කෙටි කථා

සමකෝණී

Off

‘අරිනවා දොර ..’

“සැරයක් කිව්වම අරිනවා දොර, කඩන්න කලින් ”

“ක්රාස් ” හඬින් හඬ දෙමින් අනෙක්සියේ දොර විවර වන්නටත් ප්‍රථම ,කාමරය ඇතුලට පැනගත් දැලි රැවුල යන්තමින් වැඩුන තරුණ පොලිස් ගැටව් දෙදෙනාගෙන් වඩා උස එකා මගේ බැනියමෙන් අදිමින්

“පරබල්ලා ….තොට කන් ඇහෙන්නේ නැද්ද? මෙහාට වර තොගේ මදන විසේ අරින්න ..”
“ඕකා මැරෙයි බලාගෙන කියපු අනික් පොලිස් ගැටයා …” මගේ පසු පසට වැරෙන් පයින් පාරක් දුන්නේ මාව අනපෙක්ෂිතවම දොරෙන් එලියට විසිවෙන්න .

විසිවී ගිය මා ,පාරට මායිම් වූ කුඩා මිදුල් කැබැල්ල මැද ඉන්දවුනා . එසැනින් මා දුටුවේ අසල්වාසීන් කීප දෙනෙක් දෙපස තාප්ප වලට උඩින් එබිකම් කරන අයුරුයි. ගෙදර අයිතිකාරිනිය වූ නාලිනී කඳුළු පිරුණු ,එහෙත් කෝපාග්නිය දැල්වෙන මුහුණින් මාදෙස බලා සිටින අතර , ඇයගේ බාල දියණිය වන නිරාශාද සිටියේ කෝපයෙන් දැල්වෙන දෙනෙතින් .

” මොකද ,මට ගහන්නේ ..මොකක්ද මම කරපු වරද ?”

මගේ වචන කන වැකෙද්දීම ගස්සාගත් නාලිනී ගෙතුලට යනු මට පෙනුනි. තවමත් පුපුරමින් සිටින දහඅටවියේ පසුවන නිරාශා ලඟට කිට්ටු වූ උස පොලිස් ගැටයා

” මුන් වගේ උන්ට බෙහෙත් අපි ළඟ තියෙනවා ,ඔයා බලන්නකෝ අක්කට කරපු දේට ඕකට අපි කරන දේ ”
කියනු මට යාන්තමට ඇසුනි..

නිරාශාගේ නෙතග බැල්මෙන් පොලිස් ගැටයා තවත් උද්දීපනය වූ බව මට වැටහුනේ
“වරද නේ … වරද කියාදෙන්නම් සුප්පුවක් කටේ ගහලා ..වලත්ත බල්ලා ” කියමින් තව පා පහරක් බිම වාඩි වී සිටි මගේ පිට හරහා වැදෙනවාත් සමගය, මට කැස්සක් ඇතිවුයේ එක වරමය .

“මහ්…මහ්…මහ්…මම සුරාජිව බඳින්න කැමතියි කියලා කිව්වනේ , ඉතිං ඇයි මෙහෙම කරන්නේ ..”
“අනේ නාලිනී …. මම සුරාජිව බාරගන්න කැමතියි ….. මම කී පාරක් කිව්වද ?”

“වහපිය කට වනචරයා ..කෙල්ලෙක්ව රේප් කලාම හැම එකාම කියන්නේ ඕක තමා , ඉතිං තොට කලින්ම කෙල්ලව බාරගන්න තිබ්බනේ අහුවුනාට පස්සේ කෙබර හලන්නේ නැතුව .ඉඳා …..”

“බුදු අම්මේ ……”

බිම ඇදවැටුණු මට නිරාශා සහ සුරාජි මාරුවෙන් මාරුවට මෙන් බොඳ වෙමින් පෙනෙන්නට විය
**********

“මේ ඇනෙක්ස් එක මහත්තයා ඉන්න කාලේ කාටවත් දුන්නේ නෑ. එත් දැන් වන්දියෙන් විතරක් ජීවත් වෙන්න අමාරු නිසයි මම මේක දෙන්න තීරණය කලේ . පොඩි පවුලකට දෙන්න තමා අදහස තිබ්බේ ඒත් ආපු ආපු හැමෝම කිව්වේ ඉඩ මදියි කියලා. ”

“ඔයා මෙහෙට ආපු මුල් දවස් වල නම් හරිම උපාසකයා .. දැන් තමා නෝටියා වෙලා ඉන්නේ ….”

ඇනෙක්සියේ ඇඳ මත වැතිර සිටි නාලිනී මගේ නාසය මිරිකමින් , නැගී සිටියා .බිමට නැඹුරු වී තම ඇඳුම් එකිනෙක අහුලාගත් නාලිනී සියල්ල ඇඳ මත තබා කොණ්ඩය පසුපසට කර බඳින්න වුනා …. ඇඳ මත හාන්සිවී එදෙස බලා සිටි මට හැට්ටයෙන් දමාගැසූ ඇය.

” මොනවද කන්න වගේ බලන් ඉන්නේ …?”
“අදට …කාලා ඉවරනේ ආපහු හෙට …”
“චික් හරිම වලෙක් වෙලා ……ලොකු දුව නැගිටලද දන්නෙත් නෑ සෙනේ …. මම යනවා ..” .කියමින් ඇඳුම් ඇඟලන ගමන්ම දොර දෙසට පියමන් කළා ..

වයස අවුරුදු හතලිස් දෙකක් පමණ වුවත් නාලිනී සුන්දර රුවකට හිමිකම් කිව්වා, අකාලයේ මියගිය ස්වාමියා නිසා වැන්දබු වූ එහෙත් උත්සාහයෙන් දියණියන් දෙදෙනා සමග ජීවත් වූ ඇය. අනෙක්සියේ පදිංචියට පැමිණි මා සමග ඇසුරට වැටීමට සෑහෙන කලක් ගතවී තිබුනා . හතලිස් හතර වියට ආසන්න වුවත් විවාහය නමැති බන්ධනයට ඇතුළුවන්නට වගකීම් නිසා අතපසු වූ මටත් , සැමියා නොමැති වීම නිසා තනිවූ නාලිනිටත් දෙදෙනාගේ ඇසුර නැතිව බැරි තැනට මේ වනවිට පැමිණි තිබුනා .

නැවත දොර අරින හඬින් මම ආපසු පියවි ලොවට එද්දී
“සෙනේ ….තියෙනවනම් රුපියල් දෙදාහක් දෙන්න ..මම මේ මාසේ පඩිය ලැබුණු ගමන් දෙන්නම්…..”

සිය මියගිය ස්වාමියාගේ පඩිය අතට ලැබුණු පසු දෙන පොරොන්දුව පිට නිතරම යම් යම් මුදල් ප්‍රමාණයන් ඉල්ලා ගත්තද කිසිම දිනක ඒවා නැවත දීමක් හෝ ඒ ගැන ඉන්පසු සඳහනක් වත් නොකිරීමට ඇය වගබලා ගත්තා . ඇගෙන් ලැබෙන සුවය හමුවේ අන්ධයෙකු වූ මාද ඒ ගැන කිසි දිනෙක විමසන්නට ගියේ නෑ.
**********

“ඉඳා හිටපිය ඇතුලට වෙලා …. ” පොලිස් කුඩුවේ දොර හැර මාව ඒ තුලට තල්ලු කල උස පොලිස් ගැටයා මොහොතක් මා දෙස බලා සිට තම අසුන වෙත ගොස් වාඩිවුනා .

සුරාජි …..
විවාහවෙන බලාපොරොත්තුවෙන් ඇසුරු කල තරුණියන් දෙදෙනාම හැකි හැම විටකම ,කලේ කරදරයක්ම නොවේදැයි මට වැටහුනේ සුරාජි සමග සිටින විටයි, සුරාජි හෙවත් නාලිනිගේ විසි හැවිරිදි වැඩිමහල් දියණිය කෙරේ මට ආදරයක් ඇතිවන්නේ මන්දැයි මම හැමවිටම මගෙන්ම විමසා සිටියා .

ඇය කිසිදු විටක මගෙන් කඩල ඇටයක තරම දෙයක් වත් ඉල්ලා සිටියේ නෑ . මාගේ කිසිම ක්‍රියාවකට අනුබල නුදුන්නාක් මෙන්ම , විරුද්ධ වුයේද නෑ..

වෙනකක් තබා ඇයගේ නිර්මලත්වය මා හමුවේ පෙන්වා සිටි මුල්ම දිනයේදී පවා ඇය කලේ සිනාසීම පමණයි. සතියේ බොහෝ දිනයන්හිදී මා කාර්යාලයෙන් පිටවී ඇනෙක්සියට පැමිණි විට , සුරාජිව මගේ භාරයේ තබා නාලිනී නික්ම යන්නේ කණිටු දියණිය පන්තියෙන් කැඳවාගෙන ඒමටයි.

පසුව සති අන්තයේ ගෙදර යාම පවා අත්හල මා ,,නාලිනිගේ වැඩපල හමාර වනතුරු සුරාජි සමග ගත කිරීමට පුරුදු වුනා,

“ඔයා ලොකූව බලාගන්න එකනම් මට හරිම සහනයක් සෙනරත් . ”
“නැත්තම් හවසට පොඩි දුවව එක්ක යන්න එයාවත් එක්කගෙන යන්න එපැයි.” නාලිනී මාගැන තැබූ විශ්වාසය නිසාම සුරාජිව මා ලඟට ගැනීමට කිසිදු බාධාවක් තිබුනේ නෑ.

“ඕවට ගෙවන්න වෙයි …”. මම සිනාමුසු මුහුණින් කී පසු…” ඉතින් ඒක තමයි මේ ගෙවන්නේ …” කී නාලිනී තවත් මා තුරුලට වෙද්දී ඔරලෝසුවේ රාත්‍රී දොළහ සටහන් වෙනු මා දුටුවා .
**********

නාලිනී තුලින් ලබන සජීවී සක්‍රිය තෘප්තියට වඩා වැඩි තෘප්තියක් සුරාජිගේ නිහඬ , අජීවී වූ හැසිරීම තුලින් ලබන්නට මා තුල ආසාවක් හටගන්නේ කුමක් නිසාද කියා සිතන්නට මට වුවමනා වුනේ නෑ. මේ විකෘති ආශාවක්ද ? විකෘතියක් නොවන්නේ ලොව කවරක්ද ?

සවස් කාලයේ නින්දක සිටි මා අවදි වුනේ නාලිනී කෑගසමින් දොරට ගැසූ නිසාවෙනි

“සෙනේ .. සෙනේ …. ලොකු දුවව ඩොක්ටර් ලඟට ගෙනයන්න ඕනේ ..හවස ..යන්න ඉන්නේ …. ඔයා අදට එළියේ කොහෙන් හරි කෑම ගන්න පුලුවන්ද ? ”

“මොකෝ නාලිනී හදිසියේ ..”

“අනේ මන්දා සෙනේ ලොකූ දැන් ටික දවසක් ඉඳන් ගොඩක් වෙනස් …. මේ ලඟදි ඉඳන් එයාගේ අන්ඩර් වෙයාර් එක ගලවලා ඉන්න හදනවා දවස තිස්සෙම , හැම තිස්සෙම අත අන්ඩර්වෙයාර් එක ඇතුලට දානවා .ඉක්මනින් පෙන්නන්න කියල බැලුවේ, බෙහෙත් නවත්තලා දැන් කාලයක් වෙනවා . බයයිනෙ සෙනේ ..”

නාලිනී ගේ ප්‍රකාශයෙන් පසු මගේ කන් දෙක හිරිවැටීගෙන එන අයුරක් දැනුනත් ,ඒ බවක් නොපෙන්වූ මම

“නාලිනී ..”

“සෙනේ ”

“ඔයා කැමතිනම් මම කැමතියි සුරාජිගේ වගකීම බාරගන්න …”

ඇස්දෙක ලොකු කරගත් නාලිනී නැවත නැවතත් මා දෙස බැලුවේ විශ්මයන් මෙනි

“ඒ කිව්වේ …?”

“ඒ කිව්වේ මෙතනින් එහාට එයා මගේ ළඟම තියාගන්න ..”.

“සෙනේ …. මොලේ නරක් වීගෙන එනවද ? මොකක් ගැනද කියවන්නේ …? බාරගන්නවා කිව්වේ මොකක්ද? යමු පොඩි දූ …”.
එකෙනෙහිම පැමිණි ත්‍රීරෝද රථයට දියණියන් දෙදෙනා නංවා ගත නාලිනී තාමත් විශ්මය පිරුණු දෑසින් මා දෙස බලා සිටිනු දකිනට ලැබුණි .
***********

නැවතත් උස පොලිස් ගැටයා කුඩුව ඉදිරියේ පෙනී සිටින්නට විය ..

” මෙහාට එනවා ….”

” මූද මිනිහා … අර උඹ කිව්ව කෑල්ලගේ මන්ද බුද්ධික අක්කව රේප් කරපු එකා ”

“ආදරේ කරද්දී සිද්ධ වෙන දේවල් රේප් එකක් වෙන්නේ කොහොමද මනුස්සයෝ ,ආදරවන්තයෝ දෙන්නෙක් අතරේ සිද්ධ වෙන ………..

“කට වහපිය …… අවලමා “

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල