දේශපාලන

මහන්සියි, සයිටම් දැන් නවතිමුද? පෙරට යමුද?

6

 

මෙම කතාව ගෙන හැර දැක්වීමට සිතුනේ මේ කතාව තුළ සයිටම් වෙනුවෙන් පෙනී ඉන්නන් කියන තර්ක සියල්ලම පාහේ ඇතුලත් නිසාය. මූලික වශයෙන් සයිටම් වෙනුවෙන් පෙනී ඉන්නන් සයිටම් විරෝධීන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අසයි.

 

රාජිත සේනාරත්න ඇමතිවරයා සදහන් කරන පරිදි ජනාධිපතිවරයා මෙම ප්‍රශ්න අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයන්ගෙන් අසා ඇත. ඇමතිවරයාට හා සයිටම් වෙනුවෙන් පෙනී ඉන්නන් හට මේ ප්‍රශ්න යනු ලොවෙත් එකෙකුටවත් උත්තර දීමට නොහැකි ප්‍රශ්නයි. ඒවා නම්-

 

 

1. පිටරට පෞද්ගලික විශ්වවිද්‍යාල නැත්ද? ලංකාවේ විතරක් ඇයි පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ. (මොවුන් මෙම ප්‍රශ්නයේදී වඩා අවධාරණය කරන්නේ සමාජවාදී (කොමියුනිස්ට්වාදී) රටවලද පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කීම කිසිම අයුරකින් ප්‍රායෝගික නොවන සටනකි. එනයින් එය කුහකකමකි)

 

2. සයිටම් අහෝසි කළා කියමුකෝ එතකොට වෛද්‍ය උපාධිය හැර අනෙක් උපාධි විකුණන ආයතන ගැන මොකද කියන්නේ? ඒවත් වහන්නද කියන්නේ? (මෙම ප්‍රශ්නයෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ සයිටම් විරෝධය සැබෑ සටනක් නොව වෛද්‍යවරුන්ගේ තත්වය තියා ගැනීමට කරන අරගලයක් බවත් එනයින් එය කුහකකමක් බවත් කීමටය)

 

3. සයිටම් එකට විරුද්ධ නම් පුද්ගලික වෛද්‍ය සේවයට විරුද්ධ නැද්ද? ඒවට මොකුත් කියන්නේ නැත්තේ ඇයි? (මේ ප්‍රශ්නයෙන්ද ඔවුන් බලාපොරොත්තුවන්නේ සයිටම් විරෝධය යනු වෛද්‍යවරුන්ගේ ආදයම් මාර්ග පවතින ආකාරයෙන්ම පවත්වා ගැනීමටත් තවත් අය වෛද්‍ය රැකියාවට ඒමට විරුද්ධව කුහකකම නිසා සිදු කරන අරගලයක් බව කීමටය)

 

4. පුද්ගලික රෝහලුත් වහන්නද කියන්නේ? (මෙම ප්‍රශ්නයේ අරමුණද සයිටම් විරෝධය යනු වෛද්‍යවරුන්ගේ තත්වය පවත්වාගැනීමට කරන කුහක අරගලයක් බවත්. එය කිසිම අයුරකින් ප්‍රායෝගික නොවන බවත් කීමටය)

 

 

පිළිතුරු…

මෙකී සයිටම් වාදීන් කිසිදා පිළිතුරු දිය නොහැකි යැයි කියන ප්‍රශ්න වලට පිළිතුරු බැදීමට පෙර මෙම ප්‍රශ්න සම්බන්දයෙන් පිළිතුරු දීමේදී සයිටම් විරෝධීන් කොටස් තුනකට බෙදීමක් සිදු කිරීමට කැමැත්තෙමු. ඔවුන්ගේ විසදුම් මෙසේය.

 

 

1. සයිටම් ප්‍රමිතිගත කළ යුතුය. අහෝසි නොකළ යුතුය.

2. සයිටම් පමණක් අහෝසි කළ යුතුය ස්ලිට් වැනි ආයතන පැවැතිය යුතුය.

3. සයිටම් අහෝසි කළ යුතු මෙන්ම අනෙක් උපාධි කඩද වසා දැමිය යුතුය. උදාහරණ.. කොතලාවල වැනි

 

මෙහිදී දෙවැනි හා තුන්වෙනි ඛාණ්ඩයේ විසදුම් බලාපොරොත්තු වන්නන් බොහෝ දෙනෙක් සයිටම් පූර්ණ වශයෙන් රජයට පවරාගත යුතුයි යන ස්ථාවරයේද සිටී.

 

සයිටම්වාදීන්ගේ මහා ප්‍රඥාවන්ත හා ඊනියා ප්‍රායෝගිකවාදී ප්‍රශ්න වලට පිළිතුරු දීමේදී සයිටම් විරෝධීන් අතර දැක්වූ පළමු හා දෙවන ගනයේ පිරිස්වලට අනුව  සයිටම් විරෝධීන්ගේ මූලික ප්‍රශ්න හතරම නිවැරදිය. මේ අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කීම මේ ලෝකේ යථාර්තවත් සටන් පාඨයක් නොවේ. පුද්ගලික වෛද්‍ය සේවය හා පුද්ගලික රෝහල් සම්බන්දයෙන් ගත්තද මේ අපි ලබා උපන් ලෝකය තුල කීයක් හරි තියෙනවා නම් ඒ අයට ඒ තමා සාධාරණව ඉපැයූ මුදල් යොදා තමන්ගේ ලෙඩට පෞද්ගලිකව බෙහෙත් ගන්න තැන් තිබිය යුතුය. දොස්තරලාද ඒවායේ මෙන්ම ප්‍රයිවට් පැක්ට්‍රිස් කරමින්ද බෙහෙත් කළ යුතුය. එසේ සෞඛ්‍යට මෙන්ම අධ්‍යාපනයට මුදල් ගෙවා  ලැබීමට අවස්ථාව තිබිය යුතුය. උදාහරනයක් ගත්තොත්, කොච්ර කිව්වත් ටියුෂන් නවත්වන්න බැහැනේ. ඒ නිසා මේ සියලු පවතින යථාර්ථයට යටත්ව අධ්‍යාපනය හා සෞඛ්‍ය විකිණීමේ සීමිත ඉඩක් තිබිය යුතුය. නමුත් සයිටම් යනු ආරම්භයේ සිටම හොර ගුහාවකි. ඒ නිසා අනෙක් මොනවා තිබුණත් සයිටම් පැවතිය නොහැක. එය වසා දැමිය යුතුය. තවදුරටත් කියනවා නම් සයිටම් යනු ධනවාදයටද විරුද්ධ දෙයකි. සයිටම් යනු ධනේෂ්වර නීතියත් අවතක්සේරු කළ ආයතනයකි. ඒ නිසා ධනවාද වෙනුවෙන් පෙනී සිටින අයටද සයිටම් වෙනුවෙන් පෙනී සිටිය නොහැක ඒ නිසා සයිටම් අහෝසි කළ යුතුය.

 

මෙලෙස සයිටම් විරෝධීන් අතරින් පළමු හා දෙවන ඛාණ්ඩයේ පිරිස් ඉතාම ශාන්ත දාන්ත ලෙස හා වඩා ප්‍රබුද්ධ ලෙස සමබර ලෙස හා කාගේවත් හිත් නොරිදෙන ලෙස ගැටලුව නිරකරණය කර ගැනීමට වෙහෙසෙද්දී, කැපකිරීම් කරද්දී මෙම ගැටලුවේදී හුදකලා වන්නේ සයිටම් විරෝධින්ගෙන් තෙවන කොට්ඨාශයයි. සැබැවින්ම සයිටම්වාදීන්ගේ ප්‍රශ්න කිරීම සිදු වන්නේ ඔවුන්ගෙනි. ඉහත රාජිත සේනාරත්නගේ කතාවේ ද මෙය කියවේ. රාජිතගේ භාෂාවෙන් ඔහු කියන්නේ‍ මේ අය මේ ලෝකේ වෙනස් වීම නොතේරෙන පිරිසක් බවයි, ඔහු මෙහිදී නව සමාජයේ තත්වය යනුවෙනු වචනයක් භාවිතා කරයි. මෙන්න මේ කියන වෙනස නොතේරෙන පිරිස රාජිතලාට සහ බොහෝ දෙනෙකුට අනුව අන්තගාමීන්ය. කිසිම දෙයක් හොදින් බේරා ගැනීම කැමති නැත. හැමවෙලාවෙම උද්ඝෝෂණ කරති. පාරවල් වහති. අමාත්‍යාංශ වලට කඩා පනිති. නොයෙක් අයුරින් මේ පවතිනවා කියන  සමාජ සාමය (ලිබරල් සාමය) බිද දමති.

 

ඉතින් තෙවැනි විසදුම වෙනුවෙන් පෙනී සිටින සයිටම් විරෝධීන්ට ඇති පිළිතුරු  කුමක්ද?

 

නිශ්චිත සයිටම් ගැටලුව පමණක් පදනම් කරගෙන කෙනෙක් ප්‍රශ්නයක් අසනවා නම් ඔහුට දීමට ඇත්තේ ඍජු සහ කෙටි පිළිතුරකි. සයිටම් ආයතනය යනු ආරම්භයේ සිටම වංචාකාරී ලෙස පවත්වාගෙන යන ආයතනයකි. ඒ නිසා එය අහෝසි කළ යුතුමය. සයිටම් ආයතනයේ අසමත්කම් හා නුසුදුසුකම් කොතෙකුත් කතා කොට ඇති නිසා ඒ ගැන සදහන් කිරීම අනවශ්‍යය.

 

නමුත් ඉහත සයිටම්වාදීන් අසන ප්‍රශ්න සැබැවින්ම සයිටම් සම්බන්දයෙන් අසන ප්‍රශ්න නොවේ. පළමුව එය පැහැදිළි කර ගත යුතුය. ඔවුන්ගේ පළමු ප්‍රශ්නය වන්නේ වෙනත් රටවල පෞද්ගලික විශ්වවිද්‍යාල නැත්ද යන ප්‍රශ්නයයි. එය සයිටම් හා සම්බන්ධ නැත. එය සම්බන්ධ වන්නේ අධ්‍යාපනය විකිණිය හැකිද? නොහැකිද යන ප්‍රශ්නය සමගිනි. මක්නිසාද යත් වෙනත් රටවල පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා යන යථාර්ථයෙන් ඔවුන් අහන්නේ අධ්‍යාපනය කිසිම තැනක නොමිලේ ලබා දෙන දෙයක් පමණක් නොවන බවයි. ඒ නිසා ඔවුන් අහන්නේ එය මිල කිරීම අනිවාර්යක් නේද? යන ප්‍රශ්නයයි. එම ප්‍රශ්නයේම දිගුවක් ඔවුන් මෙසේ අසයි. අඩුම තරමින් කොමියුනිස්ට් රටවලවත් අධ්‍යාපනය සම්පූර්ණයෙන් නොමිලේ දෙන්නේ නෑ නේද? ඔවුන් සැබැවින්ම අහන්නේ මෙන්න මේ ප්‍රශ්නයයි.

 

මේ කරුණු බොහොම නිවැරදිය. නමුත් ප්‍රශ්නය වැරදිය. නිවැරදියි යැයි පවසන්නේ මෙසේය. ‘ලෝකයේ කිසිම රටක් මේ පවතින යථාර්ථය තුළ අධ්‍යාපනය නොමිලේ ලබා දීමට අකමැතිය. මෙහිදී රටක් ලෙස හදුන්වන්නේ ඒ රටවල සිටින පාලක ආණ්ඩුය. ලෝකයේ සෑම තැනම පාහේ ඉතා නිෂ්චිත ලෙස සිටින ආණ්ඩු යනු දේපොල ඇති සමාජ පන්තියේ නියෝජනයක් නිසා ලෝකයේ පවතින සාතිශය බහුතර ආණ්ඩු සියල්ලම මෙහෙයවන්නේ ලෝක ජනගහනයේ ඉතා සුළු පිරිසකගේ අවශ්‍යතාය. ඒවා සියල්ල අධ්‍යාපනය විකිණිය යුතුය යන අදහසේ සිටී. නමුත් ලෝකයේ ජනතාවගෙන් බහුතරය ගත් විට ඔවුන් අයත් වන්නේ මෙකී රටවලින් ආන්තීකරණයට නොසලකා හැරීමට ලක්වූ පීඩිත ජන කොට්ඨාශයටය. ඔවුන්ගේ අදහස නම් අධ්‍යාපනය විකිණීම අසාධාරණ යන්නය. එය සිදු නොවිය යුත්තක් යන්නය. අද වන විට ලෝකය පුරා අධ්‍යාපනය වෙනුවෙන් නැගී සිටින පිරිසක් ඉන්නවා යැයි පවසන්නේ ඊනියා රටවල් වල සිටින සුළුතර ආණ්ඩු හා ඒවායේ කොටස්කරුවන් නොව සැබෑ ලෝකයේ බහුතර පීඩිත ජනතාවයි. (තෙරතුරුමය වශයෙන් ගතහොත් 2008 ආර්ථික අර්බුධයෙන් පසු සමයේ විශේෂයෙන්ම ඇමරිකාවේ සිට යුරෝපය ලතින් ඇමරිකාව ආදී ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ඇති වූ සාතිශය බහුතර උද්ඝෝෂණයන් සදහා හේතු වූයේ අධ්‍යපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් වූ ඉල්ලීම්ය)

 

ඇත්ත තමයි. මේ කියන ජනතාව හැමදාම මාධ්‍ය සාකච්ඡා තබමින් තමන්ට අධ්‍යාපනය නොමිලේ අවශ්‍ය බව කිය කියා ඉන්නේ නැත. එහෙම කිව්වත් ඔවුන්ගේ කතා පවතින ඊනියා මාධ්‍ය අධිකාරීන්ගෙන් විසුරුවා හරින්නේද නැත. නමුත් මහපොලොවේ යථාර්ථය නම් එයයි. ඒ යථාර්ථයද මාධ්‍ය හමුවට ඒ නමුත් ඒ අධ්‍යාපනය නොමිලේ දියව් යනුවෙන් සටන්පාඨයක් වී නොව අධ්‍යාපනය විකිණීම නිසා මෙකී ජනතාවගේ ජීවත වල සිදු වී ඇති ඛේදවාචකයන්ගෙන් සුසැදි ප්‍රවෘත්තීන් ලෙසය. දරුවා පාසලට දා ගත නොහැකි වූ දෙමාපියන්ගේ සිය දිවි නසා ගැනීම්, දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් වූ අධික මුදල් සොයා ගැනීමට දිවා රෑ වෙහෙසීම නිසා සිදු වන සමාජ සම්බන්ධතා වල බිදවැටීම් හේතුවෙන් සිදු වන දරුවන්ගේ සියදිවි නසා ගැනීම් වල සිට කප්පරක් ප්‍රශ්න සෑම දාම ප්‍රවෘත්ති ලෙස අපට අසන්න ලැබේ. නමුත් මේවා කිසිවක් අධ්‍යාපනය විකිණිමට එරෙහි වන්නන්ගේ ගිණුමට වැටෙන්නේ නැත. ඉතින් හැමෝම අහන්නේ කෝ කොහෙද ඔය කියන අධ්‍යාපනය විකුණනවට විරුද්ධ අය යනුවෙනි.

 

ලංකාවේ ගත්තද නිදහස් අධ්‍යාපනය පිළිබද මතු වී ඇති සංවාදයේදී සැබැවින්ම මේ කියන බහුතර ජනතාවගේ අදහස් වාරණයකට ලක් වී ඇත. බොහෝ විට ඔවුන්ද පාලනය කරන්නේ ඊනියා බුද්ධිමතුන් යැයි පෙනී සිටින පවතින ධනපති සමාජ ව්‍යුහයේ නඩත්තුව සලසන මත සකසන්නන්ගේ අදහස් වලිනි.

 

එසේම මෙහිදී ඉහත ප්‍රශ්න අසන සයිටම් වාදීන්ගෙන් පෙරලා ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. එනම්,

 

ඉහත ඔවුන් අසන තුන්වන සහ හතරවන ප්‍රශ්න යනු ඔවුන්ම සෞඛ්‍ය පෞද්ගලීකකරණය වීම ගැටලුවක් ලෙස පිළිගන්නා බවට ඉදිරිපත් කරන ප්‍රශ්න නොවන්නේද යන්නයි?

 

තුන්වන සහ හතරවන ප්‍රශ්නවලදී සයිටම්වාදීන් අසන්නේ පෞද්ගලික වෛද්‍ය සේවාවන් වෛද්‍යවරුන් කරන්නේ ඇයි? පෞද්ගලික රෝහල් වහන්න කියන්නේ ඇයි? මෙවැනි ප්‍රශ්න අහන්නේ වෛද්‍යවරුන් පෞද්ගලිකව මුදල් ලබා ගෙන ප්‍රතිකර කරන අවස්ථාවන්ගෙන් වැඩිපුරම සිදු වී ඇත්තේ වෛද්‍යවරුන්ගේ අතමිට සරු වීම බව සයිටම් විරෝධීන් පිළිගන්නා බවයි. එසේම පෞද්ගලික රෝහල් වල ගිනිගනන් ගෙවා ප්‍රතිකාර කිරීමෙන් වෛද්‍යවරුන් මහත් ලාභයක් ලබනා බවත්ය. ඒ නිසාම වෛද්‍යවරුන් යනු අමුතුම ගැට්ටක් සහිත වෙනම සමාජයේ අනිත් අය නැති ආතල් එකක් ගන්න, අනිත් උන් සූරාකන පිරිසක් වී ඇති ඇති බවද සයිටම්වාදීන්ම පිළිගනී. ඉතින් ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද? වෛද්‍යවරුන්ගේ එකී නිල නොවන ගැට්ට නිල භාවයට පමුණුවාලීමට නීතියෙන්ම වෛද්‍යවරු බිහි කිරීමත් වෙළදපොලට භාරදීමද?  අනෙක් ගැටලුව නම් වෛද්‍යවරුන්ගේ මෙලෙස තියෙනවා කියන අමුතු සමාජ තත්වය ඇති වී ඇත්තේ ඔවුන් මුදල් නොගෙවා අධ්‍යාපනය ලැබූ නිසාද? ඉතින් මුදල් ගෙවා අධ්‍යාපනය ලැබුවානම්, වෛද්‍ය උපාධියත් මුදල් හැකියාව මතම ගත්තා නම් ඔවුන්ගේ ඔය කියන අවගුණ පහවී මතු බුදු වීමට පෙරුම් පුරන වෙදුන් බිහිවේද?

 

නැත. සැබැවින්ම සයිටම් පිළිබද ප්‍රශ්නය යනු කිසි විටෙක වෛද්‍යවරුන්ගේ ප්‍රශ්ණයක් නොවේ. එය රෝගීන්ගේ ප්‍රශ්නයකි. යහපත් සෞඛ්‍ය සේවයක් වඩා පහසුවෙන් ලබා ගත හැකි සෞඛ්‍ය සේවයක්, තමන්ගේ මුදල් හැකියාව අනුව ජීවත් වීමේ අයිතිය පාලනය නොවන සෞඛ්‍ය සේවයක් අවශ්‍ය වන්නේ රෝගීන්ටය. ලෙඩක් හැදී රෝහලට ගිය විට ගෙවීමට මුදල් නොමැතිවීම නිසා මිය යෑමට සිදුවන්නේ වෛද්‍යවරයාට නොවේ රෝගියාටය. ඒ නිසා එකී මුදල් බාදාව නොමැතිව බෙහෙතක් හේතක් කරගැනීම වැදගත් වන්නේ රෝගීන්ටය.

 

ඒ නිසා සයිටම්වාදීන් කොතෙක් වෛද්‍යවරුන්ගේ කුහකකම් ගැන කතා කරත් ඔවුන්ටත් තවත් බොහෝ රෝගීන්ටත් නොතේරෙන දේ නම් මේ ගැටලුව නිදහස් සෞඛ්‍ය පිළිබද ගැටලුවක් බවත් එය රෝගීන් අරගල කර යුතු ගැටලුවක් බවත්ය. නමුත් සමහරු සිතා සිටින්නේ සයිටම් වැනි තවත් බොහෝ පෞද්ගලික වෙද විදුහල් හා රෝහල් ඇති වූ විට දැනට රජයේ වෛද්‍යවරු වර්ජනය කරන දිනවලට පමණක් රෝගීන් වෙත ඇති සෙනෙහස හැමදාම පවතී යනුවෙනි.

 

මේ සියලු කාරණා අනුව  අවසන් වශයෙන් කීමට ඇත්තේ සයිටම් අරගලය යනු හුදු සයිටම් අහෝසි කිරීම පිළිබද ප්‍රශ්නයක් නොව අධ්‍යාපනය විකිණිය හැකිද? යන්නත් සෞඛ්‍ය විකිණිය හැකිද? යන්නත්, අධ්‍යාපනයට ගෙවිය හැකිද? යන්නත් සෞඛ්‍යට ගෙවිය හැකිද? යන්නත්, පදනම් වූ අරගලයක් බවයි. ඒ නිසා ඊනියා ප්‍රායෝගික අවාසනාවන්ත යථාර්ථයට යටත්ව සයිටම් ප්‍රමිතිගතකිරීමෙන් වැඩේ අකුලා නිවෙස් වලට වීවේක ගන්නවාද එසේ නැතිනම් පවතින අවාසනාවන්ත යථාර්ථය වෙනස් කර ගැනීමට මෙම අරගලය තුලින් මතුවී ඇති සමාජ බලවේග සමග අඛණ්ඩව අරගල කරනවාද යන්න අද ලාංකේය සමාජය ඉදිරිපිට ඇති ගැටලුවකි. ඒ එසේ නම් ගත යුත්තේ සයිටම් විරෝධීන් අතරින් තෙවන කොට්ඨාශය ඉදිරිපත් කරන ගමන් මගයි.

 

පසු සටහන- අවාසනාවන්ත ලෙස සයිටම් අරගලයේදී ඉතා අඩුවෙන්ම සිදු වූ දේ නම් මෙම අරගලය වෙනුවෙන් පෙනී සිටිය යුතුම රෝගීන් ඉතා අවම ලෙස මේ හා සම්බන්ද වීම නිසා මෙය සිසුන් හා වෛද්‍යවරුන්ට කර ගැසීමට සිදුවීමය. ආණ්ඩුවත් සයිටම්වාදීනුත් අදටත් භාවිතා කරමින් සිටින්නේ එසේ රෝගීන් විසින් මෙම ප්‍රශ්නය මග හැර සිටීමේ ඛේදවාචකයයි. එසේම ඊනියා ප්‍රායෝගික යථාර්ථයේ මායාවට හසුවී ‘අනේ වෙන මොනවත් ඕන නෑ… සයිටම් විතරක් වත් නැති කරල දෙන්නකෝ අප්පා… මින් පස්සේ දඟ කරන්නේ නෑ‘යන මට්ටමට සමහර සයිටම් විරෝධීන් පැමිණීම තවත් ඛේදවාචකයකි.

  • නිශාන්ත බණ්ඩාර

සියළු අදහස් හා හිමිකම් බ්ලොග් අඩවිය සතුය.

උපුටා ගැනීම: අක්ෂය

Related Posts

6 Comments

  1. Sena July 3, 2017 at 6:42 pm - 

    That’s why we shouldn’t spend any rupee for others children education. They will easily forget that we are the people who spent our money for their education. All tax payers must protest against these GMOA culprits. They educated using our tax money. But now they are going to strike and tell us to support their foolish demands. We spent our tax money because they were poor when they started MBBS. But how can they say that we have to spend our tax money for all rich students also. We have so many other things to do. Do this GMOA fools think that Sri Lanka is a very wealthy country to give everything in free. If they are really caring about the education system in Sri Lanka they must have support Government to standardize all Government and Private medical colleges and Health sector.

  2. බà·�à·�තරය July 4, 2017 at 7:05 am - 

    à¶�ය à¶�à·�à·�රà·�à·�තà·� à¶�à·�මà·�තà·� ද තමනà·�à¶�à·� à¶�මà·�මà·� à·� à·�à·� තà·�තà·�තà·� à·� à¶�ය à·�යà·�ටමà·� දà·�à·�à·�තර à¶�à·�නà·�à¶�à·�ට පà·�නà·�නනà·�ඩ …à·�à·� à¶�à·�යමà·� බලනà·�න…à¶�ය මà·� ලà·�à¶�à·�à·�ට පà·�රට à¶�à·�à·�à·�ලà·�ලà·� à¶�à·�à¶�à·�න මà·�තà·�à·�රà·� ත à·�à·�රà·�ට රජයà·� MBBS දà·�à·�à·�තර à¶�à·�නà·�à¶�à·�ට තමනà·�à¶�à·� ලà·�ඩà·�à·� පà·�නà·�න à¶�නà·�à·�à·�. à·�à·�ඩà·� දà·�යà¶�à·� à¶�න නà·�.. à¶�ය à¶�මà·�තà·� à·�රà·�තà·� à¶�ඩà·�ම තරමà·� ලà¶�à¶�à·� à·�à·�නà·� à·�තà·� බà·�à·�à·�තà·� à¶�නà·�නà·� නà·�…à¶� à·�ට à¶�à·�à·�නà·�නතà·� à¶�පà·�ම නà·�ද මà·�තà·�තයà·�…à¶�à¶�à·�නතà·� à¶�තà·� à¶�රනà·�නà¶�à·�..à¶�යà·�ලට රජයà·� දà·�à·�à·�තරලà·� à·�à·�à·�à·�à·�à·�à·� නà·� ම à¶�à·�යමà·�..SAITUM දà·�à·�à·�තරලà·� à¶�à·�à·�à·�ම à·�à·�à·�à·�à·�à·�à·� à¶�රයà·� ද à·�à·�…දà·�à·�à·�තරලà·� à·�à·�තරà¶�à·� නà·�මà·� නà·�..à¶�ය à¶�à·�යà·� à¶�à·�à·�රà·�තà·� රජයà·� à·�ලà·�ලà·� à·�ලà·�නà·� à¶�à¶�à·�න à¶�තà·�ත à¶�යනà·�.. à·�à·�බà·�යà·� à¶�ය දà·�à·�à·�තරලà·� රජයà·� මà·�දලà·� නà·�à·�à·� à¶�à¶�à·�රයà·�නà·� යà·�දà·�à¶�à·�න à·�à·�ඳට à¶�à¶�à·�න à¶�තà·�තà·�..à¶�නà·�à¶�à·� à¶�ය à¶�තà·�නà·� à¶�à·� à·�à·�ඩà·� පà·�ර නà·�à·�à·�තà·� à¶�රà·� නà·�..à¶� à¶�ය à¶�à·�නතà·� à¶�තà·� à¶�රමà·�à¶�à·�..à¶�නà·�à¶�à·� à¶�ය à·�à·�ඳට රà·�දà·� පà·�රà·�නà·� නà·�දà·� à¶�දà·�දà·� මà·� මà·�නà·�à·�à·� à·�à·�ලà·� පà·�ඩමà·� à¶�ලà·�..à¶�තà·�නà·� à¶�නà·�à¶�à·� à¶�ය à¶�මà·�මà·�ලà·� à·�à·�නà·�ට දà·�à·�à·�තරලà·� පලà·�ද…à¶�… තà·� à¶�à¶�à¶�à·�..à¶�ය දà·�à·�à·�තරලà·� ලà¶�à·� à¶�මà·�මල තà·�තà·�තà·�ලතà·� දà·�à·�à·� රà·� නà·�බලà·� මà·�නà·�à·�à·� à·�à·�නà·� à¶�ය à¶�à·�යන à¶�තà·� බà·�à·�තරයට à¶�à¶�නà·�à·�නà·�න …à¶� à¶�à·�න à¶�මතà¶� à·�à·�නà·�ද..à·�à·� බà·�යà·� à¶� à¶�ය à¶�à·�à·� à¶�à·�ය à¶�à·�ය à¶�à·�à·�දà·�නà·�නà·� නà·�.. à¶�රà·�නà·�à¶�ර à¶�ය à¶�à¶�තà·�නà·� à¶�à·� à·�ඩට à¶�à·�à·�මà·�à¶�නà·� දà·�නà·�න..මà·�à¶�ද à¶�à·�à·� à¶�බට නà·�පà·�නà·�න à¶�තà·�â��තà·�à¶�à·� à¶�තà·�.. නà·�තà·�නමà·� ලà¶�à¶�à·�à·�à·� à¶�à·�දà·� à·�රà·� මà·�ඩයà·� à·�à·�ජඹà·�යà·�..

  3. බහුතරය July 4, 2017 at 2:00 pm - 

    ඔය කවුරුවත් කැමැති ද තමන්ගේ අම්මා ව හෝ තාත්තා ව ඔය සයිටම් දොස්තර කෙනෙකුට පෙන්නන්ඩ …හා කියමු බලන්න…ඔය මහ ලොකුවට පාරට ගිහිල්ලා කැගහන මහත්වරු ත හොරාට රජයෙ MBBS දොස්තර කෙනෙකුට තමන්ගේ ලෙඩාව පෙන්න ගනිවි. වැඩි දෙයක් ඔන නැ.. ඔය ඇමැති වරුත් අඩුම තරමෙ ලංකා වෙන් වත් බෙහෙත් ගන්නෙ නැ…ඒ වට ගෙවන්නත් අපිම නෙද මහත්තයො…එගැනත් කතා කරන්නකො..එයාලට රජයෙ දොස්තරලා විශ්වාස නෑ ම කියමු..SAITUM දොස්තරලා කොහොම විශ්වාස කරයි ද හා…දොස්තරලා විතරක් නෙමෙ නෙ..ඔය කොයි කවුරුත් රජයෙ සල්ලි වලින් ඉගෙන ගත්ත අයනෙ.. හැබැයි ඔය දොස්තරලා රජයෙ මුදල් නිසි ආකාරයෙන් යොදාගෙන හොඳට ඉගෙන ගත්තා..අනික් අය ඉතින් ඒව වැඩි පුර නාස්ති කරා නෙ..ඒ අය ගැනත් කතා කරමුකො..අනික් අය හොඳට රෙදි පෙරවන් නිදා ගද්දී මේ මහන්සි වෙලා පාඩම් කලා..ඉතින් අනික් අය කම්මැලි වුනාට දොස්තරලා පලිද…ආ… තව එකක්..ඔය දොස්තරලා ලගෙ අම්මල තාත්තාලත් දිවා රැ නොබලා මහන්සි වුනා ඔය කියන අති බහුතරයට උගන්වන්න …ඒ ගැන අමතක වුනාද..හැ බැයි ඒ අය ඒවා කිය කිය ඇවිදින්නෙ නැ.. කරුනාකර ඔය උගතුන් ගෙ හඩට ඇහුම්කන් දෙන්න..මොකද එහි ඔබට නොපෙනෙන ඇත්‍ත්ක් ඇති.. නැත්නම් ලංකාවෙ කවදා හරි මෝඩයො වැජඹෙයි..

  4. Bahutharayaa July 4, 2017 at 3:49 pm - 

    මිනිසුනේ, දැන් වත් දුර බලලා වැඩ කරන්න පුරුදු වෙමු..එක එක්කෙනාට නයට කහින්නෙ නැතුව..විශෙශයෙන් ඔය එහා මෙහා පනින රිල්වුන්ට..උන් අපිටත් බල්ටි පෙන්නලා තව අවුරුදු පහකින් විතර තව මොනවා හරි කියයි විශෙශ රැස්වීමක් කැදවලා…ප්‍රවේශමෙන් අම්මේ තාත්තේ…සෑම වෙනසක් ම ඉතා පරිස්සමට කල යුතු බව දැන් ඔබ කොහොමත් දන්නවානේ….

  5. Bahutharayaa July 4, 2017 at 4:06 pm - 

    ඇයි ඔය saitum වෙද සිසුන් ..මෙහෙ භාගයයි රුසියාවේ භාගයයි කියලා medicine කරන්න තමන්ව පොලබවා ගත් නෙවිල් මහත්තයා ට විරුද්ධව නඩු දාන්නේ නැත්තෙ..ඇත්තටම ඒ ලමයින් ව අම්බානකට අන්දලා නෙ ඒකට බන්දවා ගෙන තියෙන්නේ..ඉතින් තමන් ව mislead කරා කියලා නඩුවක් දාන්න නේ තියෙන්නේ..ඕන වැඩේ නැතුව වෙන වෙන බහු බූත කර කර ඉන්නවා නේ..

  6. Bahuthraya July 4, 2017 at 4:07 pm - 

    ඇයි ඔය saitum වෙද සිසුන් ..මෙහෙ භාගයයි රුසියාවේ භාගයයි කියලා medicine කරන්න තමන්ව පොලබවා ගත් නෙවිල් මහත්තයා ට විරුද්ධව නඩු දාන්නේ නැත්තෙ..ඇත්තටම ඒ ලමයින් ව අම්බානකට අන්දලා නෙ ඒකට බන්දවා ගෙන තියෙන්නේ..ඉතින් තමන් ව mislead කරා කියලා නඩුවක් දාන්න නේ තියෙන්නේ..ඕන වැඩේ නැතුව වෙන වෙන බහු බූත කර කර ඉන්නවා නේ..

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල