සඳැස් / නිසඳැස්

එයා මැරුණෙ නෑ.

Off

මං යනව… කොහෙ හරි අන්තර්ධාන වෙලා වගේ ඉදල එක පාරටම හුඟ දවසකට පස්සෙ මාව හම්බ වුණ පළවෙනි දවසෙම ඔහු කිව්ව වචනය. ඒත් ඒ ගැන හිතන්නෙ නැතිවම  කොහෙද..? මං ඇහුවෙ එච්චරයි. දන්නෙ නෑ තාම. ඒත්  මාව එක්ක යන තැනට… කවුද.. ? ඔහු හිනාවුණා. ඒක හරි ගුප්ත හිනාවක්.. ඔයාට තේරෙන්නෙ නෑ… ඒත් මං යන්න ඕන.. ඔයාට ඕන මාව අතාරින්නද.. එහෙම ඕන නං කියන්න.. ඔයා වෙනුවෙන් මගෙ හිතේ අනන්ත ආදරේ තියෙනව ඔව්.. ආදරේ වෙනුවෙන් ආදරේ අත්අරින්ඩ තරම් ආදරේ තියෙනව.. ඔයා කවදාවත් තේරුම් නොගත්ත තරං. එහෙනම්… ඔහු මං දිහාවෙ බැලු‍වෙ පුදුම බැල්මක්.. ඒ විදියට මං දිහ කවදාවත් බලල නෑ ඒක මට කියන්න පුලුවන් ඕන තැනක.. අත්අරින්න… ඔහු කිව්වෙ එච්චරයි.

ඒත් අර පුදුම බැල්ම ඒ  ඇතුලෙ ආදරේ තිබ්බ මට ඒක කියන්න පුලුවන්..  අත්අරින්න.. ඔව්.. අත් අරින්න.. ආදරේ වෙනුවෙන් ආදරේ අත්අරින්න… ඔයාගෙන් මාව නිදහස් කරන්න… මට ඔයාව අත් අරින්න පුලුවන් ඒත් මට ඔයාගෙන් නිදහස් වෙන්න බෑ. ආදරේ කියල මම ඒ තරම් ආදරේ නැතිව ඇති ඒ හින්ද වෙන්න ඇති. ඒත් මට ඔයාගෙන් නිදහස් වෙන්න බෑ… ඔයා විඳවයි… මම හිනාවුණා… මං දන්නව.. ආදරේ වෙනුවෙන් මිනිස්සු ඕන තරං දේවල් කරල තියෙයි.. මට පුළුවන් ඔයා එනකං බලන් ඉන්න වුණත්.  වෙන්න ඇති… ඒත් ආදරේ කියන්නෙ සතුටින් ජීවත් වෙන එක.. අනෙක් කෙනාගෙ සතුටට ඉඩ දෙන එක විතරක් නෙවෙයි… මං කිව්ව කිසි දෙයක් ගණන් ගන්නෙ නැති තාලෙන් ඔහු කිව්ව. කියල නැඟිට්ට.. නැගිටල අඩියක් දෙකක් නැත්තං තුනක් ඉස්සරහට තිබ්බ. ආයෙත් ආපහු හැරුණ.. හරියට දෙයක් මතක් වුණා වගේ. මං ළඟට ඇවිත් මගෙ නළල ඉම්බ..ඒක හරි සීතල හාදුවක්.. ඒ තරම් උණුසුම් හැන්දෑවෙ වුණත් මට ඒක අයිස් ව‍ගේ සීතලට දැනුණ..

උපේක්ෂා…

ම්ම්ම්…

ආදරේ කරන්න ආදරේ වෙන්න.. ඒත් මට නෙමෙයි.. ඔයාට…

මම මට ආදරේ වුණා නම් ඔයාට යන්න දෙන්නෙ නෑ නිසල්…  කිසි හේතුවක් නාහ.. කිසි වචනයක් නොකිය.. ඒක ඔයාට ‍තේරුම් ගන්න බෑ නිසල්.. උපේක්ෂ කියන්නෙ මන්ද්‍රි කෙනෙක් වත් යසෝදරා කෙනෙක් වත් නෙමෙයි උපේක්ෂට..

මම ඒ ටික කියද්දි එයා මගෙන් ඈතට යන්න ගිහිං මං කිව්ව කිසි දෙයක් අහන්නෙ නැතිවම.

එදායින් පස්සෙ හුඟක් දවස් මං හිටියෙ හැම කෙන‍ාගෙන්ම ඈත් වෙලා.. තව කෙනෙක්ට එන්න බැරි තරම්  හැම සිදුරක්ම වහල දාල.. ඒත්.. එක දවසක ඕපදූප කුරුල්ලෙක් මට හොයාගන්න බැරි වුණ  පුංචිම සිදුරක් හොයාගෙන ඇවිත් මගෙ කන් පෙත්තක වහල බලෙන්ම මට කතාවක් කිව්ව…  ඔහු ගැන… ඒ ඔහු මට නොකියා කියපු කතාව ඔහුගෙ නික්ම යාම ගැන.. ඒක සදාකාලිකයි.  ඔහු මාව දාල ගිය ඒ දවසට පස්සෙ පළවෙනි වතාවට මාව එලියට ගන්න ඒ ඕපදූප කුරුල්ලට පුළුවන් වුණා.. මට අඬන්න ඕන වුණා ඒත් කඳුළු ගල් වෙලා. මම එළියටම ආව. දොරකොඩ සෝබරිත මල් වඩම් මුහුණු පොදිකනව. ඔහු වෙනුවෙන් නොවෙයි මං වෙනුවෙන්.. මට ඕන වුණේ ඒ හැම මූණක්ම තලල චප්ප කරල දාන්න.. ඒත් ඒ වෙනුවට…?????

අඳුරුම තැනක වී

නතරව හිඳින්නෙමි

ආලෝකය ඈත නොවෙයි

යන්න සිත් නොදෙයි

ලොව ඇති සෑම නපුරක්ම

සියල්ලම එක විටම

මවෙතට කඩා පනිතැයි දැනෙයි

බියක් නොම දැනෙයි

අඳුර මා වෙලා ගනිතියි

හිත බියක් නොවන බව

ඔබට කෙලෙසක කියන්නද

දනිමි … දනිමි මම

ඔබ නොතේරුම් සහිත වග

දොසක් නොම කියමි

ඔබේ නොදැනීමට අනුකම්පා කරමි

අවැසි මට අවසානය වග

තාමත් නොතේරුම් ගන්නා

ආලෝකය වෙතට එන්නැයි

දෑතින්ම අල්වා ආයාචනය කරන ඔබට….

ඔබටම පමණක්

තවමත් ප්‍රේම කරමි

ඔබ තුළ දියවී වේදනා දෙන

මගේ මතකය පිළිකුල් කරමි

මා කැඳවා යාමට පැමිණි

ඔහු හා සටන් වැද

නොමැකෙන කැලැල් ගත්

ඔබේ පරාජය දැක

දුක් ගනිමි…

මියැදෙන්නට අවැසි මුත්
මියැදෙනු නොහැකි
කමකට නැති පරාජිතයකු
මතකයෙන් දවාලනු මැනවි

හැකිනම් කඩා වදිනෙමි
පුරැදු මාවත් සරනෙමි
නුඹෙ මතකයෙ මා සොයාලමි
රිදුමක් නොවන ලෙස
මරාලන්නට වෙහෙසෙමි

රිදුම් එක දෙක දැවෙමින් මුදාලමි
ඉන් නු⁣ඹ සිතෙහි මා චිතකය තනමි
මල් වඩමක් ගෙනාවෙමි
අත්ලෙහි ගුලිකරන්
බුහුමනක් අවැසියයි
හැඟුනෙමි එහෙයින්

වෙහෙසයි තවත් නොහැකියි
චිතකයද සදා අවසන්
දවාලනු මැනවි
අලුද දැවී යනමෙන්

අවසන මල්වඩමද
පරාජිතයෙකු උ⁣⁣⁣ගෙම
මලගමට ගෙන ආ

පින්තුරය: broken loveby AleksandarN

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල