කෙටි කථා

තරුණ මා ඒ ගුරුවරියට ප්‍රේම නොකරමි

Off

දොර ඇරගෙන එලියට ඇවිත් එහා පැත්තේ වූ පඩිපෙල දිගේ උඩට නැග ඈත පෙනෙන තැනක වාඩි විය…
අහසේ හද පායා ඇත බස්නාහිරට බරව හද තිබෙන නිසා නැගෙන හිර තරු ටිකක් පෙනෙන්නට ඇත.අද හද නොතිබුනා නම් මීට වඩා හොදින් තරු දකින්නට තිබුනි.කමක් නැත රෑට හද පායා තියෙද්දී අමුතු ලස්සනක් ඇත රෑ කලුවර හැම තැනම වෙලාගෙන සිටින විට ඊට උඩින් සායමක් හලාගෙන ගියා වැනි ලස්සනක් දකින්නට ඇත.නැත්නම් ඈත දැමූ බල්බයක මලානික එලියක් වැ‍ටුනා වැනිය…ඔබේ ජීවිතය මෙතෙක් ලියවී ඇත්තේ නගරය නම් මේ කතාව ඔබට නොතේරනවා නිසකය.වාසනාවකට මාගේ උපන් ගම කන්ද උඩරට වූවාය ඊටත් වඩා වසනාවකට මහනුවර සිට කිලෝමීටර් 20ක් පමණ ඈත ගමක වාසය කරන්නට මා හට වාසනාව තිබී ඇත.යම්කිසි හේතුවකට මාගේ පියා මවගේ ගම ජීවත්වීම සඳහා තොරා ගත්තානම් මා ජීවිතේ මෙතෙක් ලද මේ අත්දැකීම් මෙතරම් රසවත් නොවනු ඇත.මන්ද එය නුවරට  කිලෝමීටර් දෙකතුනක් මෙහා වීමයි.
මා කුඩා කල මගේ පියා මට ගල් ලෑල්ලක් හා ගල් කුරක් ද  ලෑල්ලක් වටේ ලෑලි ගැසූ වැලි පිරවිය හැකි එය අතුරා ඊට උඩින් අකුර ලිවිය හැකි වැලී ලෑල්ලක්ද ගෙනවිත් දී තිබුනි..අකුරු නොදත් ඒ අවදියේ මා සතුව තිබූ හෙලිකොප්ටර් හා කාර් වලට වඩා මා හට ඒ අකුරු ලියනයන් මතක තිබෙන්නේ එක හෙතුවක් නිසාය.හොදින් හද පායා ඇති දවස් වලට මාගේ මව සද එලියේ එවායේ මා නොදන්නා අකුරු ලියමින් මට කියා දීම නිසාය..මා හදට ආලය කරන්නට පටන් ගත්තේ ඒ කාලයේයි.මා මාගේ මව සමඟ වේගයෙන් හද පහු කරන් යන වලාකුලු දෙස බලා සිටියෙමු ඒවා ගැන කතා කෙලෙමු කතා ගෙතුවෙමු.දීප්තියෙන් බැබලෙන හද අදුරු වලාකුලුවලින් වැසෙන සැටිත් මාගේ එක් එක් දවසට හද වෙනස් වෙන සැටිත් හද වෙනස් වන විට තරු අහස පුරා පැතිර යන සැටිත් අවුරුදු ගනනක් බලා සිටියෙමි.මාගේ මතකයේ හැටියට හතර වසරේදී හෝ පහ වසරේදී  මාට හදේ වෙනස් වීම ගැන ගුරුවරියක් උගැන්වූ විට මා ගෙදර විත් මාගේ මව සමඟ ඒවා සමඟ කතා කලෙමි. හය සහ හත වසා වලදී අහසේ උන තද වෙන්නට විය මා සහ මාගේ යාලුවා තරකා විද්‍යා සංගමයට බැදුනි අප දෙදනාට රෑට අහස නිරීක්ෂණය කර සටහන් තබා ගන්නා සටහන් පොත් පවා විය හත වසර පහු කරන විට අපට තාරකා විද්‍යාඥඥායන් වීමට අවසි  විය.නමුත් ජීවන නිපුනතා විශයෙහි දවසක් අනාගත් බලාපොරොත්තුව පි‍ටුවක් ලියාගෙන යාමට කියූ දවසේ මාගේ ඔලුවට හෙන වැදුනාක් මෙන් විය.මා සමඟ තාරකා විද්‍යාඥඥායන් විමට කැමැත්තෙන් සිටි මාගේ යහලුවා වෛද්‍ය වරයකුවීම ගැන සිහින ඔහුගේ පොතේ ලියාගෙන විත් තිබුනි..එදා මාගේ පොත් දිහා බලා මාගේ සිහිනෙට සිනාසුනු ගුරුතුමියගේ නපුරු මූන තවමත් මතකය.එදා සිට මා ඒ ගුරුතුමිය රුස්සන්නේ නැත.මාගේ යාලුවා සිහිනෙන් පලා ගිය නිසා මා තනිවිය.
එදා ඒ ගුරුතුමිය නිවරදිය.දැන් මා තාරකා විද්‍යාඥක් වීමට හදාරන්නෙකු නොවේ.මාගේ යහලුවා වෛද්‍යවරකුද නොවේ.මාගේ යහලුවාගේ ඒ සිහිනය දැන් නැතුවා ඇත ඒත් එදා මා ඒ පොතේ ලියූ දේවල් මට අදටත් මතකය ඒවා සැබෑ වනවා දකින්නට මා කැමතිය.ඒ නිසා මා තවමත් අහසටත් තරුවලටත් ආදරය කරමි..අවුරුදු දෙක්කින් කැම්පස් එකේ මෙහෙම නිවාඩුවක් ලැබුනේ ඒ නිසා මෙහෙම ගෙදර අවිත් නිදසේ ඉන්න පුලුවන් තව දවස් කිහිපයකින් යන්න ඕනි කියලා හිතුනාම අරමුණක් හොයනවා.මොනවා උනත් මන් පොඩි කාලේ ඉදන්ම ආස කරා අපේ ගේ නැගෙනහිර පැත්තේ තියන කන්දට උදේට ඒ පැත්තෙන් ඉර නගිද්දි හරි ලස්සනයි ඒත් පොඩි කාලේ තරම් මේ පරිසරේ ලස්සන නෑ කියලයි හිත කියන්නේ..වාසනාව කියනේ අපේ ගේ උතුරු පැත්තයි දකුනුපැත්තයි දෙකමත් කදු සමහර වීට අවුරුදු ගානක් මේ කදු දිහා බලාගෙන ඉදලා වෙන්න ඇති මන් කදු නගුන්න පිස්සෙක් උනේ..කොහොම උනත් තැන්න් තැන ගෙවල් වල ලයිට් එලි පෙනුනාට ඒක මේ කරුවලට බාදාවකුත් නෙවේ ඒ වගේම කලුවර පාට කරන හදට බාදාවකුත් නෙවේ..ඒත් කැම්පස් එකේ ඉද්දි මේ නිදහස කොහේ  කියලා හොයා ගන්නද සමහර වෙලාවට කැම්පස් එකේ උසම තැනට නැගලා
යලුවෝ එක්ක ඒ වහලේ උඩ නිදා ගන්නවා..ඈතට පේන කොළඹ තනිකර පාට පාට බුබුලු ගොඩාක් ඈත් නැවක් දෙක් වෙලාවකට පේන්න ගන්නවා.ඒ වෙලාවට කථා වෙන්නේ එ පාට ගොඩේ ජිවිතේ ගැන  අහස කියන්නේ නිකම්ම නිකන් දෙක් විතයි.අහසට වඩා පොලවේ පාට වැඩි නිසා කොළඹ අහසේ තරු හැංගෙනවා.නිදසේ රෑ පොඩ්ඩක් ඉන්න ග්‍රවුන්ඩ් එක චුට්ටක් විතර හොද උත්තරයක් වටේ තියන තඩි ෆෑලැශ් ලයිට් රෑ වෙද්දි නිවන නිසා චුට්ටක් විතර නිස්කලංකයි..මොනවා උනත් අහවු ටික දවසකින් යන්න එපැයි…
ආ එලියට එන්න කලින් මන් පොඩි පොතක් කියව කියවා හිටියේ එකේ තිබ්බ පොඩි කෑල්ලකට හිත ගියා පොතේ නම බත්තලංගුණ්ඩුව මංජුල වෙඩිවර්ධන ලියලා තියෙන්නේ..

//

“මොකක්ද? බුරියද?”මම කමිසය උස්සා නාභිය පෑවෙමි.
“මේ තියෙන්නේ”
අතිශයින් අපුල ඒ සිරික්කිය මා හදවත් අහුරු ගාමින් දෝරේ ගැලීය.මන්දනය වෙන සිනාහවෙන්ම ඕ මෙසේ පැවසුවාය.

“ඔයා ඉපදිච්ච කෙනෙක් ද..මවපු කෙනෙක් ද….මං හැදුවේ ඒක හොයා ගන්න..”

 
//

 

 

උපුටා ගැනීම:

https://maheshslife-multiaxial.blogspot.co.uk/2016/10/blog-post.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල