කෙටි කථා

ඉරාජ්ගේ ආශාවරී – කාශ්‍යප රජුගේ නැවත ඉපදීම

Off
ඒ 1565 වසරයි.පරංගි සුවද තවරාගෙන හමනා ගොඩ සුළං රැල්ල සුන්දර අප්පුගේ නහය විනිවිද යන්නේ ඔහුට මහත් අපුලක් ගෙනදෙමිනි.ඔහුට මේ කිසිවක් සිතාගත නොහැක.අතීතයේ තම මුතුන් මිත්තන්ගෙ අනින් පමනකදු නොව තමන්ගේ අනසක යටතේත් විරාජමානවූ ලන්කාද්වීපය පරංගින් රැලක් විසින් යටත් කර ගනු ලැබුවේ කෙසේද ?…යම් තරමකට හෝ අස්වැසිල්ලක් ඇත්තේ තවමත් ඔවුන්ට යටත් කර ගන්නට හැකිවී ඇත්තේ මේ මුහුදුබඩ දනව්ව පමණක් වීමයි.රාජසිංහ රජුගේ විශිෂ්ඨ රණකාමීත්වය නිසා තවමත් පරංගින්ට මේ උතුම් දිවයින උන්ගේ අනසකට ගන්නට බැරි වී ඇත.තම පරම්පරාවේ වීර ධීර උරුමය තවමත් මෙරට රජ පරම්පරාව තුල මෙතුවක් හෝ රැදී තිබීම කොයිතරම් නම් දෙයක්ද ?.රටේ තත්වය ගැන එතරමින් හෝ හිත හදගත්තත් සුන්දර අප්පුගේ හිතට වද දෙන අනෙක් ලොකුම ගැටලුව තම බිරිද හා සොහොයුරාය.පෙර කල කාශ්‍යප නමින් රජකම් කල තමන් මේ ආත්මයේදී සුන්දර අප්පු නමින් පහත රැටියෙක්ව ඉපදීමත්, ඔහුගේ සිතැගිම ප්‍රියම්බිකාවක් වූ විජ්ජුලතා තම අඹුවම වී ආරියවතී නමින් උපත ලැබීමත් සැබවින්ම පුදුමයකි.
ඊටත් වඩා හද කීරි ගා යන, පුදුමයක් මෙන්ම දුකක් ඔහුට ඇත.මතකයට එන හැම මොහොතකම , නිදිවදින හැම මොහොතකම ඔහුගේ මොළයත්, හදවතත් පසාරු කර යන දුක, එකල ඔහුගේ මහාර්ඝතම ප්‍රියම්බිකාව වන මේඝලතාගේ අඩුවයි.තමන් හා විජ්ජුලතා එක් තැනක නැවත උපත ලබද්දී මේඝලතා මෙහි නොවූයේ මන්ද?..මේඝලතා වෙනුවට මෙලොවදී තමන්ට මුනගැසී ඇත්තේ සහෝදරයෙකි.බොහෝකල් යන තුරු සුන්දර අප්පු සිතුවේ තමන්ගේ සහෝදරයා ලෙස මෙලෙස උපත ලබා ඇත්තේ මේඝලතා කියාය.නමුත් ඒබරන් අප්පුට එවැනි අතීත මතකයක් නොවූයෙන් ඔහු මේඝලතා නොවන බව සුන්දර අප්පුට පැහැදිලි විය.එක අතකින් එය හොද දෙයකි.මේඝලතා පිරිමියෙකු වී උපත ලැබුවා නම් තමන්ට එය දරාගැනීම මීටත් වඩා අපහසු වන්නට ඉඩ තිබේ.නමුත් ආදරයත් රතියත් නිසා ඇතිවන සිත් පීඩා වලින් නම් මේ ආත්මයේ සුන්දර අප්පුට ගැලවීමක් නැත.එකල ඔහුගේ රාත්‍රිය මෙන්ම දහවලද ගෙවුනේ විජ්ජු හා මේඝ සමග පෑ ආලිංගන මතිනි.ඔවුන් දෙදෙනා හා එක්ව කල රතිකෙලි සුන්දරට තවමත් සිහිවේ.විටෙක් විජ්ජු හා මේඝ තම තමන්ගේ සුව විදිති.කාන්තාවන් දෙදෙනාගේ තම තමන්ගේ ස්ත්‍රී ශරීර තුල සුව විදිමින් නගනා උණුසුම් සුසුම් බලා,අසා සිටි කාශ්‍යපට එදවස රාත්‍රිය නින්දක් නම් නොවුනේය.
නමුත් මෙකල වී ඇත්තේ කුමක්ද ?…ඒ අපූරු සුරදූතියන් දෙදෙනාගේ පහස ලබමින් සිටි ඔහුට මෙවර, ඔහුගේ බිරින්දෑ තම සහෝදරයා සමග බෙදා හදා ගන්නට වී ඇත.එක ගෙයි කෑම නම් වූ මේ සිරිත කවදා කෙසේ ආරම්බ වූවක්දැයි සුන්දර නොදනී.නිදිවදින්නට යන හැම වේලේම සුන්දර මෙම අමන විවාහ සම්ප්‍රදාය ඇතිකල ද්‍රෝහීන්ට මුලු හිතින්ම ශාප කරයි.ගැහැනුන් දෙදෙනෙකුගේ පහස එක විට ලැබූ ඔහුට දැන් සිදුවී ඇත්තේ එක ගැහැණියක් තවත් පුරුෂයෙකු හා බෙදා ගැනීමටයි.ඔහුට මෙය කොතරම් චිත්ත පීඩාවක් වුවද ආරියවතීට නම් එය දුකක් නොවන බව ඇගේ හැසිරීම් වලින් ඔහුට පෙනෙයි. “ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන ?” කියා පන්සලේ ලොකු හාමුදුරුවෝ දවසක් කිව්වා සුන්දරට මතකය.නමුත් ඉතින් මෙය වරදක්ද නොවේ.එය මේ කාලයේ පවතිනා සමාජ සම්මතයකි.ඉතින් හඩා වැලප කුමක් කරන්නද?
දැන් කලක් තිස්සේ ආරියවතී සහ ඔහු, නැතිවූ මේඝලතා සොයා ගතයුතු බවට තීරණයකට එලඹ සිටිති.ගම් දනව් පුරා ඇයව සොයා ඔහු කල වෑයම අන්තිමේදී නතර වූයේ ක්‍රි.ව 4 වන සියවසේදී ඔවුන් මහත් අකරතැබ්බයකට (කාශ්‍යපගේ පළමු වික්‍රමය මෙතනින් කියවන්න) ලක්කලාවූ කාල දොරටුව අබියසිනි.වසර දහසකට එහා ගතවී ඇතත් කාල දොරටුව තවමත් සැගව තිබෙන බව ඔහුට ප්‍රත්‍යක්ෂ විය.තමන් මෙතැනට ඇදී ආවේ අහම්බෙන්ද නැතිනම් අත්භූත බලයකින්දැයි සුන්දරට සිතා ගත නොහැකි විය.නමුත් එකක් පැහැදිලිය.මේඝලතා කාලය හරහා නැවත 2017 වසරට ගසාගෙන ගොස් ඇත.ඇය හැම තිස්සේම වලාකුලක් මෙන් තමාගෙන් ඉවතට පාව යයි……තවත් වීර ක්‍රියාවකට කාලය පැමින ඇත.සුන්දර එදා නිවස බලා ඇදුනේ කැලභීම සහ ප්‍රීතිය මුසුවූ හදකිනි.මේඝලතා සොයා ගැනීමේ නොතිත් ආශාවක් හා උවමනාවක් ආරියවතී තුලද ඇති බව ඔහු දනී.කාල දොරටුවේ තොරතුර ඇයගේ කණේ තබනකල් ඔහුට ඉවසුමක් නැත.ඔහු ඉපනැල්ල දිගේ හනි හනිකට පයතබමින් තම නිවස කරා ඇදෙන්නට විය.සැදෑ අදුර ටිකෙන් ටික වෙල්යාය පුරා පැතිරෙමින් ඇත. ඈත අහසේ කුරුලු සමූහයක් ශබ්ධ නගමින් වේගයෙන් පාව යයි.උන්ටද මේඝලතා සොයාගැනීමේ උනන්දුව ඇති වෙලාක් මෙන්ය.ක්‍රමයෙන් රත් පැහැ ගැන්වෙන අහස හෙට දිනට යෙදී ඇති වැධගත් කාර්‍ය සදහා සිත ගත සූදානම් කරන සැරසිල්ලක් වැනිය.පරිසරයේ අසිරිය තම සිතේ අසිරිය සමග ගලපමින් පැමිණි සුන්දර අප්පු නිවසේ කඩුල්ල ලගටම පැමිණ තිබුනේ වෙනදා මෙන් දෙතුන් ගුනයක වේගයෙනි.නිවස දකින ඔහුගේ හදවත ප්‍රීතියෙන් උඩ පනින්නේ පොඩි දරුවෙකුගේ මෙනි.ආරියවතීට පණිවිඩය කීමට කට හදා ගනිමින් ඔහු නිවස තුලට ගොඩ විය……
……….අදෝමැයි, නිවසේ වූ එකම නිදනා කාමරය වසා තිබුණි. වසා තිබූ දොර මත ඒබරන් අප්පුගේ අමුඩ කෙටිය එල්ලෙමින් තිබිනි.ඔහුගේ පපුව දනි පනි ගා ගැහැන්නට විය.සුබ ආරන්චියක්වත් හිත තන්තෝසෙන් කියාගන්න බැරි හැටි. ඒබරන්ගේ අශ්ව කුලප්පුවට රැයක් දවාලක් නැත.ඔහුගේ අශ්ව ගායට යටවුනු ආරියවතී නගන රමණ කෙදිරිය වාවාගත් නොහැකි සුන්දර අප්පු, පිලට ගොස් ඉද ගත්තේ තමා රජ කල කෙරූ විශාල කරුමයක් පඩිසන්දී ඇති බව සිතමිනි.ඔහුට තම අලන්කාර අධිරාජ්ය “සීගිරිය” සිහිවිය.තමා එකල සිත්තරුන්ට කියා විජ්ජුලතාගේත් මේඝලතාගේත් රූ සිහගිරි පර්වතය මත පින්තාරු කල අයුරු ඔහුට සිහිවිය.ඒ මේඝලතා දැන් ආගිය අතක් නැත.විජ්ජුලතා තමගේ අතට නුදුරෙන් වෙන එකෙකු හා නිදිවදිමින් කාම සන්තර්පණය ලබයි.මේවා සිහිවෙද්දී සුන්දරට පොලව පලාගෙන යන්නට සිතේ…..එක්වනම කාමරයේ දොර විවර වනු ඔහුට ඇසිනි. ප්‍රථමයෙන් ඉවතට පැමිණි ඒබරන් තම සහෝදරයා දෙස නෙත් කොනින් බලා කඩුල්ල දෙසට පිය මැන්නේය.ඔහු යන්නේ නිවස අද්දරින් ගලනා ඔයට විය යුතුය.
“උඹ මේ හැන්දෑ කොරේ ඔයට බැහැලා සෙම් කෝප කරගන්නවා එහෙම නෙවී”… සුන්දර කීවේය.
ඒබරන් කිසිවක් නෑසුනාක් මෙන් කඩුල්ල පැනයයි. තමන් ඒබරන්ට උපදෙස් දෙන්නේ තවමත් ඔහු නොදරුවෙක් මෙන් සිතන්නාක් මෙන් යැයි සිතුනු ඒබරන්ට හිනා එයි……ඌ මොන නොදරුවෙක්ද ?..ඇහුනේ නැතැයි උගේ අස්ප කුලප්පුවේ රගේ.සුන්දර තමන්ටම කියාගති.
“ආ….ඔහේ ආවයි  ?”
“ඇහුනෙවත් නෑනෙ ගෙට ගොඩ වෙනවා”……ආරියවතී ඔහු ලගින් හිද ගන්නා ගමන් පැවසීය.
ඇගේ පිරුණු ළැම තවමත් වේගයෙන් උස් පහත් වෙන්නේ ඇය තවමත් ඒබරන්ගේ රති සුවය සිහි කරමින් සතුටු වෙන්නාක් මෙන්යැයි සුන්දරට සිතුණි.ඇගේ උවනතින් බේරී එන දාබිදුවක් සුමුදු සුදුවන් දෙතන අතරින් ගලාගොස් අතුරුදන්ව යන අයුරු සුන්දර බන්ඩා ආශාවෙන් බලා සිටී.
“කොහේ ඇහෙන්නද?, තොපේ කුලප්පුවේ තරමට අහස කඩ වැටුනත් ඇහේද? “

 

ආරියවතී නිහඩව සිටියාය. සුන්දරගේ චෝදනාවෙන්, නලියමින් පැවති ඇගේ සරු ළැම හන්සයන්ද බිය වූවක් මෙනි.මදක් නිහඩව සිටි සුන්දර කාල දොරටුවේ විත්තිය ආරියවතී හා පැවසුවේය.කතාව කෙමෙන් කෙමෙන් ඇදී යද්දී ආරියවතීගේ දෑස් සතුටින් දිලිසෙනු සුන්දර අප්පුට පෙනුණි.මේඝලතාගේ අඩුව ඇයටද තදින් දැනුනු බව ඔහු දනී.දැන් ඒ සියල්ල හමාර කර ඇය සොයාගැනීමේ මාවත විවරව ඇත.හෙට උදෑසනම ඇය සෙවීමේ මෙහෙයුම ආරම්භ කල යුතු බවට දෙදෙනාම තීරණය කළහ.මීට වසර දහසකට පෙර ප්‍රීතියෙන් සහ අනුරාගයෙන් වෙලුනු ඔවුන් නැවත එක් වීමට කාලය ලගාවෙමින් තිබේ. සුන්දරගේ සිත සීගිරියේ නාන තටාකයේ සිට සිරියහන් ගබඩාව දක්වා දිවයන්නට ගත්තේ නිම්හිම් නැති සතුටකින් වෙලුනු සිහින් අනුරාගී හැගීමක්ද සමගිනි.
“ඒබරන් මලයවත් ඇන්න යමු”….ආරියවතී කීවාය.
ඒ ඇසූ සුන්දර අප්පුගේ ප්‍රීතියෙන් නලියමින් තිබූ පපු කැවුත්තට මන්න පහරක් දුන්නාක් මෙන් වේදනාවක් හට ගති.ඔහු විසල් වූ දෙනෙතින් ආරියවතී දෙස බැලුවේය…..

සුන්දර අප්පු සමහන් සොයාගත් හැටි මීලග කොටසින්…..
සියලු හිමිකම් බ්ලොග්කරු සතුය
https://naiyageni.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල