කාලීන සංවාද

මං මිණි මරුවෙක් නෑ …නෑ අසාධාරණයට ලක්වෙච්ච අහිංසකයෙක් – හෘද සාක්ෂියේ හඞ

0

මම මිනී මරුවෙක්මි.

මට සමා වන්න..

මම ගිණි මද්දහනේ මං මාවත්  දිගේ ඇවිද යන කොට අයිස්පලමක් ලෙව කන්ඩ ලැබුනොත් මට ඒක එවෙලෙට දැනුනෙ අමෘත්තයක් වගේ…

ඒකෙ කොලේ මං මහ පාරෙ දැම්මෙ බෑක්කෙකට දැම්මොත් මාස ගානක් ඒක ඇතුලෙම රැඳිල තියන නිසා..ඊට වඩා ලේසියි එතැනම  විසි කරල දාන එක.බස්සෙකේදි කාපු රටකජු පොතු ,ටිපිටිප් බෑග් එහෙම එතනම දැම්මෙ  එව්ව ගෙදර ගෙනල්ල පුච්චන්න තිබුන කම්මැලි කමට.

අද විසි කල යුතු දේ අදම විසි කරන්නයි පොතේ තියෙන්නෙ..

ඒකයි මං එහෙම කලේ.ඒත් මෙච්චර අපරාධයක් වෙයි කියල මං හීනෙන් වත් හිතුවෙ නෑ..

ඒක හංද අද පංසීයකට වැඩි පිරිසකට ගෙවල් දොරවල් අහිමි වෙලා

.එකොලහකට විතර ජීවිතේ අහිමි වෙලා..

අනේ දෙවියනේ මට සමා වෙන්න

ජන්දෙදි තට්ටුමාරු ක්‍රමයට තාප්ප දිගේ ඇලවෙන පෝස්ටර් දිහා බලං උන්නෙ විනෝදෙන්.එයාලගෙ එක එක පණ්ඩිත පාඨ ඉස්පිලි පාපිලි එකතු කොරල අඩු කොරල විකුර්ති කරල යාළුවොක් එක්ක මං විනොද වුන තරං කියල නිම කරන්ඩ බෑ..

එව්ව කොහොම වුනත් වැඩි පුරම හීන පෙන්නපු එවුන් ට මං අකමැතියි කියල ඡන්ද පොලට ගිහින් වැරැද්දක් දාන්නත් මං අමතක කලේ නෑ.

.

මං හිතුව උන් පෙන්නපු හීන අපේ ඇස් පනා පිට හැබෑ වෙයි කියල.මිහිපිට සුවර්ගෙ මැවෙන දවසට ඇහැ අරින්නං කියල හොර නිංදක මං උන්නෙ..

ඒත් මං ඇහැරෙන කොට මං මිනී මරුවෙක් වෙලා..

මට පොරොංදු දුන්න උන් එක එකාට බෝලෙ පාස් කරනව…

ඒත් උන් එකෙකුටවත් බැරි වෙලා කුණු කන්දක් විනාස කරල දාන්ඩ.

කුණුකන්ද අපේම උන් විනාස කරල දානකල්

මං උන්ව විස්වාස කරල වැරදි දැම්මට මට මෙහෙම වෙලා මදි …

මාව මිනී මරුවෙක් කරල මදි

————————————-

නෑ..නෑ… මං වැරදි නෑ.

.මං මිනී මරුවෙකුත් නෙමෙයි…

මං සමාව ඉල්ලන්නෙත් නෑ

මං වැරදි අවබෝදෙක හිටපු මන්දබුද්ධිකයෙක්..

දැනුයි මගේ මොලේ පෑදුනේ…

මං සීනි බෝල කතා වලට රැවටුන අහිංසක පුංචි ළමයෙක්..

එයාල කියපු සුරංගනා කතා විස්වාස කරල ගමරාල වගේ අලියගෙ නැට්ටෙ එල්ලිලා දිවිය ලෝකෙ යන්ඩ බලං උන්න.

ඒත් අලියෙක් තියා කූඹියෙක්වත් මං ගාවට ආවෙ නෑ..වරෙං මගෙ නැට්ටෙ එල්ලිලා  දිවිය ලෝකෙ යන්ඩ කියල.

.ඉතිං ඒකට මං වැරදිද??

මමයි මෙතන අසධාරණයට ලක් වෙච්ච කෙනා.

.

ඇයි ඔයාල කුණු කන්ද යට හිටියෙ.ව

ර්ග මීටර් හැට පන්දාස් ගානක වර්ග පලයක් තියන අම්මට සිරි ලංකාවෙ වෙන තැනකට ගියේ නැත්තෙ..

ඔයාලට සියදිවි නසා ගන්න නේද උවමනා වුනේ.

.ඒක නීතියට පටහැනියි..ධර්මයටත් පටහැනියි…

බලධාරීනි මී තොට මුල්ල කුණු කන්ද යටට රිංගා සිය දිවි නා ගත් උන් හා ඊට උත්සහා දරා හොස්පිටිතාලයේ ලගින උන් වහා අත් අඩංගුවට ගනු…

(මී තොට මුල්ල කුණු කන්දෙන් හිරිහැරයට පත් උදවිය වෙනුවෙන් මගේ හදවතේ ගැඹුරිංම උපන් ශෝකය ප්‍රකාශ කරමි..උඹලාගේ කඳුලේ අළුත් අවුරුද්දු ප්‍රිතිය දියවී ගියේය..දැන් වත් අදාල බලධාරීන්ගේ ඇස් ඇරේවා!!අපේ කුණු අපිම විනාශ කරමු.එවිට අනුන් අපේ කුණු වලින් පීඩාවට පත්වෙනු නැත)

උපුටා ගැනීම

වත්සලා විජේරත්න

කැළේ පිපුන මල් බ්ලොග් අඩවිය 

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල