ඉතිහාසය

මඟුල්මඩුවේ වෙල්ලසේ මහවිරු සමරුව අමරපුර හා රාමඤ්ඤ මහනායකවරුන්ට තහනම්

0

1818 දී බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට  විරුද්ධව  ඌව වෙළ්ලස්සේ දී සටන් මෙහෙයවා රජ්‍ය ද්‍රෝහීන් බවට පත් කෙරුනු  නායකයන් අවුරුදු 200 කට පසු පසුගිය මාර්තු පලමුවෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහනුවර ඓතිහාසික මඟුල්මඩුවේ දී  ජාතික වීරයන් බවට පත් කෙරෙන උත්සවයට සහගාගිවීම සෙසු නිකාය දෙකේ මහනායකවරුන් දෙදෙනාට තහනම් කෙරුනේය. මෙසේ තහනම පැනවුනේ අමරපුර නිකායේ මහනායක දවුල්දෙන ඥාණිස්සර හා රාමඤ්ඤ නිකායේ මහනායක නාපාන ප්‍රේමසිරි දෙපොලටය. දළදා මැදුරේ තොරතුරු පවසන ආකාරයට සියම් නිකායේ අස්ගිරි හා මල්වතු පාර්ශවවල මහනායකයන් දෙදෙනා සෙසු නිකායික මහනායකයන් දෙදෙනාට මඟුල් මඩුවට ඇතුලු වීමට ඉඩදිය නොහැකිබව දැඩි විරුදධත්වය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනාදිපති සිරිසේනට අමරපුර හා රාමඤ්ඤ මහනායකවරුන් දෙදෙනාට කෙරුනු ආරාධනය ආපසු ගෙන්වා ගැනීමට සිදුවුනේය.

ලන්කා රාජ්‍යයේ චාරිත්‍රයක් හැටියට මෙබඳු නිල උත්සව පැවැත්වෙන්නේ මහනුවර දළදා මැදුරේ පත්තිරිප්පුවේය. පත්තිරිප්පුවේ මෙම උත්සවය පැවැත්වීමට ආන්ඩුව සූදානම් වූවත් පත්තිරිප්පුවට අමරපුර හා රාමඤ්ඤ නිකායික මහනායකයන්ට ගොඩවීමට ඉඩදිය නොහැකිබ සියම් නිකායේ මහනායකයන් දැනුම්දුන්විට සිරිසේන ආන්ඩුව එම යොජනාව ඉල්ලා අස්කරගෙන මෙම උත්සවය මඟුල් මඩුවේ පවත්වවන තැනට පල්ලන් බැස්සේය. නමුත් මඟුල් මඩුවේ මෙම උත්සවය පැවැත්වීමට සියල්ල සුදානම් කර ආරාධනා කෙරුනු පසු යලිත් සියම් නිකායේ අස්ගිරි හා මල්වතු මහනායකයො දෙපොල අමරපුර හා රාමඤ්ඤ මහනායකයන් දෙපොලට මඟුල්මඩුවටත් ඇතුලුවීමට අවසර දිය නොහැකිබව ආන්ඩුවට දැනුම්දුන්හ. අවසානයේ යහපාලක සිරිසේන කුලවාදි සියම්නිකායික මහනායකයන් ඉදිරියේ දණ ගසා නියෝගය  බරගෙන ස්වකීය නිලධාරීන් යවා අමරපුර හා රාමඤ්ඤ මහනායකයන් දෙදෙනාගෙන් බෑගෑපත්ව සමාව ඉල්ලා සිටියේය.

මෙහි ඇති දේශපාලන සරදම අපුරුය. 1815 දී ශ්‍රි වික්‍රම  රාජසින්හ රජුද උඩරට රාජ්‍යය ද බන්දේසියක තබා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට බාර දුන්නේ මේ එඓතිහාසික මඟුල් මඩුවේදීය.  ඊට අවුරුදු තුනකට පසු එනම් 1818 දී  ඌව වෙල්ලස්ස සටනේ නායකයන්ට ඉන්ග්‍රීසීන් දඬුවම්  ප්‍රකාශයට පත්කලේත් මේ මඟුල්මඩුවේදීය. හරියටම වෙල්ලස්ස සටන් අරඹුනේ 1817 දීය. ඉන් අවුරුදු දෙසීයකට පසු එනම් 2017 දී ඉන්ග්‍රීසීන් රාජ්‍ය ද්‍රෝහීන් බවට පත්කර දඬුවම් දුන් නායකයකයන් ශ්‍රි ලන්කා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වැනි ජනාධිපති යහපාලක සිරිසේනගේ සුරතින්  ජාතික වීරයන් බවට පත්වෙද්දී එම උත්සවයට සහභාගිවීම රටේ සෙසු කුලවල ජනයාට අයත් ප්‍රධාන නිකාය දෙකේ මහනායකය දෙදෙනාට කුලමල හේතුකරගෙන තහනම් කිරීම කවර තරමක දේශපාලන උත්ප්‍රාසයක් දනවන්නක්ද? මේ දේශපාන උත්ප්‍රාසය දෙගුණ තෙඟුන වන්නේ මේ මඟුල්මඩුව දළදා මැදුරේ කොටසක් බව සිහිවීමත් සමඟය. ඉන්දීය කුලවාදයේ මුල්ම හා ප්‍රධානතම විවේචකයාවු සිද්ධාර්ථ ගෞතමයන් ගේ අසුකෙලක්යයි සැලකෙන ධර්මස්කන්ධය ශ්‍රවනය කල බව විශ්වාස කෙරෙන දළදාව හෙවත් දතක් පුදපූජාවට තබා ඇතිතැන එතුමන්ගේ පරිණිර්වානයෙන් වසර 2560 කට එනම් අන්තර්ජාතික වෙසක් උත්සවය සැමරෙන වසරේ දීම ලන්කාවේ බෞද්ධ කුලවාවදය මහනුවරින් එලියට පැනීම පැනීම ලොකයේ බොදු බැතිමතුන් කෙසේ දරාගනු ඇද්ද?

-නන්දන වීරරත්න

සියලු අයිතිවාසිකම් කතුවරයා සතුය.

පින්තූරය – https://www.pinterest.com/pin/331718328780353322/

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල