සඳැස් / නිසඳැස්

අප හැර ගිය මහා සිනමාවේදී වසන්ත ඔබේසේකරයන් වෙනුවෙනි.

Off

ඉපැදුණු කෙනෙකු දිනයෙක මියැදෙයි කියන
අනියත දහම නැවතත් සිහිකොට දෙමිණ
සිනමා අඹර දිදුලුණු පුන් සඳ පහන
සදහට නිවුණු බව දැනගන්නට ලැබිණ

ඔබ තැනු ” දියමන්ති” සදහට දිස්නෙ දෙවයි
කවුරුත් කතා කෙරුවේ  ” වෙස්ගත්තො” ගැනයි
” දඩයම” කටුක සත්‍යයකි ඉන් මහද දැවෙයි
” කැඩපත” මවන ” ඡායා” වෙන් ඔබව පෙනෙයි

සිනමා රූපයෙන් පළකොට තම මතය
ඔබ පෑ විකුම් වින්ඳේ නැරඹූ නෙතය
වියදම් කොට දමා සතුවූ හැම සතය
නිමැවූ ඔබේ කෘති මියයන්නේ නැතය

ඔබ අද ගොසිනි අප දිනයක යන ගමන
අමතක වෙලා වාගෙයි නාමය මෙදින
නෙතු අග කඳුළු බේරෙයි මහදින් තැවුණ
පතනෙමි සුබ ගමන් සිත සනසා ගමිණ

අද වසන යොවුන් පරපුර ඔබ ගැන නොදන්නා නමුදු ඔබ අපේ ලොවේ නම් සදහටම මහා වීරයෙකි. ඉතිං මහා සිනමාවේදියාණෙනි, ඔබට සුබ ගමන්!

 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල