දේශපාලන

සයිටම් අහෝසි කරනු- අවසන් සටන ඇරඹේ….

Off

නෙවිල් ප්‍රනාන්දු තක්කඩියාගේ කාසි මල්ලට යට වූ ජඩ යහපාලන ආණ්ඩුව විසින් සිය පොලිස් කුලී බැලයින් ලවා සයිටම් විරෝධී උද්ඝෝෂණයේ යෙදී සිටි සිසුන්ට එල්ල කල අමානුෂික ප්‍රහාරයත්  සමග සයිටම් විරෝධී අරගලය තීව්‍ර වී ඉදිරියට ඇදෙමින්  තිබේ. මෙම අධම ප්‍රහාරයට එරෙහිව හා සයිටම් ප්‍රශ්නය විසඳීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය අද ආරම්භ කළ සංකේත වර්ජනය , විසඳුමක් ලැබෙන තෙක් ඉදිරියටම ගෙන යාම ට තීරණය කර තිබේ. මෙය මාරාන්තික සටනකි. එක්කෝ ජයෙන් නිමා විය යුතුය. නැත්නම් නිදහස් අධ්‍යාපනය ඇතුලු මෙරට ජනතාවගේ සියලු අයිතිවාසිකම් මෛත්‍රී-රනිල්- රාජිත -කිරිඇල්ල නඩයේ පාමුල තබා පරාජය බාර ගත යුතුය.

එකක් පැහැදිලිය.  GMOA එකට හෝ ශිෂ්‍යයින්ට පමණක් මෙම සටන ජය ගැනීම අසීරු වෙනු ඇත. එම නිසා සියලු ප්‍රගතිශීලි බලවේග මේ අවස්ථාවේ ඔවුන් වටා එක් වී රාජිත නඩයේ අමන කම් වලට මුහුණ දීමට ඔවුන්ට ශක්තිය ලබා දිය යුතුය. එසේම  පීඩනය නිසා හෝ වෙනත් හේතුන් නිසා මෙම සටනින් පසු බසින්නට තැත් කලොත් එයට ඉඩ නොදී ඔවුන් සටනේ රඳවා තබා ගත යුතුය.

මේ සඳහා සියලු වෘත්තිය සමිති එක්ව මහා වැඩ වර්ජනයක් වහාම කැඳවා සයිටම් අහෝසි කරන ලෙසත් , නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සුරකින ලෙසත් ඊනියා යහපාලක රජයට බල කල යුතුය. තම තමන්ගේ පෞද්ගලික හා දේශපාලනික වෙනස් කම් පසෙක තබා සියලු ප්‍රගති ශීලි බලවේග මෙම තක්කඩි රජයට එරෙහිව පෙල ගැසිය යුතුය.

දැනටමත් ආණ්ඩුවේ මැර හා කුලී බලවේග අරගලයට එරෙහිව සටනට බැස ඇත. දැනටමත්  රජයේ කුලී ලියන්නන් වන ගාමිණි වියන්ගොඩ ,අජිත් පැරකුම්, මාතලන් ඇතුලු කුලී ලියන්නන් /බ්ලොග් /ෆේස් බුක් කල්ලිය සිසුන්ට හා වර්ජකයින්ට  එරෙහිව මඩ ප්‍රහාර එල්ල කරමින් ජනතාව උසි ගැන්වීමට උත්සාහ කරමින් සිටී. හෙට මෙය වඩාත් උත්සන්න වනු ඇත. එය අවසානයේ ශාරීරික ප්‍රහාරයන් දක්වා , අත් අඩංගුවට ගැනීම් දක්වා හා අවසානයේ අතුරුදහන් කිරීම් දක්වා ගෙන යනු ඇත. විශේෂයෙන් වර්ජක වෛද්‍යවරුන්ට රාජිතගේ මැරයින්  දරුණු ලෙස පහර දෙනු ඇත. එයට අවශ්‍ය පසුබිම අද දිනම රාජිත සූදානම් කලේ කුපිත වූ  ජනතාව විසින් වෛද්‍යවරුන්ට පහර දෙනු ඇතැයි කියාය. එයට එරෙහිව ජනතාව දැනුවත් කිරීම වහ වහා කල යුතුය. මෙම සටන පොදු මහ ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ දුවා දරුවන් වෙනුවෙන් කරන සටනක් බව තේරුම් කර දිය යුතුය. ඔවුනුත් මෙම සටනට එක් කර ගත යුතුය. නො එසේව හුදකලාව මෙම සටන ජය ගැනීම අසීරු හෝ සමහර විට නොහැකි කටයුත්තකි.’

එම නිසා

1. අරගලය පිලිබඳව පොදු ජනතාව දැනුවත් කල යුතුය.

2. සියලු ප්‍රගතිශීලි බලවේග එක් විය යුතුය.

3. අනෙකුත් සියලු වාමංශික ,ප්‍රගතිශීලි වෲත්තිය සමිතී මහා වැඩ වර්ජනයක් කැඳ විය යුතුය.
සටහන- යහපාලන  නඩයේ රුපියල් බිලියන ගණනක බැඳුම්කර වංචාව ගැන මුක පූට්‍ටු වී සිටි අජිත් පැරකුම්, මාතලන්, වියන්ගොඩ නඩය සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැඩුණු වීදුරු ගැන කුඹුල් කඳුලු හෙලීම විස්තර කළ හැක්කේ කෙසේද?

 

සියළු අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය.

උපුටා ගැනීම: අමාවක

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල