සඳැස් / නිසඳැස්

ආදරණීය අඳුර…

Off

හඬා වැලපෙන අහස මම
සිනාසෙන වැව් තරඟ ඔබ…
වැව් දියේ සෙනෙහසින් නැලැවෙන
සුමුදු සුදු සියපතයි ඇය…..

අහසෙ පිපි තරුපතිය මම
කැලුම් ලද මහ පොලොව ඔබ
ලෙවන් හද ගැබ පෙමින් ඉල්ලන
සුමුදු සුදු තරුමතිය ඇය……

සැලෙන නැලැවෙන පහන ඇය
සිඹින රෑ මද පවන ඔබ…
බිදුණු පෙම් සිත් පතන තනිවන
රැයේ නිසසල අඳුර මම……

http://awasankawiya.blogspot.com/2017/10/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල