කාලීන සංවාද

ස්කෝලේ පංසලට ගෙන යෑම

Off

ආනන්දේ නාලන්දේ උන් කියනවා ඒක පංසලක් වගේ දෙයක්ලු..ඒක අස්සේ තියෙන්නෙ ආගමික මෙව්වා එකක්ලු..උරුමයක්ලු. මේක පොඩ්ඩක් වාඩිවෙලා හිනාවෙන්නත් අමාරු සීන් එකක්..මොකද පුකෙන් නෙව හිනා යන්නේ..

මුලින්ම ස්කෝල ඇතිවෙන්නේ ආගමික නැඹුරුවක් එක්ක. එංගලන්තේ උනත් ප්‍රකට විස්ස විජ්ජාල ඇරඹෙන්නේ ඓ්ම..මම හිතන්නේ යුරෝපේ අනික් රටෝලත් එහෙම වෙන්න ඇති. ඒත් කාලයක් ඉද්දි මිනිස්සු දියුනු වෙද්දි උන් පල්ලියෙන් ස්කෝලේ ගලවනවා..ගලවලා ඒ දෙක වෙන වෙනම පවත්වාගෙන යනවා. දැන් ඇතැම් දියුනු විශ්ව විද්‍යාල ගාව පල්ලියක් තිබුනත් ඒක සිම්බොල් එකක් විතරයි.. ඉන් එහා ලොකු බැදිමක් ඒ එක්ක නැහැ..ස්කෝල වුනත් එහෙමයි..

සැකිල්ලක් විදියට ගතහොත් අපේ ස්කෝල ඔක්කෝම දුව්නනේ වික්ටෝරියානු ආත්තගේ කාලේ තිබුන ක්‍රමයට..ආනන්දේ රෝයල් සහ ගොංකටුආර මධ්‍ය මහා විද්‍යාලයෙත් උගන්වන ක්‍රමය එකයි.. එක පන්තිකාමරයකට ලමයි හතලිහක් පනහක් ගාල් කරලා.. ගුරුවරයා දෙවියෙක්ට ආරූඩ කරලා, පාඩම් පොත් දීලා, තද එක්සෑම් තියලා ඇත්තටම හොදටම මේක ගැලපෙනනේ පරණ වික්ටොර්යි ආච්චිගේ කාලේ අධයාපනයටම තමයි.. මේකේ ස්කෝල අතර සැකිල්ලේ වෙනසක් නෑ..තිබෙන සම්පත් වල වෙනස සහ තෝරාගන්නා ලමුන් නියැදිය අනුව ඉතිං ස්කෝල වෙනස් වෙනවා.

කොහොම වුනත් අධ්‍යාපනය කියන්නේ ආගමක් නෙමෙයි.. එය ඇවිල්ලා දැනුම් පද්ධතියක් ළමා මනසට අවශෝෂනය කරගැනීමක් ..එතනදී ආගම ඉගැන්වීම කියන්නේ තනිකර ගෝත්‍රික දෙයක්..ආගම අවශ්‍ය නම් ඔවුන් පසුකාලීනව බදා ගැනීවි.. මේ ආගම ඉගැන්වීම කාලාන්තරය්ක තිස්සේ විද්වතුන් අතර මතබේධයට තුඩුදුන් කාරණාවක් වුනා.

අපි දැන් සෛ්බුක් දානවා ආගම ජාතිය, ගෑනු පිරිමි, පොශ් ගොඩේ කියලා පාසැල් වර්ග කරන්න එපාය කියලා..නිකමට කල්පනා කරල බලන්න මේ සටන්පාඨ කොච්චර පරණද? මේ විදියට ස්කෝල බෙදන්න එපා කියා ආයේ ඉල්ලන්න දෙයක් තියනවද? නෑ.. මේව ඇවිල්ලා යුරෝපයේ 1950ටත් කලින් තිබුන දේවල්.. අපි 2017 වෙද්දි තාමත් ස්කෝල ටික ආගම් වලින් ගලෝගන්න බැරුව, ජාිත ආගම් බෙදීම් වලින් ගලෝගන්න බැරුව තටමනවා.

ළමයා ගෝත්‍රිකයෙක් නෙමෙයි ජාත්‍යන්තරයට ගැලපෙන පොශ් බඩුවක් කරන්න උත්සාහ ගන්න. උන් අර පරණ කාලේ කියපු විදියට ලොව පිලිගත් වියතුන් සබා මැද ඉස්ට ඉදිරිව සිල්ප දෙන්න. එහෙම නැතුව අහවල් තැන අහවල් විදියට ඒ ජාතියට ඒ ආගමට සලකන බයිලා පුරවලා ලමයින්ගේ ඔලු කන්න එපා..

අනික ස්කෝල ගිහින් ඉවරනං කරුනාකර ඉස්කෝලෙන් අයින් වෙන්න. ඒවා කරගෙන යන අයට කරගෙන යන්නට ඉඩදෙන්න.. ආය කල්පනා කරල බලන්න. අපි තාම දරුවාගේ අධ්‍යාපනය, ජාති ආගම් අනුව වෙන් කරන්න එපා කියලා කතා වෙනවා. ..අපි කොතනද? සිරාවටම අපි කොතනද?

මේ ගෙවෙන්නේ 2017

http://ansathudinapotha.blogspot.com/2017/10/blog-post_17.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල