කාලීන සංවාද

ටිම් හෝර්ට්න් සහ ලාල් කාන්තලා

Off

ටිම් හෝර්ට්න් යනු කැනඩාවේ සිටි අයිස් හොකී ක්‍රීඩකයෙකි. ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු තම නමින් කෝපි අවන්හල් ඇරඹූ අතර එය ඉතා ඉක්මනින් ජනප්‍රිය වී කැනඩාව පුරා පැතිර ගියේය​. මෙම ටිම් හෝර්ට්න්ස් කෝපි අවන්හල් හල් නිසා අද දිනයේ දස දහස් සංඛ්‍යාවක් රැකියා ලැබ පවුල් ජීවත් කරවති. ජීවතුන් අතර නොමැති වූවද ටිම් හෝර්ට්න් තවමත් කැනඩාවේ ජාතික වීරයෙකි.

එහෙත් ටිම් හෝර්ට්න් ලංකාවේ උපත ලබා මෙම අවන්හල් ව්‍යාපාරය ලංකාව තුල ආරම්භ කලේ නම් ලාල්කාන්තලා ටිම් හෝර්ට්න් ධනපතියෙක්ද , ශ්‍රමය සූරාකන්නෙක්ද කියා ඔහුට භංගවේවා කියනු ඇත​. ලංකාවේදී ටිම් හෝර්ට්න් වැනි පුද්ගලයෝ වාමාංසිකයන් හඳුන්වන්නේ කූට ව්‍යාපාරිකයන් කියාය​.

මිනිසුන්ට ජීවත් වීමට අවම වශයෙන් රැකියා දහයක් දී ඇති ව්‍යාපාරිකයන් හඳුනාගෙන ඔවුන්ට රාජ්‍ය මට්ටමින් ගෞරවයක් ලබා දී දිරිමත් කල යුතුය​. එවිට මිනිසුන් ලාල් කාන්තලා වීම වෙනුවට සමාජයට වැඩදායක මිනිසුන් වීමට උත්සහ දරණු ඇත​. නමුත් අවාසනාවකට මෙන් රැකියා උත්පාදනය කරන ව්‍යාපාරිකයා දෙස තවමත් ලාංකික සමාජය බලන්නේ වපර ඇසිනි. නමුත් තේරුම් ගත යුතු සත්‍ය වන්නේ ලාල් කාන්තලා වැනි වාමාංශිකයන් තුන් වේල කා කටින් විවේචන කරන්නේ මෙම ව්‍යාපාරිකයන් විසින් උත්පාදනය කරන මුදල් වලට පින් සිදු වන්නටය.

ටිම් හෝර්ට්න්ලා ජීවත් වූ කැනඩාව ධනවත් රටක් වන්නටත් ලාල් කාන්තලා ජීවත් වන ලංකාව දුගී රටක් වන්නටත් එක් හේතුවක් වන්නේ ලාල් කාන්තලා ප්‍රමෝට් කරන ආකල්පමය දරිද්‍රතාව ලාංකික ජනයා තදින් බදා ගැනීම නිසාය.

http://transyl2014.blogspot.com/2017/10/blog-post_17.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල