ප්‍රහසන

ඉරිසියාවේ ගස (පවුල් ගසක් උව විය හැක) – The Jealous Tree (May be a Family Tree)

Off
ඕන එකෝමත් එක රටක, එකෝමත් එක කාළෙක, එකෝමත් එක මනුස්සයෙක් පාරේ යන ගමන් ගලක් කකුලේ වැදුනා. පොරට එක පාරටම මතක් උනා මැණික් ගලේ පය හැපුනත් කනා ඇහිඳලා ගනීද කියන කතන්දරේ. කෝකටත් කියලා ගලත් අතට අරගෙන යන ගමන්, මහන්සියට ගිමන් නිවා ගන්න මහා විශාල ගහක් යට නැවතුනා.

ඔය ගහ යට මෙයා ඉතරක් නෙමෙයි තවත් අය ගිමන් නිවාගෙන ගිහින් තිබුනා. පොර අර ගල අතට අරගෙන, අහසට අල්ලාලා, ඒ මේ අත කරක කරක බැලුවා, ගල මැණික් ගලක්ද කියලා.

අනේ නෑ..

ඉතින් පොර කරපු වැඩේ, ගල එතන තියලා, එයාගේ ගමන යන්න ගියා.

එයිට පස්සේ ඔතනට ආවා පේන්ට් බාස් කෙනෙක්. පොර දැක්කා මේ ගල. පොර කරපු වැඩේ තීන්ත බාල්දියෙන් පින්සලට තීන්ත ටිකක් අරගෙන ගලේ උලලා යන්න ගියා. දන්නවනේ ඉතින් ඒ රටේ උන් ගැන. ගහක් ගලක් බස් සීට් එකක් මක්කා හරි කමක් නෑ, අඩු ගානේ බුලත් විඩේ හුණු ජූන්ජක් හරි අතුල්ලලා යන්නේ…

එයිට පස්සෙ ඔතනට ආවා මල් මාලා කාරයෙක්. පොර ගහ යට ඉඳගෙන මල් මාලයක් ගොතාගෙන ඒක විකුණගන්න, අලි පැටව් දාලා යන පන්සලක් හොයා ගෙන යන්න ගිය. මොකෝ එහෙම අලි පැටව් දාලා යන පන්සල් වලට ගියාම නිවන් යන්න ලේසී නිසා, ඒවට එන අයට ඕන දෙයක් විකුණන්න පුළුවන්. ඒත් අර මල් මාලේ ගොතන ගමන්, අරෙයින් මල් කීපයක් අර ගල ගාව වැටුනා.

මේ රටේ හිටපු උන්ට වඳින්න නම් කක්කා බෙට්ටක් හරි කමක් නෑ මල් පහන් තියලා වඳින්නේ. කොටින්ම උඩ බලාගෙන වඳින කොට කාක්කෝ කටට රෙන බෝ ගස් වලට පවා, සිවුරක් හෙම අන්දලා කහ කඩ පාන්කඩයෙක් ගෙනත් එතන පදිංචි කරලා, පීකරයක් හෙම දාලා, කන පැලෙන්න වඳින ලෝකයේ අනෙක් ජාතින්ට වඩා වෙනස්ම වෙනස් අමුතුම ජාතියක්.

දැන් වැඩේ කොම්ප්ලීට්.. මහා ගහක්… ඒක යට අමුතු මාක් එකක් තියෙන ගලක්… කවුරු හරි මල් තියලා ඒකට් වැඳලා ගිහිල්ලා….

මොනාද ඉතින් දැන් එනවා පෝලීමේ. එක දවසකට පාන් අසූ හාර දාහේ මහා පූජවක්. තා දවසකට ගහටත් වඩා උසට පළතුරු පූජාවක්, තා දවසක නෙළුම් මල් පූජාවක්. තා දවසක දාස් පෙතියා මල් පූජාවක්, ඕන් ඔහොම.

දන් ගහට හෙන අප්ෂෙට්. මොකෝ ගහ දන්නවා මුන් ඇවිත් මේ වඳින්නේ ගහට නෙමෙයි ගලට කියලා.

ගහ දැන් ඉස්සරටත් වඩා ලොකුයි. අතු ඉති දික් වෙලා. මල් බර වෙලා. ඵල බේරීලා. පැහිලා ඉදිලා දෙකට නැමිලා බරවෙලා අතූ….

යකෝ මුන් මේ ඔක්කොම කරන්නේ මගේ යට ඉඳන්…, මේ හින්නික්කිතර ගලකට වඳින්න දෙන්න…, මුන් වඳින්න ඕන මට…. කියලා මල පැන්න ගහ කරේ, අත්තකින් අල්ලලා, ගල හෙන ඇතට උසික්ක කොරලා දැම්මා.

ඉතින් මිනිස්සු ආවද වඳින්න…? නෑ…. මොකෝ උන් වැන්දේ ගලට නේ.

එහෙන් මෙහෙන් කස්ටියට නිව්ස් එක ආවා, ගලට ගේම දුන්නේ ගහයි කියලා. ඉතින් මිනිස්සු මොකෑ කොලේ?

ඒ පාර උන් කරපු වැඩේ, ගහ කෑලී කෑලීවලට කපලා විසික්ක කොරලා දැම්මා.

ඒත් ඉතින් අර කෑලී, ඒ ගිහින් දාපු පැත්තේ ඉඳන් කෑ ගහනවලු. අඩෝ අපි ඇර වෙන කවුරුත් නෑ ඩෝ වඳින්න හරිය…. වඳිනවා නම් අපිටම වැඳපන් හරිය…. නැත්නම් ඒ වැඳිලි වැඳිලි නෙමෙයි ඩෝ හරිය…. කියලා හිටන්.

ඕන්න ඕකයි දරුවනේ ගල නිසා බැබලුන ගහට අන්තීමට වෙච්චි දේ..

මේ දේ හෙට අනිද්දා, පුලතිසිපුරේ පැත්තේ තියෙන මහා ගහකට උනත් වෙන්න බැරි නෑ. හා බොරුද හිටන්….

ලෝකෙම පරසිද්ද “The Jealous Tree” නම්, කෙටිම කෙටි කතාවේ මාතලන් වර්සොන් එකකි..

-මාතලන්

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල