අධ්‍යාපනික

අධ්‍යාපනික වැඩ සටහනක් පෙබ. 28 අඟහරුවාදා

Off

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් පවත්වනු ලබන මෙම පුහුණුව සඳහා තවත් කිහිප දෙනෙකුට අවස්ථාව තිබේ. වහා ලියාපදිංචි වන්න.

ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය සමාජ සහ ආර්ථික සංවර්ධනය සමග ඍජුව ම සම්බන්ධ ය. උදාහරණයක් ලෙස, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත අනුව, සෑම වසරක ම ලියාපදිංචි වන ගර්භනීන්ගෙන් 5.3%ක් අවුරුදු 19ට අඩු යෞවනියෝ වෙති. මේ අතර ඉතා ළාබාල වයසින් මව්වරුන් බවට පත් වන දැරියෝ ද සිටිති. මෙම ප්‍ර‍වණතාව ශ්‍රී ලංකාවේ මධ්‍යන්‍ය විවාහ වීමේ වයස අවුරුදු 23ක් දක්වා පහත හෙළීමට හේතු වී තිබේ (2012 වසරේ ජන හා නිවාස සංගණනය අනුව). 1990 දශකයේ මැද භාගයේදී ශ්‍රී ලාංකිකයන් විවාහ වූ සාමාන්‍ය වයස වූයේ අවුරුදු 26කි. අඩු වයස් විවාහ කාන්තාවන්ගේ අධ්‍යාපනය, රැකියා පුහුණුව ආදී හැකියාවන් සම්පූර්ණ කර ගැනීමට බාධාවකි. ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධ ගැටලුවක් අවසානයේදී සමාජ සහ ආර්ථික සංවර්ධනයට ඍජුව සම්බන්ධ වන්නේ එසේ ය.
ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය හා සම්බන්ධ කාරණා කෙරෙහි සමාජයේත්, විශේෂයෙන් ම ප්‍ර‍තිපත්ති සම්පාදකයන්ගේත් අවධානය යොමු කිරීමෙහි ලා ජනමාධ්‍යවලට සුවිශාල කාර්යභාරයක් ඉටු කළ හැකි ය. එබැවින් ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය හිමිකම්, සංවර්ධනය හා ජනමාධ්‍ය කාර්යභාරය පිළිබඳ පුහුණුව හා දැනුම බෙදා ගැනීමේ සාකච්ඡා සභාවක් ලෙස මෙම වැඩමුළුව සංවිධානය කිරීමට එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල කටයුතු කර තිබේ.
දිනය: 2017 පෙබරවාරි 28දා, අහරුවාදා
වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා (උදෑසන තේ හා දිවා ආහාරය සමග)
ස්ථානය: රේණුකා හෝටලය, ගාලු පාර, කොළඹ 3
මාධ්‍යය: සිංහල


(ගාස්තුවක් අය කරනු නොලැබේ. කරුණාකර සහභාගිත්වය තහවුරු කරන්න. ඉඩකඩ සීමිත ය. ලියාපදිංචි වීම මෙතැනින්: 
 https://goo.gl/forms/7jn0ynGvbTTs3qrI2)

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල