‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල, කාලීන සංවාද

මෙන්න මඩ ………

Off

බොග්ගන්, ඒ කීවේ බොලොගයන්ගේ කට කණේ වැටිලා ඉහේ මල් පිපිලා ශනිදා වාසනාවක් අරං ටි වී එක ඉස්සරහ ඉන්න ඉන්නවා වගේ සම්මානයක් ලැබෙයිදෝ නොලබයිදෝ කිය කියා ඉන්න මේ කාලේ මේ වගේ අව කැපෙන කථා කියන එක හරිද මන්ද. කොහොම හරි ISIS ත්‍රස්තවාදී අන්තයට හරි constructive criticism අන්තයට හරි, නෙගටිවූ publicity අන්තයට හරි ජෙල අන්තයට හරි ගිහින් මේ පෝස්ටුව නවතියිනේ…………

නම් අඩගහල, ඉල්ලුම්පත්‍ර දාල බ්ලොගාලට සම්මාන දෙන වැඩේ පොඩි අවුලක් මට පේනවා. ගණන් ගන්න එපා…. ඒ සමහරවිට වැඩේ අවුලක් නෙමෙයි මගේ අවුලක් වෙන්න ඇති. බ්ලොග්ගුන්ට සම්මාන දෙන්නේ උන්ව දිරි ගන්වල තව තවත් හොද අහිංසක බ්ලොගයෝ වෙන්න වෙන්ටෑ. බ්ලොගයෝ නම්වූ උපසංස්කෘතිය තව තවත් ඔපමට්ටම් කරලා මහා සංස්කෘතිය ඇතුලේ පොරවල් ටිකක් හදන්න වෙටෑ.

මීට අවුරුදු බර ගානකට ඉස්සර මේ බ්ලොගා ලංකාවේ පත්තරයක ඉන්නකොට මේ වගේ සම්මාන උළලක් තිබ්බ පත්තරකාරයන්ට. (දැනුත් ඇති). මුලදි press council එකෙන්ද කොහේදෝ සල්ලි හම්බ උනා. නම ඇහුවම චූ බර හැදෙන කොලබ තැනක තමයි මෙවුව තිබ්බේ. සම්මාන දිනේ ලන්වෙනකොට මහා සහ හීන් පත්තරකාරයෝ වසර පුරා තමන් කරපු කෙරුවාවල් කපල කොටලා ෆයිල් වල දාල යවනවා. ඊට පස්සේ සම්මාන දවසට ගිහින් ලි කොට කෑලි අරගෙන කාල බීලා ගෙදර එනවා.

දවසක් පොද්දල (ජයන්ත) විනිශ්චය මණ්ඩලයට යොමු කරපු ෆයිල් එක විනිශ්චය මණ්ඩලේ කෙනෙක් ඇහැටවත් දැක්කේ නෑ කියල ප්‍රකාශයක් කළා. පොද්දල කලේ සම්භාව්‍ය සම්මාන රාත්‍රියේ අනාරාධිතවම වේදිකාවට ඇවිල්ල අවනඩුව කිව්වා. ඊට පස්සේ සම්මාන කෙරුවාවේ හිරි ඔතප් කැඩිලා ගියා.

හිරි ඔතප් කැඩුනට පස්සේ සංසර්ගයට අයිතිකාරයෝ නැති වෙනවා. ඒ කාලේ සමහරු යෝජනා කළා යන හැමෝටම සම්මානයක් දෙන්න. අර මගුල් ගෙදරක ගියාම කේක් කෑල්ලක් දෙන්නේ ගෙදර අරන් යන්න.

බ්ලොග් සම්මාන කෙරුවාවෙත් හිරි ඔතප් බිදිලද නැද්ද මං දන්නේ නෑ. මොකද මං ඉන්නේ බ්ලොග් අවුටර්  circle එකෙනුත් එලියෙනේ. මන් කියන්නේ බිදිලා නැතිනම් ඒක කාලය පිළිබද ප්‍රශ්නයක් විතරයි. මොකද බ්ලොග් වැඩේ ‘දියුණු වේගන’ යන වේගෙට market economy තියරි ඔතන්ට එන්න පුළුවන්නේ. එතකොට ස්පොන්සර්  කෙනෙක් ඇවිල්ල සම්මාන ටික තෝරලා දෙයි. එතකොට සම්මාන උළෙල Hilton හෝටලේ තියන්න පුළුවන්. එතකං බ්ලොගාලට තියෙන්නේ පුළුවන් තරං බ්ලොග් ලියල වැඩේ ජනප්‍රිය කරන්න. අර්ජුන් මහේන්ද්‍රන් ගේ රේඩාර් වලට අහුවෙන කම්.

දැන් ජනමාධ්‍ය සම්මාන උළෙලේ හිරි ඔතප් බිදගෙන, බිදගන්නට පෙර සහ පසු පුංචි කල්ට් ලක්ෂණ ටිකක් ආරක්ෂා කරගෙන හිටිය. ඒ කියන්නේ පත්තර කාරයන් විසින් ඔවුන්ටම සම්මාන දී ගන්නවා. සම්මාන රාත්‍රීයේ  ආරාධිත අමුත්තන් ගේ සිට පුටු පුරවන උන් දක්වා ඔක්කොම පත්තර කාරයෝ. උන් උන්ටම සම්මාන දීගෙන ඒ ගැන වාද විවාද කරගත්ත. පස්සේ මේ ස්ට්‍රක්චර් එක පත්තරකාරයෝයි දේශපාලකයොයි මාර්කට් එකේ කොම්පැනි කාරයොයි එකතු වෙලා සන්තෝසයෙන් කඩා ගත්ත.(දැන් කොහොමද දන්නේ නෑ )

ඒත් බොලොගාලගේ උප සංස්කෘතිය එහෙම නෑනේ. අයිඩියෝලොජි ප්‍රශ්නයක් තියනවනේ. එළියේ මොනා උනත් බ්ලොගාලට කමක් නෑනේ. තමාගේ රචනා තමන් විසින්ම ප්‍රකාශයට පත් කරන සර්වබලධාරී හැකියාවෙන් බ්ලොගාලා සුරත්තානයට පත්වෙලා. දැන් ඔය බ්ලොගාලාගේ මානසික de facto leader වෙලා ඉන්න අජිත් පැරකුම් ජයසිංහ ගේ මරාගෙන මැරෙන බ්ලොග් ත්‍රස්තවාදින් නිෂ්පාදනය කරන ෆැක්ටරියේ නිෂ්පාදන වලින් තමයි අවකාශය වැහිලා තියෙන්නේ. අතරින් පතර හතු නොපිපෙනවා නොවේ….

දැන් මෙදා පාර වෝටර්ස් එජ් එකේ සම්මාන දෙනවා කියල ගොඩක් බ්ලොගාල අමන්නාදන්නයට ද මොකටද එකටද පත්වෙලා. (පේන්න තියනවා ) පටන් අරගෙන අවුරුදු කියාද. මාර දියුනුවක්නේ. මේක තව ටිකක් දියුණු කරලා ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල වගේ කරන්න ඕනි. මේ දවස්වල ‘හිට් වෙන’  පොලිටිකල් පොරවල් ටිකක් සහ කොම්පැනියක් අල්ලගත්තම පබ්ලිසිටිය නිකම්ම හම්බ වෙනවා. අනික නිළ නොවන රාජ්‍ය හෙවන යට දේවල් සංවිධානය කරන්න කොච්චර ලේසිද.

මම ඔය මහා බොලොගයෙක් එහෙම නෙමයි. බොගට වාඩි  වෙලා ඉන්න අතර බ්ලොගයක් දෙකක් ලීවට කවුද ගණන් ගන්නේ. ඒත් මට හිතෙනව බ්ලොගයන්ගේ රියල්ටි ෂෝ එකක් එහෙම කරොත් නරකද. එතකොට කවුරු ඇහුවේ නැතත් බෝලොගාලාට සින්දු කියන්නත් පුළුවන්.

සියළු අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය.

http://kahasalli.blogspot.co.uk/2017/03/blog-post_8.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල