කෙටි කථා

ගිම්හාන -2 වෙනි කොටස(_නිමි_)

Off

මම අදටත් පසු තැවෙන්නේ වත්සලාව බඳින්න ගත්ත තීරණේ ගැන ඒත් වත්සලා හැම දාම ඇන්න කටු වලින් හදවත සිදුරු වෙලා තියෙද්දී තමා වත්සලා මගේ මුළු හදවතම බිමට සමතලා කරලා පොඩි කරලා දැම්මේ ආයේ කවදාවත් වේදනාව මොකක්ද කියලවත් දැනෙන් නැති තරමටම , ඒ තමා වත්සලා ප්‍රෙග්නන්ට් කියලා කියපු දවස ඒ වෙනකොට වත්සලාත් මමත් වෙන වෙනම එකම ගෙදර බෝඩින්කාරයෝ දෙන්නෙක් වගේ ජීවත් වෙන්න පටන් අරන් තිබුනා…මේ දරුවා මගේ නෙවේ කියන්න දැනන් උන්නේ මමත්,ගෙදර වැඩ කරන රාණි අම්මත් විතරයි.

ඒ වෙනකොට මම රජයේ කන්තෝරුවක එකවුන්ටන් කෙනෙක් විදිහට වැඩ කරලා මගේ වියදම් මම’ම දරා ගත්ත කාලයක් ගෙවමින් උන්නේ.. මේ හැමදේම දරුණු විදිහට වෙනස් වෙන්න ගත්තේ වත්සලාගේ තාත්තගේ හදිස්සි මරණයෙන් පස්සේ..තාත්තා වෙනුවට වත්සලා බිස්නස් මීටින් එකකට කියලා සි0ගප්පුරු ගිහින් ආවට පස්සෙයි ඒ වෙනකොට වත්සලාගේ බඩට මාස හතරයි ඩොක්ට චන්ද්‍රසිරි මට කෝල් කරලා වත්සලා දරුවා නැති කරන්න යනවා කියලා කියනකම් මම දැනන් උන්නේ නෑ.. ඒත් වත්සලා ඒ වෙනකොට දරුවා නැති කරන්න පරක්කු වැඩී..මට මේ සේරම දේවල් දමලා ගහලා යන්න හිතුනත් අ0කල්ට මැරෙණ මොහොතේ වත්සලා මොන දේ කලත් බලා ගන්නවා කියලා දුන්න පොරොන්දුව නිසාම මට ඉවසන්න සිද්ද වුනා…

වත්සලා දරුවා කුසේ දරන් උන්න මාස ගෙව්වේ ගොඩක්ම ගෙදරට වෙලා ඉදන් ඒ මාස කීපය ඇතුලත වත්සලාට දරුවා නැති කරන්න කියලා වත්සලාගේ බිස්නස් පාට්නර් කෙනෙක් වන බ්‍රයන් උදව් කරන්න හදනවා කියලා මන් දැන ගත්තේ මම වැඩට ගිය අතර තුර බ්‍රයන් වත්සලා බලන්න ඇවිත් කතා වෙනවා රාණී අම්මා මට කිව්ව දවසේදී යි. ඒත් මම ඒ හැම දේම ඉවසගෙන ඉඳලා දරුවා ලැබුනට පස්සේ ගෙදරින් යන්න තීරණ්නේ කලේ වෙන කරන්න දෙයක් නොතිබුන නිසාමයි.පුළු පුළුවන් විදිහට රාණි අම්මා ලව්වා වත්සලාට වඩා දරු පැටියා කුසේදී පරිස්සම් කර ගත්තේ සමහර විට වත්සලා ජීවිතේ නව ආරම්භයක් අරන් දෙන්න මේ දරුවට පුළුවන් වෙයි කියලා මට හිතුන නිසා.ඒත් වත්සලාට ඕන උනේ දරුවා ඉක්මනින් උපද්දලා අනාත නිවාසෙකට දෙන්න

ඒ වෙනකොට වත්සලයි මායි මුණට මුණවත් මුණ නොගැහෙන්න වග බලා ගත්තා රාණී අම්මා තමා අපි අතර පණිවුඩ හුවමාරු කලේ දවසක් මොරසුරන වැස්සට දැනුන හීතල එක්ක මහා ගැඹුරු නින්දක ඉද්දී මම ගිය වාහනේ හීනෙන් වතුරට පෙරලුනා වාහනේ දොර ඇර ගන්න බැරුව වතුර යටදී මම දොරට මහා හයියෙන් අතින් ගහන සද්දෙට සමාන සද්දයක් එක්ක මම ඇහැරුණා ඒ වෙනකොට වෙලාව පාන්දර 2.30 යි රාණි අම්මා කෑ ගහනවා මම නිදි මර ගාතේ උනත් ඉක්මන් උනේ වත්සලාට අමරුවත් වෙලාද කියලා හිතලා මම හරියටම හරි වත්සලාට අමාරුයි එදා පලවෙනි වතාවට වත්සලාව මම අත් දෙකෙන් උත්සන් ඇවිත් වාහනේ වාඩි කෙරෙව්වා ඊට පස්සේ වාහනේ ඉගිල්ලුනේ කලින් ක්ලිනික් ගිය ගෙවන හොස්පිටල් එකට ඒ වෙලේ වත්සලාට හොදටම අමාරු වෙලා තිබ්බා. ඩොක්ටස්ලගේ උනන්දුවෙන් ක්ෂණිකව වත්සලා සීසර් කරන්න තීයටර් එකට ගෙනිච්චා .මම එතන එළියේ බ0කුවේ වාඩි වෙලා නොසන්සුන්ව බලන් හිටියා. සෑහෙන්න වෙලාවකට පස්සේ වීදුරු පෙට්ටියක දාපු රතුම රතු කොන්ඩේ තිබ්බ චූටී පැටියෙක් අරන් විදුලි වේගෙන් නර්ස්ලා වෙනම කාමරයකට ගියා.ඒ තමා මම ,අලුත උපන් කිරි කැටියෙක් දැකපු මුල්ම වතාව මාස හතෙන් ඉපදුන නිසා දැඩි සත්කාර එකේ බට වලින් කෘතිම ස්වසනය දෙන්න තරම් ඒ පැටියා හරිම දුර්වලව හිටියා මම උදේ හවස මේ පැටියා බලන්න ඇබ්බැහියකින් පිස්සුවෙන් වගේ හොස්පිටල් එකට දිව්වා මොන හේතුවක් නිසාද කියන්න මම දන්නේ නැති මහා සෙනෙහසකින් මේ පුංචි ජීවියා මාව බන්ධනය කරගෙන තිබ්බා.දවසක් මම හොස්පිටල් එනකොට වත්සලා ගෙදර ගියා කියලා නරස් කෙනෙක් කිව්වම මට අදහන්න බැරු උනා මම හරිම හිත් වේදනාවෙන් කොරිඩෝව දිගේ පැටියා ඉන්න දැඩිසත්සකාර ඒකකයට යද්දි එතන බ0කුවේ ඉදන් ඉදපු රාණි අම්මා ම0 ලගට ඇවිත් කිව්වේ බ්‍රයන් මහත්තයා වත්සලා නෝනව එක්ක ගියා බබා බැලුවෙත් නෑ කියලයි. එතනින් පස්සේ වත්සලා ගැන හිතනවට වඩා කාටත් එපා උන මේ පැටියගේ උප්පැන්නේ තාත්තගේ නමේ ඉදන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තාත්තා වෙන්න මට ඕන උනා.වත්සලාගේ ජීවිතේ වෙනස් කරයි කියලා හිතපු මේ කුඩා ජීවියා ටිකෙන් ටික මගේ මුළු ලෝකෙම උනා.මගේ ලෝකෙම වෙනස් කලා

රාණි අම්මගේ ආදාරයෙන් පැටියා අරන් ගෙදර ගියාට වත්සලාට ඕන උනේ නෑ කවදාවත් දරුවා දිහා ඇහැක් ඇරලවත් බලන්න උදේ රෑ නිදිමරාගෙන මම නිකිණි ටිකෙන් ටික ලොකු කරා එයාගේ අම්මගේ එක රුපියලකවත් හෙවන නිකිණිට නොවැටෙන්න මම වග බලා ගත්තා.නිකිණි වෙනුවෙන් මට කිරි එරුන් නැති ටික විතරයි

මේ වත්සලාත් මමත් විවාහ වෙලා ගෙවෙන හත්වෙනි අවුරුද්ද මම කතාව ලියන්න පටන් ගත් තැන මගේ දෝණි නිකිණි තාත්තා කියලා කට පුරා හිනා වෙලා මගේ ජීවිතේ පුරවපු අවුරුද්ද අද අපි වත්සලාගේ ලෝකෙන් සදහටම යන්න යනවා වත්සලා අත්සන් කරලා මට අත්සන් කරන්න කියල අවුරුද්දකට කලින් දුන්න ඩිවෝස් පේපර් වලට මම අද උදේ අත්සන් කරා ,දරුවා වත්සලාට අනවශ්‍ය බව අමුණලා දුන්න ලියුමේ අන්තිමෙට මම දරුවගේ වගකීම් බාර ගන්න තීරුවටත් මම සතුටින් අත්සන් කරා.වත්සලා මුණවත් අද වෙනකම් නොබලපු,කිරි බි0දුවක් නොදුන්න ඒත් මගේ වෙච්ච ලෝකේ වටිනම වස්තුව අරන් මම යනවා ජීවිතේ අලුත් පිටුවක් පෙරලන්න.

අවසානෙට,
මේ සේරම ලිව්ව මේ පොත වත්සලාගේ කාමරේ මේස උඩ අත ඇරලා යනවා මොකද කුණු වෙච්ච අතීමය අනාගතයට අරන් යන්න හිතුවොත් වර්තමානේ ගද ගහන නිසා.කවදාම හරි දවසක ඉබාගාතේ දුවන වත්සලාගේ ජීවිතේ අපි ලගට ආයෙමත් ඇවිත් නතර වෙයිද කියලා හිතේ දෙගිඩියාවක් නැතුවමත් නෙවේ ඒත් එහෙම වෙන්නේ සුරන්ගනා කතා වල විතරක් උනත් අකමැත්තෙන් උනත් නැවත වත්සලා අපිව හොයන් එයි කියන බලාපොරොත්තු විතරක් අරන් යන්න මම හිත හදා ගත්තා මොකද දුවෙක් වෙනුවෙන් අම්මා කෙනෙක්ගේ අඩුව තාත්තෙක්ට පුරවන්න තරම් හයියක් නැති නිසා.

ශීත සෘතුව ඉවර වෙන එකම
කොයි තරම් නම් හොදද
ජීවිතය දැක, දැකම
මියැදෙන එකම
කොයි තරම් නම් දුකද
ගිම්හානයේ අසිරිය
විදගන්න දුක් විදින එකම
කොයි තරම් නම් සුවද
ලෝකයට පුළුවන් නම්
ගිම්හානයේ නතර වෙන එකම
කොයි තරම් නම් හොදද

_නිමි_

https://shanu1987.blogspot.it/2017/10/104-2.html?m=1

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල