‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල, කාලීන සංවාද, විවිධාංග, විශේෂ

නෙළුම් යාය 2016 බ්ලොග් සම්මාන උළෙල තෙවන වරටත්

Off

නෙළුම් යාය 2016 වසර සඳහා වන බ්ලොග් සම්මාන උළෙල තෙවන වරටත්  2017 මාර්තු 25 වනදා පැවැත්වේ.

ගිය වසර වලදී මෙන්ම මේ වසරේද පහත සඳහන් අංගයන් සඳහා සම්මාන, සහතික සහ ත්‍යාගයන් පිරි නමනු ලැබේ.

වසරේ හොඳම බ්ලොග් අඩවිය ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානය සඳහා පිළිවෙලින් මුදලින් රුපියල්  15000, 10000 හා  5000 බැගින්  පිරි නමනු ලැබේ.
හතර  සහ පස්වන ස්ථාන වලට නෙළුම් යාය සම්මානයක් හිමිවනු ඇත.
මුදලින් රුපියල්  5000 සහ නෙළුම් යාය සම්මානයක් පහත සඳහන් අංගයන් සඳහා පිරි නමනු ලැබේ.

1. අතීත කාමය

2. අධ්‍යාපනික

3.ඉතිහාසය

4. කාලින සංවාද

5. කෙටි කථා

6. දේශපාලන

7. පරිවර්තන

8.ප්‍රහසන

9. බ්ලොග් නවකතා

10. විද්‍යා ප්‍රබන්ධ

11. විද්‍යා හා තාක්ෂණ

12. විවිධාංග

13. සංගීතය

14.  සංචාරක හා ඡායාරූප

15. කාව්‍ය නිර්මාණ

16. සාහිත්‍ය කලා  විචාර

ඔබට ඔබේ බ්ලොග් අඩවියද මේ සඳහා ඉදිරිපත් කළ හැකිය. ඉහත සඳහන් අංගයන් ගෙන්  එකකට ඔබේ බ්ලොග් ලිපියක් සුදුසු යයි සිතේ නම් එය එවන්න. එසේම සහෝදර බ්ලොග්කරුවන්ට ද තමන් කැමති බ්ලොග් වල තේරීම් එවිය හැකිය. සියලුම බ්ලොග් ලිපි පලවී තිබිය යුත්තේ 2016 ජනවාරි 1 දා සිට 2016 දෙසැම්බර් 31 දා වන කාල පරාසය තුල පමණි.

ඔබගේ තේරීම් මේ ඊමේල් ලිපින වලට එවන්න.

 

editor@nelumyaya.com

deputyeditor@lankanewsweb.net

කල්‍යාණ මිත්‍ර – sumithyapa@gmail.com

 

එක්  එක් අංගයන් සදහා බ්ලොග් අඩවි 5 බැගින් නිර්දේශ කරනු ලැබේ. අවසන් තේරීම මාර්තු 25 දින ප්‍රකාශයට පත් වනු ඇත.   අපක්ෂපාති විනිශ්චය මණ්ඩලයක් මගින් බ්ලොග් තේරීම් සිදු කරනු ඇත. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණයයි.

නෙළුම් යාය සම්මන උළෙල පවතින ශ්‍රී ලංකාවේ රජය සමග කිසිදු සම්බන්ධයක් නැත. මෙය රාජ්‍ය සම්මන උළෙලක් ද නොවේ. නමුත් රජයේ නිලධාරියෙකු හෝ රජයකට සම්බන්ධ දේශපාලනඥයෙකුගේ උදව් ලැබුනොත් ඒවා ප්‍රතික්ෂේප කරන්නේද  නැත. ඒවා විනිවිද භාවයෙන් අනිකුත් බ්ලොග් කරුවන්ගේ සහභාගිත්වයෙන් ලබා ගනු ඇත. (පසුගිය වසරේ ශාලාව ලබා ගැනීමට ගියේද අනිකුත් බ්ලොග් කරුවන් සමගය.) වෙනත් ඕනෑම අයෙකුටද මෙවැනි උළෙලවල් සංවිධානය කළහැකි  අතර ඉල්ලීමක් කරන්නේ නම් හැකි ඕනෑම උදව්වක් කරන්නෙමු.  නෙළුම් යාය පිළිබඳ අවසන් තීරණ ගන්නේ නෙළුම් යාය සංස්කාරක මඩුල්ලය.

මේ බ්ලොග් සම්මාන උළෙලේදී හැකි පමණ බ්ලොග් කරුවන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ  දරන්නෙමු. සමහරු මග හැරී  යා හැකි අතර සැවොම සතුටු කිරීමද කල නොහැක.

වෙනත් ඕනෑම නිර්මාණාත්මක ක්‍රියාවකදී මෙන් මෙයටද විවේචන එල්ල විය හැකි බවත් ඕනෑම දෙයක් 100% නිවැරදිව කිරීමට නොහැකි බවත් පිළි ගන්නෙමු.  අපේ ශක්ති ප්‍රමාණව හැකි තාක් සාධාරණව, නිවැරදිව, අපේ හෘදය සාක්ෂියට එකඟව  මේ උළෙල කිරීමට හැකි සෑම උත්සාහයක් ම දරන්නෙමු.

නෙළුම් යාය ප්‍රධාන සංස්කාරක

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල