සංගීතය

ගිටාර් වාදනය ඉගෙන ගනිමු – හත් වන කොටස

Off

සුභ දවසක් වේවා සියළු දෙනාටම. අලුත් අවුරුද්දේ මගේ දෙවන පෝස්ට් එක විදිහට ඔන්න මම මෙතෙක් සාකච්ඡා කරන් ආව ගිටාර් පාඩම් මාලාවට අදාල ලිපියක් තමා ගේන්නෙ. මෙතෙක් අපි කතා කලේ මේජර් මයිනර් කෝඩ්ස් අල්ලන මූලික ක්‍රම ගැනයි. එසේ මේජර් මයිනර් කෝඩ්ස් ඇල්ලිය හැකි මූලික ක්‍රම තුනක් තිබෙන බව මම කලින් ලිපි වල පැවසුවා ඔබට මතක ඇති. අද කතා කරන්නේ අවසන් ක්‍රමය එසේ නොමැති නම් තුන් වන ක්‍රමය ගැනයි. මෙම ලිපිය අවසානයේදී ඔබට මේජර් මයිනර් කෝඩ්ස් මුලිකව ඇල්ලිය හැකි සියළුම ආකාර කියා දී අවසානයි. ඉතින් මෙම ලිපියෙන් පසුව ඉදිරියේදී මම සැලසුම් කරගෙන සිටින්නේ ගීත කිහිපයක් පුරුදු වීමට යොමු වීමටයි. එම ගීත ආශ්‍රයෙන්ම ස්ට්‍රමින්ග්ස් ගැනත් කතා කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම මේජර් මයිනර් කෝඩ්ස් වලට අමතරව ඇති කෝඩ්ස් ගැනත් එම ගීත පුහුණු වීමේ අභ්‍යාස වලදීම කතා කරන්න බලාපොරොත්තු වෙනව. මෙතෙක් කල් කතා කරපු සිද්දාන්ත කරුණු වැඩියි සහ ටිකක් එපා වෙන ගතියක් තියෙනව කියන එක මමත් දන්නව. නමුත් එම කරුණු නොමැතිව ගීත පුහුණු වීමට අපහසු වන නිසා තමයි මම මේ සිද්දාන්ත කරුණු ටික ගැන ළඟ ළඟ පොස්ට් කිහිපයකින්ම කතා කලේ. ඉතින් එම සිද්දාන්ත කරුණු අද පෝස්ට් එකෙන් අවසන් වෙනවා. ඉතින් මෙම ක්‍රමයත් අවධානය සහ උනන්දුව යොමු කරල ඉගෙන ගන්න. ඊළඟ පෝස්ට් එකේ ඉඳන් ඔයාල කැමති ප්‍රසිද්ධ ගීත කිසිම අපහසුවකින් තොරව පුහුණු වීමට එවිට හැකියාව ලැබෙයි.

අපි බලමු අද පුරුදු වෙන කෝඩ්ස් අල්ලන්නේ කොහොමද කියල. මෙම කෝඩ්ස් අල්ලන ක්‍රමය විකාශනය වෙන්නෙ ඕපන් කෝඩ්ස් වල D මේජර්/මයිනර් කෝඩ් එක ආශ්‍රය කරගෙනයි. අපි බලමු ෆ්රෙට් බෝඩ් එකේ එම කෝඩ්ස් වලට අදාළව ස්වර පිහිටල තියෙන්නෙ කොහොමද කියල.

FRETBOARD

 

එම කෝඩ්ස් අල්ලද්දී ඇඟිලි තබා ගන්නෙ මේ විදිහට
මේජර්

kM

 

 

 

 

 

 

මයිනර්

kMM

 

 

 

 

 

 

මේජර් කෝඩ්ස්

M1

 

 

 

 

 

 

 

 

 

ඉතින් මෙම කෝඩ්ස් ටික හොඳින් ඇල්ලීමට පුහුණු වෙන්න. මොකද ඊළඟ පෝස්ට් එකේ ඉඳන් අපි ගීත අභ්‍යාස කරද්දී ඔය කෝඩ්ස් අල්ලන ක්‍රම සියල්ලම භාවිතා කිරීමට සිදු වෙනවා. ඉතින් දැන් සියළුම මූලික ක්‍රම කියා දී අවසාන නිසා කිසිම අපහසුවකින් තොරව අපිට ගීත අභ්‍යාස සඳහා යොමු වීමට පුළුවන්.හොඳයි එහෙනම් ඉදිරියේදී නැවතත් පෝස්ට් එකකින් හමු වෙමු. සියළු දෙනාටම ජය වේවා!!!

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල