‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල, විශේෂ

ෆිලින්ග් ඔසම් විත් නෙලුම් යාය …………………. Hearts are truly touchable; aren’t they?

Off

අද 25 සෙනසුරාදා වෙනදටත් වඩා ටිකක් කලින් ඇහැරුනා.  ගත්තා කෝල් එකක් ලසන්ත්තයට

ටිඉං …ට්‍රිඉන් …ඔබේ අතින් මල් මහලා ටිඉං …ට්‍රිඉන් කරුලු ජෝඩුවක් ටිඉං …ට්‍රිඉන් මතකද ඔබ මට දුන්නා ටිඉං …ට්‍රිඉන් කොට්ට්ටෙට උරයක් ටිඉං …ට්‍රිඉන්…

“හලෝ මචෝ ලසන්ත මම මෙන්ඩ “

“හා ..ඔව් මචං කියහන් මොකද හදිස්සියේ ?”

“හදිස්සියක් නැහැ බං…ගිය මාසේ පඩි ගත්ත වෙලාවේ මම උබ ලග රුපියල් 3000 ක් අරන් තියන්න දුන්නේ මට 25 බ්ලොග් සම්මාන උළෙලකට යන්න තියනවා කියලා”

“මොකා…බ්ලොග් ගල් ?..ඇයි දැන් උබට ගාමන්ට් වල වැඩ කරලා ඇති වෙලාද?”

“නැහැ නැහැ බන් නෙලුම් යාය කියලා බ්ලොග් ලියන උන්ට සම්මාන දෙන උත්සවයක් තියනවා “

“මොනවද බං බ්ලොග් ලියනවා කියන්නේ නවකතා වගේ දෙයක්ද?”

“මේ වෙලාවේ උබ හුයන්නක් කියනවා …මට දැන් උබට ඕක පැහදිලි කර කර ඉන්න වෙලාවක් නැහැ “

“හා..හරි දැන් කියන්හකෝ එහනම් උබ කතා කරේ මොකටද කියලා ?”

“ඒ උත්සවේ තියන්නේ වොටෙර්ස් එජ් එකේ මට එකට යන්න අර 3000 ඕනේ “

“මල කෙලියයි උබ මට කිව්වේ නැහැනේ ඒක අද ඕනේ කියලා “

“ඇයි ගස් ගෙබ්බෝ තොට මම කිව්ව්වේ 25 මට ඒක ඕනේ සඳු ලග තිබුනොත් ඕක මට ලැබෙන්නේ නැහැ ඒක නිසයි උබ ලග තියන්නේ කියලා “

“අනේ මචෝ මම දැන් ඉන්නේ වත්තල සයිට් එකක දැන් මගේ අතේ ඒ තරම් මුදලක් නැහැ ..උබට ඒක හදිස්සි නැති වෙයි කියලා මගේ අතින් ඒක වියදන් උනා “

“මචං පිස්සු කෙලින්න විතරක් එපා ඒකට නොයා ඉන්නවට වඩා හොදයි ලෝකේ තියන අන්තිම අරක්කු බෝතලේ නොබී ඉන්නවා “

“ඉතිං උබ සඳුට පොඩ්ඩක් කියලා බලහන් ඔය කිව්වට සඳු ලග ඇති “

“අනේ මේ උබ රෙද්දක් කතා කරනවා එයාව මේකට එක්කරගෙන යන්නේ නැහැ කියලා ඊයේ ඉදලම මාත් එක්ක වලි දාගෙන ඉන්නේ ..එයාට තේරුම් කරනවට වඩා හොදයි අල්ලපු ගෙදර බල්ලට සිංහල කියලා දෙනවා “

“එහනම් උබ අපේ ගෙදරට ගිහින බලහන් මම ඉනෝකට කතා කරලා බලන්නම් ..හැබැයි ගෙදර තියනවද දන්නේ නැහැ “

“හා මචං එහනම් මම තියන්නම් “

@$^&((&$%^&889965 @#$%&()_*&%$$$$@#$%^^&*(*& $@^()))(*&5#@

ලෝකේ තියන ඔක්කොම කුණුහරප හිතෙන් කියලා මුට බැන්නා . දැන් ඉතින් පලයන්කෝ උගේ ගෙදර . කොට කලිසමකුත් දාගෙන එලියට බහින්න ලැහැස්ති උනා විතරයි. සඳු ………………..

“කොහෙද අයියේ යන්නේ මේ උදේ පාන්දර තවම ඔයා කෑවෙත් නැහැ නේද?”

“මාර වැඩේනේ සඳු ….අදනේ අර බ්ලොග් සම්මාන උළෙල ඒකට යන්න ගිය මාසේ පඩියෙන් රැ 3000 ක් ලසන්තයා ලග අරගෙන තිබ්බා ..දැන් මු කියනවනේ ඒක ඌ ලග නැහැ වියදන් උනා කියලා “

“මොකා….3000 ක් ඔයා මට කිව්වේ නැහැනේ …සාරියට දාන්න අර සෙරෙප්පු දෙක අරගෙන දෙන්න කිව්වහම ඔයා කිව්වේ ලබන මාසේ අරගෙන දෙන්නම් කියලා”

“හරි හරි මම ඉතින් ඒ සල්ලි ඌ ලග අරගෙන තිබ්බේ මේකට යන්නම ඕනේ නිසානේ “

“හොද වැඩේ ඔයා මාවයි බබාවයි එකට එක්කරගෙන යන්නෙත් නැහැ…අනික ඔයාට යන්නම ඕනද?”

“මමී ..මට සම්මානයක් නැති උනාට ඔයා දන්නවනේ මම බ්ලොග් වලින් මොනතරම් දේවල් ඉගනගෙන තියනවද ඒ වගේ එකෙක් සම්මානයක් ගන්නකොට අත් දෙක එකතු කරලා අත්පුඩියක් ගහන්න ලැබෙන එක ඌ වෙනුවෙන් මට කරන්න පුලුවන් උපරිම දේ “

“ඉතින් බ්ලොග් ලියන ගොඩක් අය මමත් අදුරනවනේ ඒ නිසා අපිවත් එක්කරගෙන යන්නකෝ “

“බැහැ සඳු ඒක ඉවර වෙනකොට රැ වෙයි අරක්කු ටිකකුත් බිලා මටනම් බස් එකක හරි එල්ලිලා එන්න පුලුවන් ඔයවයි පුතාවයි එක්කරගෙන ගිහින් එහම කරන්න බැහැනේ “

“මම ඇදුම් අයන් කරලා දෙන්නෙත් නැහැ කිසිම දෙයක් කරලා දෙන්නෙත් නැහැ රැට දොර අරින්නෙත් නැහැ ..තරහයි තරහම තරහයි”..දාහක් නෝක්කාඩු අහගෙන ගියා ලසන්ත්යලගේ ගෙදර …

“ඉනෝකා …ලසන්ත කෝල් එකක් දුන්නද?”

“අනේ ඔව් මෙන්ඩිස් අයියේ ඒ උනාට එයා මට දීලා ගියේ නැහනේ …මගේ අතෙත් නැහැ “

දැන් ඉතින් මොකේද දන් වළදන්නේ කිව්වලු . මේ වෙලාවට තමයි දුලීකා මරපනට 32 B බ්‍රා එකක් අන්ඳන්න හිතෙන්නේ . කප් එක නැති බ්‍රා එකක් වගේ මුනත් හදාගෙන ආවා ගෙදර .

“සඳු …මගේ සුදු පැටියෝ ලබන මාසේ පඩි අරගෙන දෙනකන් මට රැ 2000 ක් දෙන්නකෝ …ඔයාට මම ලස්සන සරියකුත් අරගෙන දෙනවා “

“අනේ ..ඔයාගේ සාරිය …මම ලග නැහැ අයියේ බබාගේ පංතියට දෙන්න තියන සල්ලි විතරයි තියෙන්නේ “

දැන් වෙලාව 2.30 යි දැන්නම් මට ඇඩෙන සයිස් එකට ඇවිත් . ගේ පිටිපස්සට ගිහින් සිගරට් එකකුත් පත්තු කරගෙන ඉදගෙන කල්පනා කරා මොකද කරන්නේ කියලා.  එතකොට සඳු පිටිපස්සෙන් ඇවිත් මම ලගට ඇවිත් කතා කරේ .

“අයියේ ඇයි ඔයා කල්පනා කරන්නේ මම කියන්නේ නැහැ ඔයාට ඕකට නොගිහින් ඉන්න කියලා මම දන්නවා ඔයා බ්‍රා වලට වගේ බ්ලොග් වලටත් ආදරය කරනවා කියලා”

“මට සම්මානයක් නැති උනාට මම උන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියනවා එහම එකේ උන් සම්මානයක් ගන්නකොට අත්පුඩියක් ගහන්න බැරි උනොත් ඒ දුක මගේ ජිවිතේ හැමදාමත් තියෙයි “

“අයියේ මේ ඔයා මට උපන්දිනේට අරගෙන දුන්න මුද්ද මේක තියලා ඔයා සල්ලි ගන්න “

“කමක් නැද්ද මමී ?”

“ඔයා පඩි අරගෙන මට බේරලා දෙන්න ..හැබැයි මට සාරියකුත් අරගෙන ඕනේ. පරිස්සමට ගිහින් එන්න , බිලා පාරේ එනකොට බලගෙන . බ්ලොග් වල හැමෝම මතක් කරා කියන්න “මම නැගිටලා සඳුව ඉම්බා. .

“අනේ යනවා යන්න බොරු ආදරේ ..අන්න ෂිර්ට් එකයි කලිසමයි අයන් කරලා තියෙන්නේ “

“ආත්ම හතකට ඔයාවම හම්බවෙන්න කියලා ඉල්ලන්න හිටියේ එත් ඊලග ආත්ම වල වත්සලයි ශානිකයි දිප්ත්යි ඉල්ලුවනේ “

“මම උබ මරනවා අයිය්යේ “දඩබඩ ගාලා ඇදගෙන ආවා ඇවරිවත්ත්ට

“හා…නගින්න්ඩ් නගින්ඩ් අයිවේ කොලබ අයිවේ කොලබේ කොලබේ “

මේ වෙලාවට තමයි එය්ර් පොර්ට් එකේ ඉදලා කොලබට යන්න ජෙට් එකක් නැති එකේ අඩුව දැන්නෙන්නේ. කමක් නැහැ නැග්ගා හයිවේ කොලබ එකක 18 කනුව වටේට රවුන් ගහලා විනාඩි 30 කට විතර පස්සේ කොහම්හරි දාගත්තා කොලබ එයර්පෝර්ට් හයිවේ එකට, මග දිගට් කෝල් දෙක තුනක් අවා

“මෙන්ඩයියේ උබ කොහෙද ඉන්නේ?”

“හරි බං මම දැන් එන ගමන් ඉන්නේ”

“ආපු ගමන් ඇතුලට වරෙන් අපි ඉන්නවා “

බැහැගත්තා මරදානෙන්. මගේ හදිස්සිය දැනගත්තොත් තුන්සක රියක එකෙක් මාව මරාගෙන කනවා ඒක මගේ සාක්කුවට හොද නැති නිසා මීටරේ තියන තිවිල් එකක් අල්ල ගත්තා.

“අයියේ වොටෙර්ස් එජ් එකට යමුද?”

“කොහෙද මල්ලි ඕක තියෙන්නේ?”

“හුටා මම දන්නෙත් නැහැ ඉන්න බලන්න කෝල් එකක් දාලා අහගමු “

“ට්රින්..ට්රින් මචෝ කොහෙද බන් ඕක තියෙන්නේ “

“දියත උදානය ලගින් වමට හැරියන්” දැන් ඊලග මෙහෙයුම ත්‍රිවිල් අයියට ටෝක් කරලා පුලුවන් තරම් ඉක්මනට එතනට දාගන්න එක.

“අයියේ කඩයක් ලග නවත්තලා සිගරට් දෙකක් ගමුද ? එකක් පත්තු කරලා ඔයාට දෙන්නම් හැබයි මාව පුලුවන් තරම් ඉක්මනට වොටෙර්ස් එජ් ලගට දාන්න ඕනේ” කඩයක ලගින් නවත්තලා උදුරලා වගේ සිගරට් දෙකක් අරගෙන නැග්ගා ආපහු ත්‍රිවිල් එකට දුන්නා එකක් මගේ මාතලී දිව්‍ය පුත්‍රයට…

“අයියේ යමන් අයියේ ඕන පුකක් ප්‍රීති වෙසක් කියලා “

“මල්ලි මීටරේ ගාන වැටුනට හයියෙන් යනකොට තෙල් පිච්චෙනවා වැඩි එහනම් වැඩිපුර 100 ක් දෙන්න “

එල්ලෙන්න වැල් නැතුව ඉන්නකොට මු මට නයිලෝන් කඹ දෙනවා

“හා…කමක් නැහැ අයියේ යමන්”

බැස්සා වතුර විල ලගින් ..

“550ක් දෙන්න මල්ලි”

හතර පාරක් ගනන් කරලා ඇගෙන් ඇටයක් අරගෙන දානවා වගේ 550/= මාතලී දිව්‍ය පුත්‍රයාට දීලා උට දණගහලා වැදලා දොර ලග හිටපු නංගිගෙන් පාර අහගෙන දිව්වා උඩට .

අම්මට හුඩු ග්‍රහලෝකාගරේට ගියා වගේ .හත් අට පොලකින් ඉදගෙන සුදික,නලින් අයියන්ඩිලාට අතට අත දීලා තව දෙතුන් දෙනෙකුට පහක් දාලා අහසෙන් එන්නා ලගට ගිහින් ඒ දෙන්නටම කතා කරලා, සම්මාන ගත්ත වුන්ට අත්වල කරගැට එනකන් අත්පුඩි ගහලා  ඔහම ඉන්න අතරේ, තෙවැනි ඇස දුටු සොබා රූ වේදිකාවට ගියා සම්මානේ ගන්න මට එහා පැත්තේ මෙජ්ජර වෙලා ඉදගෙන ඉදලා තියෙන්න මු …දැන් තමයි දන්නේ . පුටුවෙන් නැගිටලා අත්පුඩියක් ගැහව්වා

මු සම්මානේ අරගෙන ඇවිත් ඒක මගේ අතට දීලා  “මෙන්ඩිස් අයියේ මේ සම්මානේ අයිති උබට” කියලා කියනකොට මගේ ඇස් දෙකට කදුළු පිරුනා . මට අඩේයි කියලා බයට එතනින් නැගිටලා කාර් පිස්සුව ලගට ගියා. ඌ මගේ අතින් අලගෙන

“අයියේ මම උබ වෙනුවෙන් අලුත් කාර් ගැන ලියනවා “කියලා කියනකොට ආයමත් මගේ ඇස් වල කදුළු පිරුනා. ඔය අස්සේ නිවේදිකාව නුතන සේනක බිබිලේට වේදිකාවට කතා කරා සජ්ජා ඇවිත් දුමක් දාන්න යන්න කතා කරා.

පහලට ගියහම නලින් අයියන්ඩි සනස්ගල අදුන්නලා දුන්නා මට ඒකත් ලොකු දෙයක් පොර මාත් එක්ක අතට අත දීලා කතා කරා . ඔන්න ඉතින් පපුව පිරෙන්න නිකොටින් අඩු දුමක් දාලා ඇතුලට එනකොට කන බොන වෙලාව, ඩෙනිම් සාක්කු දෙකට ඒවගෙන් දෙකක් තුනක් ඔබා ගන්න තිබුනානම් සඳුටයි පොඩි මෙන්ඩටයි අරගෙන යනවා ඒ මොකද මම කොහේ ගියත් මොනවා කැවත් ඒ දෙන්නා දන්නවා මම පොඩි කැල්ලක් හරි ඒ දෙන්නා වෙනුවෙන් අරගෙන එනවා කියලා එත් අද එහම  කරන්න බැහැ.

අර දික් දන්ඩක් වගේ උසට උසේ ඉන්න ඉයන් මහත්තයා ගැහණු ළමයෙක්ව අදුන්නලා දුන්නා

“මම එරන්දි “

“මම එරන්දිගේ මහත්තයා “

“මම එරන්දිගේ පුංචි සුරංගනාවී “

“මම එල ද බ්‍රා මෙන්ඩ “

“අනේ අයියේ මම කොහමද උබට එල ද බ්‍රා කියලා ලියන්නේ? මම උබට මෙන්ඩ කියලා ලියන්නම් “

සම්මාන උළෙල්දී මට දැනුන එකම හිත රිදෙන දේ සන්නස්ගල මහත්තයා වේදිකාවට නැගලා මයික් එක අරගෙන ඇහව්වා “සේනක බිබිලේ ගියාද?” කියලා ඒක එතනට ගැලපෙන්නේ නැති කතාවක් කියලා මට හිතෙනවා. පස්සසේ දැනගත්තා මට වගේම එහම දැනුන තව කෙනෙක් ඉදලා කියලා . ඒ මම එරන්දිගේ මහත්තයා .

ඔන්න ඉතින් කොහමින් කොහමින් හරි සම්මාන උළෙල ඉවර වෙලා කමියා මාව සුදික අයියන්ඩිට පන්ගර්තු කරා නෙලුම් යාය පසු සැමරීමේ තැනට අරගෙන එන්න කියලා.

සුදික අයියා කියන්නේ හැලපෙලගේ ගෙදර ගිය වෙලාවෙත් මාව ගෙදරටම ගෙනත් දාලා ගිය එකා ඒ ගැන කිසිම විවාදයක් නැහැ. එත් සුදික අයියන්ඩ් මට මග අරුනා ඒ මම එරන්දිගේ මහත්තයා දාලා එන්න තිබුන ලොබකම උන්දැ එක්ක දවසක් හරි කතා කරන්න ආසා හිතෙනවා.

තව ටිකෙන් ස්කොට්ලන්ඩ්යඩ් එකට එන්න කියන්න වෙනවා මම එරන්දිගේ පෑන හොයන්න හොද වෙලාවට හෝටලේ වැඩ කරන පොඩි එකකේ පැන හොයලා ගෙනත් දුන්නා ඒ පැන නැතුව මම එරන්දි අඩපු අඩිල්ලට දියවන්නාවේ වතුර වැඩි වෙලා හෝටලේ යට වෙනවා.

අරක්කු ටිකක් බොන්න තිබුන පෙරේත කමට මම එරන්දිලගේ පවුලේ අයට යන්නම්වත් කියන්නේ නැතුව දුලිප් මහත්තයාගේ දඩු මොනරේ නැගලා හොටලෙකට ගියා ඒ හෝටලේ මැනේජර් මහත්තයා කිව්වා

“බ්ලොග් ගල් හදන මහත්තරු වගයකුත් ඇවිත් අහලා ගියා”

ආයමත් ඕනයගේ දඩු මොනරේ නැගලා හරි හෝටලේ හොයාගෙන ගියා. ඔන්න ඉතින් ගිටර් බිටර් බන්ජෝ රබන් මැද්දේ බ්‍රෑන්ඩ් එක ගල් කියලා සුද්දා හදපුවා බිලා කන සාක්කුවට වැටිලා බල්ලට මචං කියලා පාන්දර 1.30 ට විතර අඩලා වැලපිලා ඉබලා බදාගෙන අතට අත දීලා අපිට කෙලින් හිටගෙන ඉන්න බැරි උනාට අනිත් උන්ට පරිස්සමට යන්න කියලා ගෙදර එන්න පිටත් උනා .

මාව පන්ගර්තු උනේ අජිත් අයියන්ඩි ගේ යාළුවගේ වාහනේට. හුට්ටප්ප්රේට ගහපු කලාබරේ කිව්වලු මේ පාන්දර අජිත්ට අප්ප කන්න ඕනලු දැන් ඉතින් නාවල, රාජගිරිය බත්තරමුල්ල දෙවනත් වෙන්න ආප්ප හෙව්වා . ආප්ප තියා ආප්ප වටියක්වත් හොයා ගන්න බැරි උනා. අන්තිමට අජිත් අයියගේ යාළුවයි මමයි එංගලන්තෙට ආප්ප එවනවා කියලා පොරොන්දු වෙලා බලෙන් වගේ අජිත් අයියන්ඩිව හෝටලේ ලගින් බස්සලා අපි දෙන්නා එන්න අවා. බොරැල්ල හරියට එනකොට අජිත් අයියගේ යාළුවා කිව්වා

“මල්ලි ඩිසල් කට්ට අන්තිම හරියේ තියෙන්නේ කොහමහරි ෂෙඩ් එකට ගන්න බලමු “ කියලා

චෝ චා චු හුට්ස් පටස් ගාලා ෂෙඩ් එකට මෙහා කලර් ලයිට් එක ලගදී වැන් එක නැවතුනා බීපු අරක්කු මතක් කරගෙන පුර්ෂ දයිර්ය හිතට අරගෙන “හරි අයියින්ඩ් ඔයා ඉන්න මම තල්ලු කරන්නම් කියලා” තල්ලු කරා ෂෙඩ් එකට වැන් එක. ඉත්රු අරක්කු බාගයක් සාක්කුවේ දාගෙන ඇවිත් තිබුනම එතනම බොනවා බිලා එතනම නිදා ගන්නවා. මාව කොටුවට ගෙනත් දාලා ඒ අයියා ගියා.

“හා…නගින්ඩ නගින්ඩ් ජපානේ එංගලන්තේ ප්‍රන්ස්ය ජර්මන්යිය අප්‍රිකාව නගින්න්දේ නගින්ඩ් …” කොන්දොස්තර මල්ලි කෙනෙක් බස් එකක දොරේ එල්ලිලා කෑ ගහනවා ..

“මල්ලි..ගුවන් තොටුපලට යන්න පලුවන්ද?”

“නගින්න මහත්තයා නගන්න  හා…නගින්ඩ නගින්ඩ් ජපානේ එංගලන්තේ ප්‍රන්ස්ය ජර්මන්යිය අප්‍රිකාව නගින්ඩ නගින්ඩ් ඔය ඕන තැනකට යන්න පුලුවන් නගින්න “ “නැගලා ඉදගන්න “

පාන්දර 4ට විතර එය්ර් පොර්ට් එකෙන් බැහැලා ත්‍රිවිල් මල්ලි කෙනකුට 350/= දීලා අතේ තිබුන අන්තිම 150/= ට අර දෙන්නට චොක්ලට් දෙකකුත් අරගෙන සිගරට් එකකුත් පත්තු කරගෙන ගෙදර ඇවිත් නිදා ගත්තා.

දහම් පාසලේ ඉස්ට්ජ් එකට නැගලා හමදුරුවන්ගෙන් සහතික ගත්ත මට සහතික නැතත් පිටු 40 තනි රුල් පොත් දෙකක් කවරෙක දාලා මටත් අර ඉස්ට්ජ් එකට කතා කරලා දීපල්ලා කවුරු මොනවා කිව්වත් ඒ වෙලාවට දැන්නෙන අඩාම්බර්ය මුළු ජිවිත කාලෙම මතක හිටිනවා.

හැබැයි ඒ තෑග්ග ඇවිද්ද පයේ සුදික අයියන්ඩි අතින් දෙනවනම් ඒ වෙලාවට ගන්න පොටෝ කැල්ල වයසට ගිය කලෙක පොඩි මෙන්ඩ ගේ පොඩි එකට පෙන්නලා හිනා වෙන්න පුලුවන්

“ලෝඕ…ලෝඕ …මටත් ඒ කාලේ තෑග්ගක් හබ්වෙලා තියනවා” කියලා …

මම කවදවත් බ්ලොග් එකක් පටන් ගන්නේ නැහැ හැමදාමත් මම උබලගේ ආදරණිය කමෙන්ට්කරු ..එත් ඉදලා හිටලා මේ වගේ හිතට දැන්නෙන දෙයක් ලියලා දාන්න උබලා කගේ හරි බ්ලොග් එකක පොඩි ඉඩක් දෙනවනම්…

මට හිතට දැන්නෙන දේ ලිව්වා මේක කියවලා බනිනවානම් බැන්හල්ලා..එත් මම තරහා නැහැ.

– මම එල ද බ්‍රා මෙන්ඩා .

******************************************

මේක මට එවල දවස් දෙකක්.. නොවැලක්විය හැකි හේතුවක් නිසා ලැප්ටොප් එකවත් දිග ඇර ගන්න බැරුව හිටපු නිසා පබිලිෂ් කරගන්න බැරි උනා.. මෙන්ඩ සමා වෙයන්.. අද ඉඳන් මේ බ්ලොග් එකේ සම අයිතිකරුවෙක් උඹත්.. ජයවේවා!

– මම කල්‍යාණ මිත්‍ර.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල