
![]() |
එම ග්‍රහලෝකයක් මෙසේ විය හැක -Credits: NASA/JPL-Caltech |
එනම් මින් ග්‍රහ ලෝක තුනක්ම තිබෙන්නේ ජිවය පැවතිය හැකි සීමාවේ වීමය (“habitable zone alias goldilocks zone’). මෙය හැබිටබල් සෝන් හෙවත් පැරණි ළමා කතාවක් වන ගොල්ඩිලොක් හි දැරියගේ නමින් ද හැඳින්වේ. එනම් මේ ග්‍රහලෝක තුන තමන්ගේ සුර්යයා ගේ සිට ඇති දුර අපේ පෘතුවිය අපේ හිරුට ඇති දුරට සමාන දුරකින් (මද වෙනස් කම් සහිතව) පිහිටා තිබේ. එහි තේරුම නම් මේවායේ ජිවය පැවතීමට අවශ්‍ය ද්‍රව ජලය තිබිය හැකි වීමය. ජලය තිබී නම් මහා සාගරද තිබිය හැකිය. එසේ සාගර තිබේනම් ජීවයට ද පැවතිය හැකිය.
පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කළ තවත් විද්‍යාඥයෙකු වන ඇමරි ට්‍රයාඩ් (Amaury Triaud) පවසා තිබෙන්නේ මෙම පද්ධතියේ වාමන සුර්යයා නිපදවන බල ශක්තිය අපේ සුර්යයාට වඩා බොහෝ අඩු බවයි. එසේම ග්‍රහ ලෝක පද්ධතියද එකිනෙකාට ලඟින් පිහිට තිබේ. එනිසා ජලය පිහිටීමේ සහ ජිවය පැවැතීමේ සම්භාවිතාව වැඩිය.
නාසා ආයතනයෙන් එලි දක්වන ලද වීඩියෝවක් ඉහත තිබේ. (Credits: NASA)
මෙසේ වෙනත් සුර්යයන් වටා ග්‍රහලෝක තිබෙන බව දැන ගන්නේ කෙස්ද? මෙවැනි ග්‍රහලෝකයක් නම් කරන්නේ ට්‍රාන්සිට් එක්සෝප්ලැනෙට් (Transiting exoplanets) යනුවෙනි. “ට්‍රාන්සිට්” යනු හරහා ගමන් කරන යන තේරුම දෙන්නකි.
පළමු ක්‍රමය නම් බලවත් දුරේක්ෂයකින් කෙලින්ම නිරීක්ෂණය කිරීමයි. (direct imaging) මෙසේ නිරීක්ෂණය කර ග්‍රහලෝකයක් සොයාගත් ප්‍රථම දුරේක්ෂය ස්ටෙයාර් (STARE) නම් සෙන්ටිමීටර් 10 ක (කාචයක්) අපර්චර් එකක් තිබුණකි. අද අපට බ්‍රහස්පති, සෙනසුරු හෝ ඔවුන්ගේ චන්ද්‍රයන් මේ ක්‍රමයට නිවසේදී වුවද නිරීක්ෂණය කළ හැකිය.
ඊළඟ ක්‍රමය කොරෝනග්‍රපි (Coronagraphy) ලෙස හැඳින්වේ. උපකරණය දිසාවට එන හිරුගේ රශ්මි කදම්බය කිසියම් පෙත්තක් (disk) වැනි යමකින් සඟවා එය නිරීක්ෂණය කරනු ලැබේ. එසේ කරන විට කෙළින් ම බැලූ විට නොපෙනන සැඟවී මෙන් තිබෙන වස්තූන් අදුරු තිත් ලෙස පෙනේ. මේ ක්‍රමයට ග්‍රහලෝකයක් සෙවීමට නම් ඒවා තමන්ගේ හිරුට ඉතා ලංව පිහිට තිබිය යුතුය. පහත පින්තූරයේ පෙනෙන්නේ ෆොමල්හට් නමැති තාරකාව අසල එසේ ඩිස්ක් එකකින් වැසීමෙන් ෆොමල්හට් b ග්‍රහලෝකය සොයා ගැනුණු අන්දමයි.
තවත් ක්‍රමයක් වන්නේ ග්‍රහලෝක තම සුර්යයා සමග පිහිට තිබෙන කෝණය ගණනය කිරීමයි. මෙය ඇන්ගියුලර් ඩිෆරන්ස් ඉමේජින් (Angular difference imaging) ලෙස හැඳින්වේ. HR8799 නමැති තාරකාව වටා යන ග්‍රහ ලෝක තුනක් මේ ආකාරයෙන් සොයා ගන්න ලදී.
වඩාත්ම සාර්ථක ක්‍රමයක් වන්නේ සංක්‍රාන්ති හෙවත් ට්‍රාන්සිට් (transit method) කරයි. දැනට සොයාගෙන ඇති ග්‍රහලෝක 3565 න් බහුතරයක් සොයාගෙන ඇත්තේ මෙලෙසය.
සාමාන්‍යයෙන් ඈත තිබෙන තාරකාවකින් එන එළියේ දීප්තිය (brightness) බලවත් දුරේක්ෂ මගින් නිරික්ෂනය කළ හැකිය. මාස ගණනාවක් හෝ අවුරුදු ගණනාවක් තිස්සේ කරන එම නිරීක්ෂණ වලින් එම දීප්තියෙ නොයෙකුත් ආලෝක චක්‍ර වගු (light curve graphs) ඇඳිය හැකිය. මෙම වගු බොහොමයක් ඇඳීමෙන් පසු ඒවා නැවත නිරීක්ෂණය කරන විට මෙම ආලෝක වගු වල ඇතැම් තැන වල බැස්මක් නිරීක්ෂණය කල හැකිය. පහත පින්තූරය බලන්න. ඒ අර තාරකාව හරහා ග්‍රහලෝකය ගමන් කරන විට දීප්තියේ අඩුවක් පෙනෙන අන්දම නිරීක්ෂණය කරන්න.
![]() |
ට්‍රාන්සිට් ක්‍රමය |
මෙය නිවසේදීද අත්හදා බැලිය හැකිය, නිවසේ ලාම්පුවක් (table light) උඩින් නූලක් බැඳි බෝලයක් එල්ලන්න. ඉන්පසු එය ලාම්පුව වටා කරකවන ලෙස කෙනෙකුට භාර දෙන්න. ඔබ ලාම්පුව දෙස බලන් දිශාව හරහා බෝලය යනවිට එමගින් ලාම්පුවේ ආලෝකය වැසෙන අයුරු නිරීක්ෂණය කරන්න.
![]() |
ට්‍රාන්සිට් ක්‍රමය තව දුරටත් |
![]() |
ට්‍රාන්සිට් ක්‍රමයෙන් ගන්නා ආලෝකයේ දීප්තිය රැගත් වගුවක් |
මෙසේ ලබා ගන්නා දත්ත එකතු කර කොපමණ දීප්තියෙ අඩු වීම් ඇත්දැයි නිරික්ෂනය කළ හැකිය. ඉන්පසු ග්‍රහලෝක කිහිපයක්ඒ තාරකාව වටා යනු ඇත්දැයි යන කාල (දින වකවානු) ගණනය කිරීමෙන් සොයා ගත හැකිය.
තවත් ජනප්‍රිය ක්‍රමයක් වන්නේ තාරකාව තිබෙන තැන හරියටම අස්ට්‍රොමෙට්‍රි (Astrometry ) නම් ක්‍රමයෙන් සොයාගෙන ඉන්පසු එම තාරකාවේ ඇතිවන කැළඹීම් (wobbles – චලනයන් ) අවට තිබෙන අනිකුත් තාරකාවල් වලට සාපේක්ෂව නිරික්ෂනය කිරීමයි. එසේ කැළඹීම් ඇති වන්නේ එය වටා යන ග්‍රහලෝකයක් ඇති බැවිනි. මේ චලන නිසා ආලෝක චක්‍ර වල වර්ණයේ වෙනස් කම් ඇතිවේ.
රේඩියල් වෙලෝසිටි හෙවත් කේන්ද්‍රීය ප්‍රවේගය යන ක්‍රමයෙන් හිරු වටා යන ග්‍රහලෝකය මගින් ඇති කරන චලනයන් (wobble) හා ආලෝකයේ වර්ණයන් ගේ වෙනස් කම් නිරික්ෂනය කළ ගණිතමය ලෙස ඔප්පු කළ හැකිය.
මේ නාසා වීඩියෝව ක්‍රම පහක් ගැන රූප සහිතව හොඳ විස්තරයක් දෙයි.
අප සිටින්නේ මේ නව ශත වර්ෂයේ සිදුවන ප්‍රබලම හෙළිදරව්වක් ඉදිරියේද?
A nearby star has seven temperate Earth-size planets
නාසා වීඩියෝව: https://exoplanets.nasa.gov/interactable/11/
ඉහළම පින්තූරය =http://www.telegraph.co.uk/science/2017/02/22/nasa-announcement-live/
උපුටා ගැනීම – කොළඹ ගමයා
Related Posts
-
February 12, 2019 -
February 12, 2019 මීචලාහ්ඩාහ් – ටෙක්සාස්හි ජනප්‍රිය බීර කොක්ටේල්
-
February 12, 2019 සියක් සිදුරු අයිඑස්එස් එකේ (Impacts on Columbus Module)
-
February 8, 2019 Dong Fangxiao | වංචාව සහ හෙළිදරව්ව | 2000
-
February 8, 2019 කියවන්න අකමැති ඔබේ දරුවාට
-
February 7, 2019 ටෙක්සාස් හරක් පට්ටි
Categories
- ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල (21)
- අතීතකාමය (148)
- අධ්‍යාපනික (108)
- ඉතිහාසය (72)
- ක්‍රීඩා (1)
- කාලීන සංවාද (740)
- කෙටි කථා (155)
- දේශපාලන (80)
- නව ව්‍යවස්ථාව (12)
- පරිවර්තන (9)
- ප්‍රහසන (70)
- බ්ලොග් නවකතා (8)
- විචාර (63)
- විද්‍යා ප්‍රබන්ධ (20)
- විද්‍යා හා තාක්ෂණ (59)
- විවිධාංග (108)
- විශේෂ (308)
- සංගීතය (55)
- සංචාරක හා ඡායාරුප (41)
- සඳැස් / නිසඳැස් (322)
- සාහිත්‍ය කළා විචාර (309)
- හයිකු හා කෙටි කවි (50)
Video wall
‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල
සින්ඩි
Archives
- February 2019
- January 2019
- August 2018
- July 2018
- June 2018
- May 2018
- April 2018
- March 2018
- February 2018
- January 2018
- December 2017
- November 2017
- October 2017
- September 2017
- August 2017
- July 2017
- June 2017
- May 2017
- April 2017
- March 2017
- February 2017
- January 2017
- December 2016
- November 2016
- October 2016
- September 2016
- August 2016
- July 2016
- June 2016
- May 2016
- April 2016
- March 2016
- February 2016
- January 2016
- December 2015
- November 2015
- October 2015
- September 2015
- August 2015
- July 2015
- June 2015
- May 2015
- April 2015
- March 2015
- February 2015
- January 2015
- December 2014
- November 2014
- October 2014
- September 2014
- August 2014
- July 2014
- June 2014
- May 2014
- April 2014
- March 2014
- February 2014
- January 2014
- December 2013
- November 2013
- October 2013
- September 2013
- August 2013
- July 2013
- March 2013
- November 2011
- December 201
News Papers
News Sites
- 3mana
- Aadaderana
- Asian Tribune
- DBS
- Ground Views
- Hiru News
- Human Rights Asia
- JDS Lanka
- Kathika
- Pathula
- Lanka Truth
- Lankapuvath
- Meepura
- Neth FM
- News First
- Randora
- Sandeshaya
- Sannasa
- Sri Lanka Brief
- Sri Lanka Campaign
- Sri Lanka Guardian
- Sri Lanka Mirror
- Tamil Guardian
- Vikalpa
- Vimasuma
- Defence.lk
- Lanka Web
- LankaPage
- LankatNews
- Asian Tribune
- Lanka Standard
- Lanka Business
- News.lk
- Colombo Gazette
- Lanka Herald
- Tamil World Today
- ELankanews
- Colombo Mirror
- Thathu
- News of Colombo
- The Radio ceylon
- Tamil Diplomat
- Samakalam