සඳැස් / නිසඳැස්

මා අයිති කොතැනටද …අසමි නිහඬව මගෙන් (කවි)

Off
එකින් එක නියොන් එළි දැල්වෙන්න අරගත්තු
උයන් බිම අද්දරින් නැවතෙමි මොහොතකට
ඇස් ගැටෙන හැම සොඳුරු දැක්මකට ලොබ නොවී
බලා ඉමි හිතේ සුසුමක් හෙමින් මුදා හැර
උනුන් තුරුළේ වෙලෙන පෙම්වත්තු සෙනෙහසින්
තුරු අසල බංකුවල මිදෙන්නට බැරි ලොබින්
ආදරේ හිත පිරෙන සුසුමකට මුවා කර
නෙතු පියමි සිනහවක් මුව අගට ගෙන හෙමින්
සැඳෑවට උයන් බිම දඟ කරන පොඩිත්තන්
නෙතු යොමා බලා ඇති උන්වෙතම මාපියන්
තනිකමක් හිත පිරෙයි ඇවිද යනු නොරිසියෙන්
මා අයිති කොතැනටද අසමි නිහඬව මගෙන්
අඳුර ගලනට කලින් හිත පිරෙයි දොම්නසක
පලායන්නට නොරිසි බව දැනෙයි මේ හිතට
කවියක්ව අකුරු වන හැඟුම් අහුරක් රැගෙන
නිවාගමි මේ දැනෙන මහ කටුක තනිකමද
උපුටා ගැනීම :

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල