විවිධාංග, විශේෂ

නෙළුම් යාය පදනම සහ සමාජ සත්කාරක වැඩ

Off

පසුගිය 2017  මාර්තු මාසයේ පැවති  සම්මාන උළෙලින් පසුව නෙලුම් යාය පදනම නියෝජනය කරමින් රූපවාහිනී සාකච්ඡාවකදී රාධා කෝදාගොඩ මෙනෙවිය පළ කළ අදහස් ගැන කිසියම් පැහැදිලි කිරීමක් සිදු කිරීම  අවශ්‍ය යයි සිතමි.  ඇය එම සාකච්ඡාවේදී සැළකිල්ලට ගත්  උදාහරණය නම් නෙළුම් යාය වෙබ් අඩවිය සංවිධානය කළ මොණරාගල මියාගල විදුහලට ජලය ලබා දීමේ ව්‍යාපෘතියයි. නෙළුම් යාය කියා කීවේ ඉන්දික කොඩිතුවක්කු මහතාගේ ඔත්තුවකට ඔවුන්ට ඇති මුදල් ප්‍රමාණය මදි නිසා නෙළුම් යායෙන් කරන්නට පුළුවන් දි විමසා බැලීමක්  කළ බව සුමිත් කලණසිරි මහතා විසින් කළ  දැන්වීම හේතුවෙනි. ඒ ඊමේල් මා  සතුව තිබේ.  ඒ පිලිබඳ සියලු විස්තර සුමිත් හෙවත් කල්‍යාණ මිත්‍ර ලියු මේ බ්ලොග් ලිපි වල ඇත. වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… මොණරාගල වතුර project grand finale”

ඉතින් මේ ව්‍යාපෘතිය කලාහිතේ සුමිත් කලණසිරි, කටුසු හදවත, ප්‍රසන්න, ලංකා නිව්ස් වෙබ් හි  උපුල් ආදී සියල්ලගේ සහයෝගයෙන් කල බවත් මතක ඇති. එහි වැඩිම මුදල් ප්‍රමාණය ඉන්දික හා ඉයන් විසින් සපයා ඇති බවත් ඉන්පසු නෙළුම් යාය (චන්දිම) විසින් සපයා ඇති බවත් දැන  ගතිමි. එසේම  මාද ඇතුළුව   රසික, භාග්‍යා,  තිලක සිත, සිත් ආර , සජ්ජා , කවිඳු, මෙත්මා, සඳ වියමන් ආදී බොහෝ අයද උදව් කළ අය අතර විය.

රාධා කෝදාගොඩ මෙනෙවිය එදා පැවසුවේ අපි CSR ව්‍යපෘති නෙළුම් යායපදනම  හරහා කරනවා යන්නය. CSR  හෙවත් corporate social responsibility යනු සමාගම් විසින් තම ව්‍යාපාර මගින්  සමාජ වලට හා පාරිසරික පද්ධතීන්  වලට වන බලපෑම්  වන හානිය අඩු කිරීමට සමාජ සත්කාරක ව්‍යාපාර මගින් දායක වීමකි.  එසේම තම ව්‍යාපාරයේ දියුණුවත් සමග ව්‍යාපාරයේ අඩිතාලම දමා ඇති සමාජයේ දියුණුවටද ආයෝජනය කිරීම  හා අදාල ජන කණ්ඩායම් වල හිතසුව සඳහා දායක වීමද එසේ හැඳින්විය හැකිය. ඒ සඳහා උදාහරණයකට ගත්තේ මියාගල පාසැලට  ජලය ලබා දීමයි.

දේශපාලකයකු වන නන්දන ගුණතිලක මහතා ඒවා දේශපාලකයන්ට භාර නොදෙන්නේ ඇයි දැයි අසා තිබුණි. මගේ පෞද්ගලික අදහස නම් දේශපාලකයන් ට පොල් ගගා  නොසිට  මෙවැනි දේ කිරීමට පසුගිය අවුරුදු 66 කාලයක්ම තිබුණාය යන්නය. ඔවුන් නොකර සිට ඇත්තේද ඒවාය.

නෙළුම් යාය විසින් කඳුකරයේ  පාසැල් වල ව්‍යාපෘතීන් කිහිපයක් ද ක්‍රියාත්මක කර තිබුණි. සමහර ඒවාට බ්ලොග්කරුවන් ද දායක වී තිබුණි. (නෙළුම් යායෙන් තලවකැලේ ට නෑගම් යාම)

මේ ලඟදි සිරාගේ කාමරේ බ්ලොගය ලියන  මහත්මයා ඇතුළු කණ්ඩායම  ඉතා සාර්ථක ව්‍යාපෘතියක් කිසිවකුගේ බාහිර උපකාරයක් නොමැතිව ස්වාධීනව ක්‍රියාත්මක කර තිබුණි.

පදනමේ අදහස නම් ප්‍රශ්න ඇති තැන් ආදිය  බ්ලොග්කරුවන් මගින් හඳුනාගෙන ඒ ස්ථාන වලට ආධාර දීමේ ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමයි. මෙහිදී බ්ලොග්කරුවන්ගේ මුදල් දායකත්වයක්  බලාපොරොත්තු වන්නේ නැත. ඒ වෙනුවට ඒ සඳහා කැමැත්ත පල කරන ව්‍යාපාරික ස්ථාන වලට දන්වා සමාජ සත්කාරක වැඩ සටහන් වලට  සංවිධානාත්මක ලෙස මැදිහත්වීමක් කිරීමක් පදනම මගින් කරනු ලැබේ.

මෙහිදී පැහැදිලි කිරීමක් කල යුතුය. අප මුලින් රත්නපුරයේ, බදුල්ලේ හා ඉහත කි මොණරාගල ආදියේ  කල සුළු ආධාර ව්‍යපෘති මා ඇතුළු බ්ලොග්කරුවන් ගෙන්   මුදල් එකතු කර කළ ඒවාය. නෙළුම් යාය පදනමෙන් කරන්නේ වෙනස් දෙයකි. බ්ලොග්කරුවන්ගෙන් එවන් ආධාර අවශ්‍ය තැන් ගැන විස්තර ලබාගෙන ඒ සඳහා  උදව් කිරීමට කැමැත්ත පළ කර ඇති සමාගම් වලට දන්වා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම ඔවුන්ගේ අදහසයි.

ලංකා බ්ලොග් සංසදය නම් සංවිධානයක් (පදනමක්)  ගැන කතා කළද එය පිහිටුවා නැත. එයට මාතලන් සහ කල්‍යාණ මිත්‍ර ආදී බ්ලොග්කරුවන් සම්බන්ධ කරවීම සඳහා ආරාධනා කර තිබු මුත්ඔවුන් ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබුණි. මේ නිසා ඒ වෙනුවට නෙළුම් යාය පදනම පිහිටුවීමට සංවිධායකයන් තීරණය කරන ලද බව අනුමාන කරමි.

නෙළුම් යාය පදනම ක්‍රියාත්මක වන්නේ ලංකානිව්ස්වෙබ් කාර්යාලය හරහාය. මට දන්වා  ඇත්තේ ලංකානිව්ස්වෙබ් කර්තෘ වරුන් එහි විධායක සාමාජිකයන් බවයි.  මට මෙම පදනමේ මුල්‍ය කටයුතු ගැන අවබෝධයක් නැති අතර එසේම එයත් අනිකුත් දායක සමාගම් අතර ඇති සම්බන්ධයන් ගැන අදහසක්ද නැත. මා  පසුගිය කාලයේ කලේ කිසියම් බ්ලොග්කරුවන් සමුහයක් ආධාර අවශ්‍ය  තැනක් ගැන සඳහන් කල විට එය නෙලුම් යායේ පළකර ඔවුන්ගේ අවධානයට යොමු කිරීම හෝ ඒ සම්බන්ධව විද්‍යුත් තැපෑලක් යැවීම  පමණකි.

මා දන්නා පරිදි මිළඟ 2018 සම්මාන උළෙලද නෙළුම් යාය පදනමින් සංවිධානය වනු ඇත.  සම්මාන සඳහා තෝරා ගන්නා  බ්ලොග් බොහෝවිට නෙළුම් යාය වෙබ් අඩවියේ පල කරන ලද ඒවා විය හැක. සම්මාන  උළෙලේ සංවිධාන කටයුතු වලට  සම්බන්ධ වීමට අවශ්‍ය නම් පහත දක්වා ඇති ඊමේල් ලිපිනයන් හරහා එය කළ හැකිය.

එසේම මීලඟ නෙලුම් යාය සමාජ සත්කාරක ව්‍යාපෘතිය ලංකාවේ ඩෙංගු උවදුර මර්දනය කිරීම  සඳහා කරන සටනට බැඳී තිබේ. බොහෝ සමාගම් මෙයට අනුග්‍රහ දැක්වීමට කැමැත්ත පල කර ඇතැයි පදනම දන්වා තිබේ.  බ්ලොග්කරුවන්ගේ ද සහය ලබා ගැනීමට එහි සංවිධායක නෙලුම් යාය පදනම අපේක්ෂා කරන බව දන්වා තිබේ.  ඒ සඳහා සහයෝගය දීමට කැමැති අය  පහත ඊමේල් ලිපිනයන් වලට දන්වන්න.

editor@nelumyaya.com,

deputyeditor@lankanewsweb.net

editor@lankanewsweb.com>

editor@lankanewsweb.net

සංස්කාරක – නෙළුම් යාය

 

ප්‍රතිචාර :

  1. පැතුම් පුබුදුවා රටකට වැඩක් ඇතී
    කෙරුම් දුටුවිටදි සතුටින් පිනායතී
    උතුම් උදව් සමාජයට ඕන වෙතී
    නෙලුම් පදනමට සුපැතුම් පුදමි බැතී….

    ජයවේවා!!!


  2. ගලුත් එනව මලුත් එනව ඒව සමසිතින් ඉවසා කරන කාර්යය අවුලක් නැතිව කරගැනීමයි වැදගත්.
    අනුරාධා ගැන නං හුඟ අයට ප්‍රශ්න තිබෙනවා දුටුවා. ඒවත් අවම වෙන්න තිබ්බ ක්ලොස් ගතිය අවම කරල තව ටිකක් ඕපන් වුණා නම් මට හිතුණ හැටියට
    නමුත් මං කියනනෙ කවුරු මොනව කිව්වත් මල් පුදන අයට තුති පුදන්නවත් ගල් ගහන අයට ගල් ගහන්නවත් නොයා තවලම ඉදිරියට යා යුතුයි කියල පමණයි


  3. සමාවෙන්න මේක මෙතන ලියනවට. මං අකමැති දෙයක් තමයි පොල්ලෙං ගහන්නා වගේ කොමෙන්ට් ලියන එක. මං කැමති කාටත් විහිලුවක් කරගෙන ජොලියෙන් මේ බ්ලොග් ලෝකෙ ඉන්නයි. නමුත් මේක මෙතන ලියන්න වෙනවා. ඒකයි මුලිම්ම සමාවෙන්න කිව්වෙ. මෙතන ඔබ නන්දන ගුණතිලකට දීල තියෙන උත්තරේ එදා සජීවී සාකච්ඡාවෙදි දෙන්න කෙනෙක් හිටියෙ නෑ. ඒකට උත්තරේ දෙන්න තිබ්බෙ එතැනදි. එදා උත්තරේ දෙන්න පුළුවන් මට්ටමේ කෙනෙක් හිටියෙ ඔබ විතරයි. මොකද මීයාගලට වතුර දෙන්න ගිය ව්යානපෘතිය ගැන දන්නෙ එතන හිටි අයගෙන් ඔබ විතරයි. එදා ඒ වැඩසටහනට සහභාගි වුනු පිරිසගෙන් ඔබ හැර අනෙක් තුන්දෙනාම බ්ලොග් ප්රිවර්ධනයට නම් වැඩකට නැහැ. බ්ලොග් ගැන කතා කරන්න එතැන හිටිය සක්රීැය බ්ලොග් කරුවො දෙන්නයි. එයිනුත් බහුතරයක් බ්ලොග් ලියන්නො එක්ක මුහුවෙන තරමෙ හිටියෙ ඔබ විතරයි. අජිත් පැරකුම් කියන්නෙ අනුංගෙ බ්ලොග් අතරට නොයන ඒවයෙ තියෙන ඒවා කලුද සුදුදැයි නොදන්න යාවත්කාල නොවූ ලියන්නෙක්. නාලක ගුණවර්ධන කියන්නෙ පැන්ෂන් ගිය බ්ලොග්කරුවෙක්. අනුරාධා කෝදාගොඩ කියන්නෙ බ්ලොග් එකක අග මුල නොදන්න කෙනෙක්. ඒක ඇයම පැහැදිලි කලා. එතකොට ඒ වැඩසටහන ෆේල්. ඒක පැත්තකට දාමු.

    අනුරාධා කියන විදිහට එයාලා බ්ලොග්කරුවන්ගෙන් තොරතුරු ලබාගෙන ඒ අනුව ව්යා්පෘති කරනවනං බ්ලොග්කරුවො ලියන එවැනි උපකාර අවශ්යතතා ගැන විස්තර වලට සංවේදී වෙන්න ඕනැ. ඒ කාලෙ රටේ අසරණ වූ අය ගැන අවශ්යනතා ගැන බ්ලොග්කරුවන් අතරින් මතුවුනා. ඒ අතරින් කිසිවකට නෙළුම්යාය පදනම සංවේදී වුනාද කියන ගැටළුව තියෙනවා. ගියවර සම්මානලාභී සොඳුරුසිත ලියන උපමාලි පවා ගංවතුරෙන් පීඩාවට පත්වුනා. නෙලුම්යායට ඇයව මතක්වුනාද? බ්ලොග්කරුවො අතර ඉන්න බැහැලම වැඩ වර්ගෙ සමාජ සේවකයො අයෙක්වත් මෙතැනට එක්කහු කරගෙන නැහැ. විපතට පත්වූ අයට වියලි ආහාර සලාක බෙදීමට වඩා එහා ගිය කටයුත්තක් කරන්න සමාජයට වඩා සංවේදී පිරිසක් විදිහට බ්ලොග්කරුවන්ව සම්බන්ධ කරගන්න තිබුණා. අපේ බ්ලොග්කරුවො සමහර දේවල්වලට උදව් ඉල්ලල තිබුනා. නමුත් ඒ එකක්වත් නෙළුම් යාය දැක්කෙ නැහැ. එහෙම වුනානම් කන්ටේනරයක් පුරවලා ගෙනියන්න ද්රනව්යඑ රැස් කරන්න පුළුවන් වෙන්න තිබුණා.

    පුංචි උදාහරණයකට කිව්වොත් එක පැය බාගයක් ඇතුළත කාරෙකේ ඩිකියෙත්, පිටිපස්සෙ සීට් එකෙත් පුරවලා දෙපාරකට අදින්න වෙන තරම් බඩුගොඩක් එක්කහු කරගන්න යන්තම් ලියන්නෙක් වන මට එක වචනෙන් පුළුවන් උණා. එයිට වඩා හැකියාව ඇත්තෝ බ්ලොග් ඇතුලෙ ඉන්නවා. නෙළුම්යාය නමත් එක්ක විශාල මෙහෙවරක් කරන්න පුළුවන් විශාල බ්ලොග් ලියන්නො වගේම කියවන්නො රැසක් ඉන්නවා. නමුත් ඒ කිසිවෙක් මේ කියන නෙළුම්යායෙ සහනාධාර කටයුතුවලට එකතු වෙලා නැහැ. ඒ ගැන බලද්දි නෙළුම්යායට ගොඩක් දෙනෙක් අහිමිවෙලා. රටේ අස්සක් මුල්ලක් ගානෙ දන්න බ්ලොග්කරුවන්ගෙ මගපෙන්වීමෙන් තව බොහෝ දේවල් කරන්න පුළුවන් කම තිබුණා. කොටිම්ම නෙළුම්යාය බ්ලොග්කරුවො එක්ක හිටියනම් වියළි ආධාර වුනත් කන්ටේනර් දෙකක පුරවන්න තිවුනා.

    කොච්චර සල්ලි එක්කහු වුනත් සංවිධානය දුර්වල නම් එතන ගැටළුවක් වෙනවා. බ්ලොග් ඇතුලෙ මම දන්න හොඳම සංවිධායකයො රැසක් ඉන්නව. ඒ අතරින් කලණසිරි විශේෂයි. තමුන්ගෙ බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්න කාලෙදිත් ඔහුට ලැබුණු නිවාඩුවෙදි සිය දරුපවුල බලන්න ගෙදර නොගිහින් ඒ වෙනුවට ඔහු මීයාගලට වතුර අරන් දෙන්න යනව. ලක්ෂ ගණනක් සල්ලි කිසිම නාහෙං ඇඬිල්ලක් නැතුව නැතිවීමක් නැතුව සංසරණය වෙනව. දේශපාලනඥයින්ට බැරි වැඩ කරන්න මේ මිනිස්සුන්ට පුළුවන් වෙනව. වැඩක් කරලා හිතේ සතුට විතරක් ඉතුරු කරගෙන කරපු වැඩේට අපරිමිත අගයක් ලබාදෙන්න එදා ඒ පිරිසට පුළුවන් වෙනව.

    ඒ හින්දා ඔබේ වචනයෙන් කියතොත් /අප මුලින් රත්නපුරයේ, බදුල්ලේ හා ඉහත කි මොණරාගල ආදියේ කල සුළු ආධාර ව්ය පෘති මා ඇතුළු බ්ලොග්කරුවන් ගෙන් මුදල් එකතු කර කළ ඒවාය./ කියන කොටසේ තියෙන සුළු ආධාර ව්යායපෘති මට නම් මහා සමාජ සේවා ව්යාඇපෘති. මහා කැපකිරීම්.

    දරුණු විදිහට ආබාධ වෙලා හිටියත් පහුගිය කාලෙ ගස්ලබ්බා ගෙවල් හදපු හැටිත් මතකයි නේද? ඒ වගේම තමයි තව නොයෙක් විදිහට බ්ලොග්කරුවො “නෙලුම්යාය” කියන නම සමාජය අතරට ගෙනගියා. එහෙව් නෙලුම් යායක නම අර සිංගල් වීල් ලොරි බාගෙ දෙපැත්තෙ ගහල තියෙන හැටි දැක්කම මට දුක හිතුනා. අජිත් මහත්තයෝ නෙලුම්යාය අනුරාධා කෝදාගොඩ ප්රගධාන පිරිස අතට යද්දි මානව සම්පත හැලුනා. නෙලුම් යායට අතගහල බාරගත්ත පිරිස බ්ලොග් ලියන්නො සහ කියවන්නො දෙගොල්ලම අමතක කරලා. ඔබට පුළුවන්නම් නෙලුම්යායේ නව භාරකරුවන්ට ඇඟිල්ලෙන් ඇනලා පෙන්වන්න මේක. ඔවුන්ට අතහැරුණු කොටසක් තියෙනවා. ආයෙ අල්ලගන්න බැරි වෙන්නම.


  4. නෙළුම්‍ යායේ ඉදිරි වැඩකටයුතු වලට මගේ සුභ පැතුම්!


Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල