කෙටි කථා

අවසානයට පෙර

0
ඒ අම්මා …ඔව් ඇයට අවුරුදු 26ක් වුණා පමනයි…ඒත් ඇය ශෝකයෙන් පීඩිතව බලාඋන්නෙ ලියුකේමියාවෙන් අවසන්ම මොහොතට ලඟාවෙන ඇගේ සුරතල් පුතු …බොප්සි…දිහා….
ඇගෙ හදවත ඉමහත් වේදනාවෙන් පීඩිතව තිබුණත් ඒ එක්කම තිර අධිෂ්ඨානයකින් පිරී පැවතුණා….

ඕනෑම අම්මෙක් වගේම ඇයටත් ඕනෑ වුණේ…තමන්ගෙ පුතා වැඩෙන්න …වැඩිලා ඔහුගේ හීන ඉටු කරගන්න එක දකින්න….
නමුත් තව දුරටත් එම අපේක්ෂාව පවත්වා ගෙන යන්න බැරි ලියුකේමියාව මැදට ආව නිසා…නමුත් ඇයට ඕන වුණා…තව දුරටත් තමන්ගෙ පුතාගෙ සිහිනයන් ඉටු වෙනවා දකින්නට….
ඇය..අම්මා සෙමින් පුතාගෙ අතින් අල්ලා පපුවට තබා මෙහෙම ඇහුවා….
” පුතේ….ඔයා කවදාහරි ලොකු වුණාම කවුරුන් හෝ වෙන්න හීන දැක්කද..? ඔයා ඔයාගෙ ජීවිතේ ඉටු වෙන්න ඕන කියලා මොකක් හරි බලාපොරොත්තුවක් එහෙම තිබුණද…? “
” අම්මා..මම ලොකු වුණාම ගිනි නිවන භටයෙක් වෙන්න ආසාවෙන් උන්නා…” ඒ පුතාගෙ උත්තරයයි….
අම්මා..මඳ සිනහවක් පා මෙන්න මෙහෙම කිව්වා …
” ම්ම්ම්….අපි බලමුකෝ ඒක අපිට ඉටු කරගන්න පුලුවන් වේවි බොහොම විට…”
ඊලඟ දවසේ අම්මා එම ප්‍රදේශයේ ගිනි නිවන හමුදා ඒකකයට ගියා…එහි ප්‍රධාන ගිනි නිවන නිලධාරියා වුණෙ බොබ්…ඔහු ඉතා විශාල වූ හදවතක් හිමි අපූරු මනුස්සයෙක්…අම්මා බොබ් හට සියලු විස්තර පහදා දුන්නා…ඉන් පසු ඇගේ ඉල්ලීම වුණේ…ඔවුන් හට හැකි නම් තමන්ගේ පුතාට ගිනි නිවන වාහනයක මඳක් දුර ගමන් කල හැකිද යන්නයි….
” නෝනා …අපි මීට වඩා යමක් කරන්න බලමුද ඔබේ පුතා වෙනුවෙන්…අපි එදා මුළු දවසෙම ඔයාගේ පුතා අපේ ගෞරව සාමාජිකයෙක් කරන්නම්….ඔහුට එදාට අපේ සේවා ස්ථානයට පැමිණෙන්න පුළුවන්..අපි එක්ක කෑම කාලා…ඔක්කොම ගිනි නිවන ඇමතුම් වලට අපි එක්ක යන්නට පුළුවන් ඔහුට….අපි එදාට ඔහුට ඇත්තම නිල ඇඳුමකුත් සපයන්න හිතාගෙන ඉන්නවා…නිකම් සෙල්ලම් ඇඳුමක් හෙම නෙවෙයි නෝනා..ඔහුටම නිර්මාණය කරන..අපේ ෆීනික්ස් නිල ලාංචනය පවා තියෙන ඇඳුමක්…ඒ වගේම රබර් බූට්ස්…මේ ඔක්කොම නිර්මාණය කරන්නේ අපේම ආයතනයේම නිසා..අපිට ඒ ඇනවුම ඉක්මනින් ගන්න පුළුවන් වෙයි…”

දින තුනකට පසු බොබ්…ගිනි නිවන නිලධාරියා…බොප්සි ව ආයතනයට එක්කර ගෙන ගියා..ඔහුට නිල ඇඳුම අන්දවාගෙන….නිල රථයේ ඔහුව රැගෙන ආයතනය වෙත ගෙන ගියා…බොප්සි එදා දිනයේ ගිනි නිවීම් අවස්ථා තුනකට සහභාගී වුනා…ඔහු සියලුම ප්‍රාදේශීය ප්‍රවෘත්ති ආයතන මගින් වීඩියෝ ගත කරනු ලැබුවා….

මේ සතුට හා ඉටු වුන අපේක්ෂා සමග බොප්සි අපේක්ෂා කළ කාලයටත් වඩා මාස තුනක් බොහෝ අපුරුවට ජිවත් වුවා……

එහෙත් එක රැයක….බොප්සි…ගේ රෝග ලක්ෂණ බැරෑරුම් වෙන්නට පටන් ගත්තා…ප්‍රධාන හෙද නිලධාරිනිය…බොප්සි තනිවම සමුගත යුතු නොවන බව වටහා ගත් අතර නිවැසියන්ට මේ බව පවසා වහා රෝහලට එන ලෙස දැනුම් දුන්නා….එකෙනෙහිම ඇයට සිහි වුනේ බොබ් ඇතුළු ගිනි නිවන හමුදා ඒකකයේ පිරිස…

ඇය බොබ් අමතා …හැකි නම් මේ සමුගන්නා අවස්ථාවට සියලු භටයන් සිය නිල ඇඳුමෙන් පැමිණේ නම් වඩා සුදුසු බව ප්‍රකාශ කළා,,,,,

බොබ්…..ඔහු නැවතත්…අවසරයක් පැතුවා…

“අපට වඩා හොඳ දෙයක් කරන්නට අවසර දෙන්න….ඔබට තව ටික වෙලාවකින් ගිනි නිවන හමුදා රථයේ සයිරන් හඬ ඇසේවි..එවිට ඔබ සියල්ලන්ටම දැනුම් දෙන්න…මෙය ගින්නක් නොවන බවත්..අප එන්නේ …ගිනි නිවන හමුදාවේ සේවය කළ…ඉතාම අපූරු සාමාජිකයා අවසන් වතාවට දැක බලාගන්නට බවත් ….ඒ වගේම ඔබට පුළුවන් නේද බෝප්සිගේ කාමරයේ ජනේලය හැර තබන්නට….”

විනාඩි පහකට පමණ පසු ගිනි නිවන රථය පැමිණියා…තුන් වන තට්ටුවේ බෝප්සිගේ කාමරයට..දිගු කළ ඉනිමග හරහා…ගිනි නිවන භටයන් එකා පසු පස එකා බැගින් කාමරයට ඇතුල් වුවා…

බෝප්සිගේ මවගෙන් අවසර ගත ඔවුන් සියලු දෙනා  බොප්සි වැළඳගත්තා…ඔවුන් ..ඒ මොහොතේ ඔහුට පැවසුවා…..ඔහු කෙතරම් අපූරු දරුවෙක්ද යන බවත්…ඔවුන් ඔහුට ඉතාම ආදරේ බවත්….

අවසාන හුස්ම හෙලන්නට මත්තෙන් ….බොප්සි…බොබ් වෙත දෑස යොමු කළා…..

” කියන්න…මම ඇත්තටම ගිනි නිවන භටයෙක් කියා ඔබ හිතනවද…? ”

ප්‍රධානියා….බොබ්…ඉතාම ස්ථිර ස්වරයෙන් මෙසේ කීවා…

” ඔව් බොප්සි…..ඔබ සැබෑම ගිනි නිවන භටයෙක්…”

එම වදන් සමගම….බොප්සි…ඉතාම සුන්දර  සිනහවක් සමගින් සදහටම දෙනෙත් පියා ගත්තා…..

උපුටා ගැනිම – විසිරි සිහින 

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල