විවිධාංග, විශේෂ

පොල් මැල්ලුම් ෂාණරයේ කථා නිර්මාණ තරඟ ප්‍රතිඵල

0
තරඟයට සහභාගී වුණ රොමා, දුමී, තරිඳු සහ අරූට නැවතත් මගේ ස්තූතිය. තරඟයේ ගරු විනිශ්චයකාර රවී වීරසිංග මැතිතුමා එතුමාගේ තීන්දුව දන්වා තියෙනවා. තීන්දුව එතුමාගේ වචන වලින්ම පහල පලවෙනවා.

 

ත්‍යාග වල පොඩි වෙනසක් කරන්න අවසර. ස්ථාන තිබුනේ තුනයි. අන් තරඟ වගේ නොව මේක ටිකක් අ(ති)සාර්ථක තරඟයක් නිසා තරඟ කරුවන් සිටියේ හතර දෙනයි. එම නිසා හතර වන ස්ථානයකුත් එකතු කරල සහභාගී වුණ හැමෝටම ජයග්‍රහණය කරන්න අවස්ථාවක් දෙන එක හොඳයි කියලා හිතුනා. මට විශ්වාසයි ගරු විනිශ්චයකාර තුමත් ඒකට එකඟ වෙයි කියලා. ඒ අනුව පළමුවෙනි ස්ථානයට රු. 15,000/= ත්‍යාගය, දෙවන ස්ථානය 10,000/= ත්‍යාගය එහෙම තියෙද්දි තුන්වන ස්ථානයේ ත්‍යාගය රු.7,500/= සහ හතරවෙනි ස්ථානයට රු.5,000/= වශයෙන් වෙනස් වෙනවා. ඔබ හතර දෙනාට කාලය  මිඩංගු කරමින් මගේ පිස්සු වලට අනුග්‍රහය දැක්වූවාට නැවතත් ස්තූතියි.

 

මෙන්න ඔබ පුල පුලා පොල පොලා බලා සිටි ඒ තීන්දුව

ෂමා වෙන්ටෝන මැල්ලුං කතන්දර විනිශ්චය මෙච්චර දවස් පමා වුනාට….:(

මේ දවස්වල මෙහෙ රස්නෙ බොහොම අධිකයි. ඒ එක්කම හදිසි වැඩක් ඇවිල්ල අපි උදේ හතේ ඉඳලහවස හය වෙනකල් එක දිගට වැඩ. තේ වෙලාවටවත් යන්ට නෑ පෑන්ට්‍රි එකට. තේ එකත් ලඟට ගෙනත් දෙනව. දවල් කෑමත් කෑවයින් නොකෑවයින් ආපහු එනව ඩෙස්ක් එකට. ඉතිං එහෙම පැය එකොළහක් ඩෙස්ක් ටොප් ස්ක්‍රීන් එක දිහා බලා ඉඳල හවස ගෙදර ආවම ආය කම්පියුටරේ දිහා බලන්නවත් හිතෙන්නෙ නෑ.

හරි ඒ ඇති මගේ නිදහසට කාරණා නොහොත් විත්ති වාචකය.

දැන් තරඟෙට ඉදිරිපත් වුනු කතා හතර ගැන…… මේ පොල් මැල්ලුම් ෂානරය කියන්නෙ තනිකර ඉයන්ගෙ සංකල්පයක්. ඉතිං එහෙම උනහම ඉයන්ගෙ නිර්ණායක අනුව තමයි තරඟය විනිශ්චය කරන්න වෙන්නෙ.

ඒ අනුව පොල් මැල්ලුං කතාවක එකිනෙකට සම්බන්ධ නොවෙන සිද්ධීන් එහෙම නැත්නම් වෙනස්ම පුද්ගලයින්ට මුහුණ දීමට සිදුවන සිද්ධීන් කිහිපයක් එක පොදු යම් සාධකයකින් එකට ඈඳී තිබීම වැදගත්.

එහෙම බලනකොට රොමාගෙ කතාව ඒ නිර්ණායකයට ගැලපෙන්නෙ නෑ. එකම පුද්ගලයෙකුට ජීවිතේ යම් යම් අවස්ථාවන්හිදී මුහුණ දීමට සිදුවන සිද්ධීන් සමූහයක් වශයෙන් ගත්විට නම් ඔහුගේ කථාව සාර්ථකයි.

අනිත් කථා තුන අඩු වැඩි වශයෙන් ඉයන්ගෙ නිර්ණායකයට අනුව නිර්මාණය කරල තියනව.ඒ අතරිනුත් කථාව ගලා යාමේ අනාකූලතාවය සහ ඒ සමඟ එකිනෙකාට අසම්බන්ධ පුද්ගලයින් සුමට ලෙස නිර්මාණයට යොදා ගැනීම යන කාරණා අතින් දුමීගෙ කථාව ඉතාම සාර්ථකයි.

ඒ නිසා මගේ තීරණය මෙහෙමයි.

1. “ජීවිතයද මේ” – දුමී

2. “නොනවතින ජීවිත” – අරූගේ ලෝකය

3. “එකමත් එක කතා තුනක්” – තරිඳු ලක්ෂාන්

 

ඉයන් ගේ අඩවිය 

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල