ප්‍රහසන

මහින්දගේ ආණ්ඩු පෙරළීම…

Off
2017 වර්ෂයේ තමන්ගේ එකම අපේක්ෂාව පවත්නා රජය පෙරළා දැමීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. තමන් සෑම විටම සියළුම තත්වයන්ට සූදානම්ව සිටින බවද පෙර සූදානමකින් තොරව තමන් කිසිම කටයුත්තකට අත නොගසන බවද එතුමා වැඩි දුරටත් පැවසීය. අද පවතින රජය පෙරළා දැමීමේ කටයුත්ත සඳහා තමන් සූදානම් වූයේ 2009 වර්ෂයේ සිටම බවද පැවසූ එතුමා ඒ සඳහා උදාහරණ ලෙස පහත සඳහන් කරුණු ගෙන හැර දැක්වීය.
“දැං ඔයගොල්ලො මෙහෙම කල්පනා කරල බලන්ට. අවුරුදු තිහක් තිස්සෙ දිග ඇදිච්චි යුද්දෙ මම ඉවරයක් කලා. මතකනෙ ඒ කාලෙ උදේ ගෙදරිං එලියට බැස්සම ආපහු හවස ගෙදර එන එක විස්වාස නෑ. කොයි වෙලාවෙ කෝච්චියක බස් එකක බෝම්බයක් පුපුරල ස්වර්ගස්ත වෙයිද කියන එක ෂුවර් නෑ. ඇත්තම කියනවනම් බාර්යාවයි ස්වාමි පුරුෂයයි එක බස් එකකට නැග්ගෙ නෑ. එහෙම කලේ බස් එකේ බෝම්බයක් පිපිරුනොත් දෙන්නම එක පාර මැරුනොත් ලමයින්ට යන කල දසාව ගැන හිතල. එහෙම තිබ්බ තත්වයක් මම වෙනස් කලේ. ඒ 2009 අවුරුද්දෙ යුද්දෙ දිනල”
“ඒ දවස්වල තිබ්බ තත්වයෙ හැටියට වෙන මෙලෝ මල දානයක් නොකලත් ඒකම ඇති මගෙ අනාගත පරම්පරාවටම ලංකාවෙ රජකම් කරන්ට. ලංකාවෙ මිනිස්සු බහුතරයක් හිතුවෙ එහෙම. ඒත් මම ඇවිල්ල අභියෝග වලට මූණ දෙන්ට කැමති මනුස්සයෙක්. එහෙම නිකම්ම ලංකාවෙ රජකරන්ට මට ඕන වුනේ නෑ. ඒ හින්ද මම කලේ මගෙ නියමිත කාල සීමාව ඉවර වෙන්ට අවුරුදු දෙකකට ඉස්සෙල්ල ජනාධිපතිවරණයක් තියපු එක. ඒ එක්කම මගෙ ආණ්ඩුව පරද්දන්ට පුලුවන් හැමදේම මම කලා”
“අපෙ ගෙදර උන්දැගෙ නෑදෑයො හැත්ත බුරුත්ත ඔක්කොමල පත්කලා ආණ්ඩුවෙ ආයතන වලට. පොඩි උදාහරණයක් ගමු. ලොකු මස්සිනා දැම්ම එයා ලංකා සබාපති විදිහට. ඒ මිනිහ කලේ එතන යකා නටපු එක. අහැට කනට පේන එක කෙල්ලෙකුට යහතින් ඉන්න දුන්නෙ නෑ. ඒ අතර මගෙ අර ලොකු එකා නාමෝලට ඒකෙ ඉන්න කෙල්ලො සෙට් කරල දුන්න. නාමෝල පෙරකදෝරු විබාගෙ පාස් කරපු විදිහ ඔහෙල දන්නවනෙ. ඇයි මම එහෙම කලේ? මොකද නාමෝලට ඔය විබාගෙ පාස්වෙන එක එච්චර දෙයක්ද නෑ. ඒත් මට ඕන කලා එතනත් පවත්නා රජය අපකීර්තියට පත් කරන්ට. ඒ මගෙ දීර්ග කාලීන සැලසුම්වල එක කොටසක්. තේරුණෙයි ඔහෙලට? “
“ඒ අස්සෙ දෙවෙනි එකාව මම බලෙම්ම වගෙ නේවි එකට දැම්ම. ඒ එක්කම ඌව ඩාට්මත් යැව්ව. එහෙ එකක් නෑර හැම විබාගයක්ම ඌ පේල් වුනා. ඇයි එහෙම වුනේ? මොකෝ ඌට ඔය විබාගයක් පාස් වෙන්ට බැයිද? නෑ මම ඌට කිව්ව වාඩිවෙන වාඩිවෙන විබාග පේල් වෙන්ටෙයි කියල. මට ඕන වුනේ මගෙ ආන්ඩුව අපකීර්තියට පත් කරන්ට…හෙහ්,හෙහ්, “
“එතකොට අර උදයංග කියන නීල කාස හොරා පත්කලා මිග් ගනුදෙනුවෙන් බිලියන් ගාණක් ගහන්ට. පෝද්දල ජයන්තට ගැහුව. රවිරාජ් මැරුව. ලසන්ත මැරුව. ප්‍රගීත් මැරුව. එව්ව කරන්ට ඕන දේවල් නෙවෙයි. මම ඒ ඔක්කොම කලේ මගෙ ආණ්ඩුව අපකීර්තියට පත් කරල පෙරළල දාන්ට. ඔය මෛත්‍රිපාලට මට විරුද්දව ඉල්ලන්ට කියල කිව්වෙ මමමයි. ඒ මනුස්සය බෑම කිව්ව. මම අන්තිමට මිනිහගෙං ඇහුව තමුසෙ මට විරුද්දව ඉල්ලනවද නැත්තං ලසන්තල ප්‍රගීත්ල ගිය ගමන යනවද? කියල. ඊට පස්සෙයි ඔය මනුස්සය යන්තං ඔන්න කැමති වුනේ.”
“හැමෝම කිව්වෙ මගෙ ආණ්ඩුව කවදාවත් පෙරලන්ට බෑ කියල. යූ.ඇන්.පී. මන්ත්‍රී වරුත් හිතාගෙන හිටියෙ ඒ විදිහට. අන්න ඒ නිසානෙ ඒකෙ හිටපු පට්ට හොරු ටික බුරුතු පිටිං මගෙත් එක්ක එකතු වුනේ. ඒත් අන්තිමට ඒ හැමෝම බෑ කියපු දේ මම කරල පෙන්නුව. මගෙ ආණ්ඩුව මමම පෙරළල පෙන්නුව. අන්න එහෙම හැමෝම බෑ කියන වැඩ කරල පෙන්නන මිනිහෙක් මම. මහින්ද කියන්නෙ එහෙම මිනිහෙක්. ඒ හින්ද මේ රනිල්ගෙ ආණ්ඩුව පෙරළන එක මට කජ්ජක් නෙවෙයි.”
ටං….ටිං….ටුං….
 පින්තූරය : “තුන්සිංහලය එක්සේසත් කල අපේ රජතුමනි, දිනේවා සැමදා” යනුවෙන් සඳහන් මහින්දගේ
රුව රැගත් පුවරුවක් ඉහළට ඔසවාගෙන සිටින කුඩා දැරියක්
සියළුම අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතිය.
https://ranrandil.blogspot.co.uk/

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල