
ලාංකීය රැඩිකල් වම මේ වන විට ආණ්ඩුව හා ඒකාබද්ධ විපක්ෂය අතර ඉතා සරල ලෙස බෙදී යමින් තිබේ.
ඒ වගත් මෙසේ ය: ජවිපෙ ආණ්ඩුව පැත්තට ඇදී යද්දී, ජවිපෙ තරගකරුවා වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය වේගයෙන් පොදු ජන පෙරමුණ හරහා රාජපක්ෂ පවුල් මූලික ප්රතිගාමිත්වය වෙත ඇදී යමින් තිබේ.
මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් එකිනෙකාට එල්ල කර ගනු ලබන චෝදනා කිසිවක් මඩ හෝ අවලාද හෝ නො වේ. ඇත්ත ය. මේ නාටකය සමාන වන්නේ කේතලය මුට්ටියට ‘තෝ කළු යැ’ කියා අවමන් කළ විගඩමට ය.
ජවිපෙත්, පෙසපත් යන දෙක ම එක හා සමාන ලෙස කළු ය. වෙනත් ආකාරයකින් කියන්නේ නම් මෙම බලවේග දෙක ඉතා පැහැදිලිව ම ලංකාවේ දේශපාලනයේ අධිපති බලවේග සමග නො නිල වශයෙන් සන්ධාන ගත වී හමාර ය.
මෙයින් ඒ ඒ බලවේගවලට දිවි කැප කර සිටින, ඒ පක්ෂ විසින් සමාජවාදය උදා කර දෙනු ඇතැයි රැවටී සිටින ඇදහිලිවන්තයන්ට දුක හිතෙන්නට හා කෙසේ හෝ එය එසේ නොවේ යයි හිත හදා ගන්නට උත්සාහ කරන්නට ඉඩ තිබේ. එහෙත්, අප නම් මෙම ප්රවණතාවේ කිසිදු වරදක් දකින්නේ නැත.
ලංකාවේ වම යනු රජයෙන් යැපෙන මධ්‍යම පංතියේ පහළ ස්ථරයේ දේශපාලන බලවේගයි. ඊට අමතරව, රජයෙන් වතුර, පොහොර, බිත්තර වී පමණක් නොව අස්වනු මිළ දී ගැනීම පවා අපේක්ෂා කරන, වී ගොවියන් යයි තමන් හඳුන්වා ගන්නා ග්‍රාමීය දිළින්දන් අතර ද ඔවුන්ට යම් පදනමක් ඇත. විධිමත් අන්දමින් කෘෂිකර්මාන්තයේ යෙදෙන සැබෑ ගොවීන් හෝ කම්කරුවන් අතර වාමාංශිකයන්ට පදනමක් නැත. ඔවුන්ගේ කම්කරු ව්‍යාපාර යයි කියන්නේ රජයේ සේවයේ මධ්‍යම පංතික වෘත්තීය සමිති ය.
එජාප-ශ්‍රීලනිප හෝ රාජපක්ෂවාදී පොදු ජන පෙරමුණ වනාහි මධ්‍යම පංතියේ ප්‍රධාන ධාරාවයි. මෙම පක්ෂවලට ධනේශ්වර හා කම්කරු පන්ති අවශ්‍ය වන්නේ මධ්‍යම පන්තියට සැප දෙන අර්ථ ක්‍රමය පවත්වාගෙන යාමටයි.
මෙම යථාර්ථය තුළ රැඩිකල් වමේ කාර්යය වන්නේ පවත්නා ක්‍රමය රැක ගැනීමයි. පවත්නා ක්‍රමය රැක ගන්නට නම් ව්‍යූහාත්මක වෙනස්කම් සිදු කළ යුතු බව වත්මන් ආණ්ඩුව තේරුම් ගෙන සිටියි. ප්රගතිශීලීන්ට තම ක්‍රීඩාව පවත්වාගෙන යාමට පිටියක් නිර්මානය වන්නේ මෙම නිමේෂය තුළ ය. ජවිපෙ මෙම පිටියෙහි ක්‍රීඩාවට පිවිසීම අප අගය කරන්නේ එය ප්රගතිශීලීන්ට ප්‍රයෝජනවත් භූමිකාවක් වන බැවිනි.
එහෙත්, පෙසපට එසේ කිරීමට හැකියාවක් නැත. පළමුව ඔවුන් සිය ප්‍රධාන සතුරා වන ජවිපෙට එරෙහිව සිට ගත යුතුව තිබේ. අනෙක් පැත්තෙන්, පවත්නා ක්රමයෙහි ව්‍යූහාත්මක වෙනස්කම් සිදු වනවාට ඔවුන් අකැමැති ය. එයට හේතුව ඔවුන් තුළ ගොනු වී සිටින්නේ වඩාත් ගතානුගතික වාම අන්තවාදීන් නිසා ය. ඔවුන් ජවිපෙ සමග ඉතිරි වී තිබෙන බලවේගය තරම්වත් නම්‍යශීලී හෝ නවීන නැත. මෙම නම්‍යශීලිත්වය හා නවීනත්වය සාපේක්ෂ ය. මූලික වශයෙන් ගත් කල ජවිපෙ හෝ පෙසප හෝ කිසි සේත් ම නවීන දේශපාලන ව්‍යාපාර නොවේ.
කෙසේ වෙතත්, මෙම දේශපාලන පක්ෂ දෙකෙන් ජවිපෙ යනු යම් වෙනස් වීමේ විභවයක් ඇති බලවේගයකි. පෙසප යනු පැවැත්මක් ඇති පක්ෂයක් නොවේ. පොදු ජන පෙරමුණ සමග සන්ධානගත වී ජාතිවාදී රැල්ලකින් ජවිපෙ දකුණින් පසු කර ඉස්සර වීමේ සිහිනයක් නම් ඔවුන්ට තිබේ. ඒවා නැවත සැබෑ වන්නේ නැති සිහිනයි. එහෙත්, රෝහණ විජේවීරගේ කතා ශෛලිය කොපි කරන, උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය වැනි කැරැලිවලට වෛද්‍ය සිසු බිලිබෝයිලා බිහි කර දෙන තෝතැන්නක් සයිටම් විසින් සකසා දෙනු ඇතැයි අපේක්ෂා කරන, විරුද්ධ මතධාරීන්ට අසූනමයේ කැරැල්ලේදී දුන් දඬුවම් දෙන්නට යළි අවස්ථාව ලැබෙනු ඇතැයි සිතන මෙම අනුකාරකවාදීන්ට තම සිහින සැබෑ නො වන බව තේරෙන්නේ නැත.
කෙසේ වෙතත්, පෙසපට පැවැත්මක් නැති වන්නේ ද නැත. එක පැත්තකින් රාජපක්ෂ බලවේගයට නඩු හබවලින් බේරීම සඳහා ඉක්මණින් ආණ්ඩු පෙරළා ගැනීමට අවශ්‍ය ය. පෙසපට ද ජවිපෙට කෙළවීමට මේ ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය ය. සල්ලි නැති ආණ්ඩු විරෝධී හිඟන්නන්ට පිළිසරණ වන්නට ඇති තරම් සොරකම් කළ මුදල් රාජපක්ෂලාට තිබේ.
අනෙක් පැත්තෙන්, ෆේස්බුක් එකේ කුණුහරුප ලියන යතුරු පුවරු කැරැලිකරුවන්ට හා යුරෝපා රටක දේශපාලන රැකවරණ හරහා පුරවැසිකම දිනාගෙන ජාත්‍යන්තරවාදීන් වූ හෝ එසේ වන්නට සිහින දකින සරණාගත විප්ලවවාදීන්ට ද, කෑම දිරවන්නට පවත්වන සැඳෑ හමුවල කතා පැවැත්වීම පිණිස දෙන්නෙකු එකතු වී අමුතු නම් තිබෙන සංවිධාන පහක් හදා ගන්නා අනන්‍යතා අර්බුදවලින් පෙළෙන නිකමුන්ට ද පෙසප වැනි පක්ෂ ලගින්නට, හුලිජ්ජ කරන්නට සෙවණකි.
ප්රගතිශීලී දේශපාලන ව්‍යාපාර විසින් මෙම අවතාර නිවැරදිව තේරුම් ගත යුතුව තිබේ. සමාජය යහපත් අන්දමින් වෙනස් කිරීමේ කාර්යයේදී මොවුන්ගෙන් වුව ගත හැකි ප්‍රයෝජන තිබේ. ප්රගතිශීලීන්ට අවශ්‍ය මූලික දේ වන්නේ මෙම ක්‍රමය වෙනස් කිරීමයි. වඩාත් සරලව කිවහොත්, වත්මන් මධ්‍යම පන්තික ආධිපත්‍යයෙන් යුතු සිංහල පිරිමි මූලික දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු ය. ව්‍යවසායකත්වය, ශ්‍රමය හා කාන්තාවන් බලසතු කළ යුතු ය. පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීමට උත්ප්‍රේරක සැපයිය යුතු ය. ඒ සඳහා වැඩ කරන ජනතාවගේ දේශපාලන බලය ශක්තිමත් කළ යුතු ය.
Related Posts
-
February 12, 2019 -
-
February 12, 2019 සියක් සිදුරු අයිඑස්එස් එකේ (Impacts on Columbus Module)
-
February 7, 2019 හිරමනේ සහ ලොකු සාදු
-
February 7, 2019 මල් පුසුඹ
-
February 7, 2019 නිකසළ ලංකා – ජාතික කසළ පිරිසිදු කිරීමේ දිනය ගැන
Categories
- ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල (21)
- අතීතකාමය (148)
- අධ්‍යාපනික (108)
- ඉතිහාසය (72)
- ක්‍රීඩා (1)
- කාලීන සංවාද (740)
- කෙටි කථා (155)
- දේශපාලන (80)
- නව ව්‍යවස්ථාව (12)
- පරිවර්තන (9)
- ප්‍රහසන (70)
- බ්ලොග් නවකතා (8)
- විචාර (63)
- විද්‍යා ප්‍රබන්ධ (20)
- විද්‍යා හා තාක්ෂණ (59)
- විවිධාංග (108)
- විශේෂ (308)
- සංගීතය (55)
- සංචාරක හා ඡායාරුප (41)
- සඳැස් / නිසඳැස් (322)
- සාහිත්‍ය කළා විචාර (309)
- හයිකු හා කෙටි කවි (50)
Video wall
‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල
සින්ඩි
Archives
- February 2019
- January 2019
- August 2018
- July 2018
- June 2018
- May 2018
- April 2018
- March 2018
- February 2018
- January 2018
- December 2017
- November 2017
- October 2017
- September 2017
- August 2017
- July 2017
- June 2017
- May 2017
- April 2017
- March 2017
- February 2017
- January 2017
- December 2016
- November 2016
- October 2016
- September 2016
- August 2016
- July 2016
- June 2016
- May 2016
- April 2016
- March 2016
- February 2016
- January 2016
- December 2015
- November 2015
- October 2015
- September 2015
- August 2015
- July 2015
- June 2015
- May 2015
- April 2015
- March 2015
- February 2015
- January 2015
- December 2014
- November 2014
- October 2014
- September 2014
- August 2014
- July 2014
- June 2014
- May 2014
- April 2014
- March 2014
- February 2014
- January 2014
- December 2013
- November 2013
- October 2013
- September 2013
- August 2013
- July 2013
- March 2013
- November 2011
- December 201
News Papers
News Sites
- 3mana
- Aadaderana
- Asian Tribune
- DBS
- Ground Views
- Hiru News
- Human Rights Asia
- JDS Lanka
- Kathika
- Pathula
- Lanka Truth
- Lankapuvath
- Meepura
- Neth FM
- News First
- Randora
- Sandeshaya
- Sannasa
- Sri Lanka Brief
- Sri Lanka Campaign
- Sri Lanka Guardian
- Sri Lanka Mirror
- Tamil Guardian
- Vikalpa
- Vimasuma
- Defence.lk
- Lanka Web
- LankaPage
- LankatNews
- Asian Tribune
- Lanka Standard
- Lanka Business
- News.lk
- Colombo Gazette
- Lanka Herald
- Tamil World Today
- ELankanews
- Colombo Mirror
- Thathu
- News of Colombo
- The Radio ceylon
- Tamil Diplomat
- Samakalam