සංගීතය

මරා දමන ලද සුන්දර සමනලයකුගේ ඈත විහිදෙන ගුණ සුවඳ

0

මේ ගීය ගායනා කරන්නේ කරමටුල්ලෝ කුර්බනොව්. ඔහු තජිකිස්ථානයේ සිටි ජනප්‍රිය ගායකයෙකු හා සංගීතඥයකු වුණා.

ගීතය අහලා පහත තිබෙන විස්තරය කියවන්න. ලෝකය කොයි තරම් කෘර ද කියා ඔබට සිතේවි.

වසර 1992දී තජිකිස්ථානය සෝවියට් සමූහාණ්ඩුවෙන් කැඩී යාමත් සමග එරට ඇති වූ සිවිල් යුද්ධය අතරතුර කරමටුල්ලෝ සහ ඔහුගේ සංගීත කණ්ඩායමේ පිරිසක් 1992 ඔක්තෝබර් 17දා එරට මිලිටරි කණ්ඩායමක් වූ ජනප්‍රිය පෙරමුණේ ඝාතකයන් විසින් මරා දමනවා. එතකොට කරමටුල්ලෝගේ වයස අවුරුදු 30ක් හෝ 31ක් ඇති.

සෝවියට් සංගමයෙන් නිදහස ලැබූ තජිකිස්තානයේ 1992 සිට 1997 දක්ව පැවති සිවිල් යුද්ධය අතරතුරයි මේ ඝාතනය සිදු වුණේ.

තජිකිස්තානය කියන්නේ මධ්‍යම ආසියාවේ පිහිටි උතුරින් කිර්ගිස්තානයටත්, නැගෙනහිරින් චීනයටත්, දකුණින් ඇෆ්ගනිස්තානයටත්, බටහිරින් උස්බෙකිස්තානයටත් මායිම් වූ කඳුකර රටක්.

කරමටුල්ලෝගේ දියණිය තමයි නොසියා කරමටුල්ලෝ. පියා මරා දමන විට ඇගේ වයස අවුරුදු හතරක්. කෙසේ වෙතත්, ඇය අද වන විට තජිකිස්ථානයේ, ඉන්දියාවේ, පකිස්තානයේ, ඇෆ්ගනිස්ථානයේ මෙන් ම ලංකාවේ ද ජනප්‍රිය ගායිකාවක්. ලංකාවේ ඉතා ජනප්‍රිය වූ නගෝ නගෝ ගීයේ මුල් ගායිකාව ඇයයි.

ඉන්දියාවේදී සංගීතය උගත් නොසියා එහිදී පැවැත්වූ සංදර්ශනයක දර්ශනයක් මේ.

ලෝකය කොයි තරම් කුඩා ද? තජිකිස්ථාන සංගීතය අපට සමීප වෙන්නට හේතුව මේ ගීයෙන් හඳුනා ගන්නට පුළුවන්.

සෑම මරණයක් ම ප්‍රියයන්ට දුක්බර ය. කලාකරුවන්ගේ මරණ වඩාත් දුක්බර වන්නේ ඔවුන් විසින් නිර්මානය කරන කලා කෘතිවලට ආදරය කරන මහා ජනතාවන්ට එය ඉතා හැඟීම්බර නිසා ය.

තජිකිස්ථානය ගැන පහත දැක්වෙන සටහන මා උපුටා ගත්තේ රයිගම හන්දිය නම් බ්ලොග් අඩවියෙනුයි.

තජිකිස්තානයට ඉතාම ළඟ රටක මා අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත කළා. මිනිසුන් කෙසේ වෙතත්, කෑම නම් හරි රසවත්. තජිකිස්තානයේ අගනුවර මා හිතන්නේ ලාංකික සිසුන් හිටියා. මා මේ සටහන ලියන්නේ අද තජිකිස්ථානය ගැන. ඇත්තටම මා කනගාටු වෙන්න ඕනෙද කියල තීරණය කරන්නත් අමාරුයි.

තජිකිස්ථානය, අදත් සෝවියට් සංගමයෙන් කැඩුන රටවල් (සංගම්) අතරින් ඉතාම දුප්පත් රටවල් අතරින් එකක්. ඒ කොහොම උනත් අගනුවර දුශාන්බේ නම් එහෙම පෙන්නේ නැහැ. ගොඩක් මුදල්, නවීන වාහන හා නව ඉදි කිරීම් මෙහිදී දකින්න පුළුවන්. කොහෙන්ද මෙතරම් ධනය? මොනවත් නොවේ, තජිකිස්ථානය හා ඇෆ්ගනිස්තානය අතර තියන කිලෝමීටර 800 ක් වන දේශසිමාවද මෙයට උත්තර සපයනවා. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ දෙපාර්තමේන්තුවට අනුව ඇෆ්ගනිස්තානය වාර්ෂිකව නිපදවන ටොන් 90 ක හෙරොයින් වලින් ටොන් 30 ක් පමණ රුසියාවට යැවෙන්නේ මේ දුශාන්බේ හරහා. මේ වෙළඳාම තජිකිස්තානයේ දල ජාතික නිෂ්පාදනයෙන් 30 -50% අතර ප්‍රමාණයක් වන බව තමයි විශ්ලේෂකයන් පවසන්නේ. මේ කොහොම උනත්, මෙවැනි මත් ද්‍රව්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන මෙක්සිකෝවේ දකින විදිහේ දරුණු අපරාධ, තජිකිස්ථානය තුල දකින්න නැහැ.

මේ අතර තජික් රජයෙන්ද මේ වෙළඳාමට අවහිර කරන බවක් පේන්නට නැහැ. වසර 2001 ඉඳලා මේ වනවිට “කුඩු” කාරයන් අල්ලා ගැනීම 80% කින් පහල ගිහින්. මේ කාලය ඇතුලත ඇෆ්ගනිස්තානයේ “කුඩු” නිෂ්පාදනය දෙගුණයකින් ඉහල ගිහින්. අර අල්ල ගන්න එවුනුත්, ලොකු මුදලාලිලා නොවේ, පොඩි එවුන්. උන්ව අල්ල ගන්නෙත්, ලොකු එවුන්ට නිදහසේ “වැඩේ” කර ගන්න පාර කපන්න කියල කියනවා. තජිකිස්ථානය ඇමෙරිකාවේ “ත්‍රස්තවාදයට එරෙහි සන්ධානයේ” “වැදගත්” කොටස් කරුවෙකු නිසා, එය කඩාකප්පල් කර ගැනීමට නේටෝව ක්‍රියා කරන්නේ නැහැ (කොහොමටත් “කුඩු” යන්නේ රුසියාවටනේ!-අවධාරණය මගෙන් ).

කුඩු වෙළඳාම නැගල ගියත් සාමාන්‍ය තජික් ජනයාගේ ජිවිතයේ නම් වෙනසක් වෙලා නැහැ. රටේ ජනගහනයෙන් අඩක් ජිවත් වෙන්නේ දිනකට ඩොලර දෙකකට වඩා අඩු මුදලකින්. රටේ ආදායමෙන් 45% පමණ එන්නේ රටෙන් පිට ගොස් වැඩ කරන තජික් ජනයා එවන මුදලින් (අමතක කරන්න එපා “කුඩු” වලින් 30 -50% ක පමණ ප්‍රමාණයක් උපයනවා කියනවානේ. යකෝ වෙන මොනවත් නිපදවන්නේ නැත්ද?) . තජිකිස්ථානය මධ්‍යම ආසියාවේ ආස්චර්යයද?

(අන්තර් ජාලය හා “The Economist”ඇසුරු කරන ලදී).

http://www.w3lanka.com/2017/10/blog-post_81.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල