සඳැස් / නිසඳැස්

මම නුඹේ… නුඹ මගේ… අපි අපේ විතරනම්

Off

මටත් ඉන්නවා පිස්සු හපුටියෙක්…

ඉවරයක් නැති කතා දෙතොල ලෙලවා කියන
නොතිබ්බොත් හූමිටිය බුරාගන මට බනින
හම්ම්… කියනා විටක කතා නොකලට බනින
මගේ කට අරින විට ගිනි අරන් මට රවන

ලංවෙලා හුරතලෙන් පපුතුරේ සුව සොයන
උණුහුමට ගුලිවෙලා කිසිත් නොකියා ඉන්න
මගේ අතැඟිලි හිසේ නොගැටුනොත් මා හපන
හිස සිඹින විට පෙමින් දෙනෙත් හිමිහිට වැසෙන

දුක හිතෙන වාරවල් හිතේ ගුලි කරගන්න
ලේසියෙන් කඳුලු බිඳු කිසි කෙනෙකු නොම දකින
කතා කරනා විටක සියල්ලම පිටදාන
වාන් ගැළුවා වගේ ඇස් දෙකෙන් වත්කරන

අන් එවුන් කියන හැම රසකතා රස විඳින
කිවුවොතින් මම එකක් ටියුබ් ලයිට් සේ ගැහෙන
හැඟුම්බර කතා මැද ගොං කතාවක් කියන
මගේ කටින් ගොං කතා පිටවුනොත් කොනිත්තන

එපා කිවු හැම දේම ඔළුව සොලවා අසන
දතකාලා කොහොමහරි දෙක තුනක්වත් කරන
අනාගත් පසුව එය දිව ඇවිත් මට කියන
මගේ බැණුමට බයේ දුක හිතෙන ලෙස ඉන්න

ජීවිතේ බර දරන් පොළව මත්තේ දුවන
මගේ ලඟදී කෙලවරක් නැති හීන රූ අඳින
ඒ හීන අහන මගේ මුවේ පුදුමය දකින
මේවා මේ කියන්නේ නිකමටැයි යලි කියන

ඕන හතිලවුවක් බය නැතුව මම කියන
දුක හිතෙන හැමවෙලේ ලඟ ඉදන් හිත හදන
මන්ද්‍රි දේවිය තරම් මා හටම කැප නොවන
මට අවැසි මම පතන ආදරය ලබාදෙන

මටත් ඉන්නවා පිස්සු බැල්ලියෙක්….
මමත් ආදරේ කරන…

-කටුස්සා-

https://katusuhadawatha.blogspot.co.uk/2017/02/blog-post.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල