සඳැස් / නිසඳැස්

කදෝකිමි හදවතකි

Off

 

නිවි නිවී දිලෙන
තාරුකා අඳුරක ගිලී
කදෝකිමි දහසක් එළි මැද
මතකයන් පා කර හරින්නෙමි
ඉන්ද්‍රජාල ස්වප්නයක තනිවී
කඩා හැලෙන තරුවක් සොයා
හද මතට පතිත වන්නට හරිමි
ප්‍රේමයත් පතිත වීමකැයි
සිත සිතා සැනහෙමි
මැවි මැවී යළි මියෙන එළි රටා මැදට වී
නුඹ සිනාසෙන හැටි බලා
නුඹත් එක්කන් හිනැහෙමි..
නුඹ මතක ගිනිකඳු පුපුරමින්
හද රිදුම් දෙන විටක වුව
අත් හරින්නට ලොබ බඳින
සුවහසක් මතක මැද
තවත් තව තවත් කිමිද
දුක් අඳුරකම ගිලෙමි
කදෝකිමි හදවතක් සොයා
සිත කියා හිනැහෙමි
ප්‍රේමයට තවත් ඉඩ ඇතැයි
උන් කිය කියා යන කතාවන් අසා ඉමි
සිනහවෙමි.. නුඹ වෙතම බැඳී ඉන්නෙමි..

උපුටා ගැනීම: අවන්හල බ්ලොග් අඩවිය

https://awanhala.blogspot.com/2017/02/blog-post.html

(සියලු හිමිකම් හා අදහස් බ්ලොග් කරු සතුය)

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල