ උන්ට ලබා ගන්නා ලෙසය. එමෙන්ම ආයෝජකයන්ට සියළු පහසුකම් කඩිනමින් සලසනා ලෙසය. එයින් තොර දියුණුවක් ඇත්තේ නැතිය.

http://maathalan.blogspot.co.uk/2016/12/fall-apart-since-independence.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල