‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල, විශේෂ

Off

පහත සඳහන් බ්ලොග් අඩවි 2016 වසර සඳහා වූ සම්මාන සඳහා තේරී තිබෙන බව සංවිධායකයින් දන්වා ඇත.  මේ ඇත්තේ තේරුණු අනු පිළිවෙලට නොවන බව කරුණාවෙන් සලකන්න.

එකොනොමට්ටා

අනිත් කොන 

යාන් හෑල්ල

නිදහස් සිතුවිලි 
ට්‍රාන්සිල්වෙනියා

සොඳුරු සිත 

මෙහිදී බ්ලොග් අඩවි  බොහෝ ගණනක් පළමු වටයේදී නිර්දේශ වී තිබුණු අතර   දෙවන වටයේදී තේරුණු බ්ලොග් අඩවි දෙකක් තර වටයට සහභාගී වීමෙන් ඉවත් විය. ඒ තරුරසී ගේ බ්ලොගය සහ අජිත් පැරකුම් මහතාගේ w3ලංකා බ්ලොගයයි. ඔවුන් දෙදෙනාම අවසන් වටයේ මුල් පෙලට ලකුණු අනුව තේරී තිබුන මුත් තරු රසි මහත්මිය නාට්‍යය සම්බන්ධ කටයුතු වල යෙදෙන බැවින් ඉවත් වීමට තීරණය කළාය . අජිත් පැරකුම් මහතා නෙළුම්  යාය  පදනම වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු වලට සහභාගී වීම කරුණු කොට ගෙන  නිර්දේශ වලින් ඉවත් වෙන බව කාරුණිකව දන්වා   තිබේ.

 

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල