විවිධාංග

ලේනා සහ කොල්ලා

0

ගේ උගේ ය කියා සිතනා ලේනෙක් අප නිවසේ වෙයි. සෑම දිනකම පාහේ නිවසේ නිදහසේ ඇවිද ශැඩෝට ද හසු නොවී යන මේ ලේනා නිවැසියන්ට කිසිදු බියක් නොදක්වයි. ඒ නිසාම අද සිදුවූයේ මහා බියකරු දෙයකි. අද නිවාඩු දිනය නිසා පස්සා පැත්තෙන් දුන් දානකම් නිදා ගන්නා මා ඇහැරුනේ ගෙදර පොඩි කොල්ලාගේ බියකරු කෑගසීම් හඬිනි.යටි ගිරියෙන් කෑගසා ගෙන ගේතුලට දිවූ කොල්ලාට සිදු වූයෙ කුමක් දැයි කීමට සිහි එලවා ගැනීමට ටික වේලාවක් ගත වූ අතර ඔහු වටා , කොන්ද නමාගෙන නැමී ඔහු දෙස බලා සිටි අපගේ කුතුහලය ද අසීමාන්තික විය.

” මොකද පුතේ උනේ ? “

” අම්මේ……..අර ලේනා……”

” ඔව්…. ඌ කෑවැයි ?”

” නෑ ..ඈ…… ඌ…… ”

” ඔව් ”

” ඌ මගෙ කලිසම අස්සෙ ඉදල දිවුවා”

” මොනවා….”?

ඔහු දෙසට නැමී සිටි අපගේ කොඳු කෙලින් විය.
කොල්ලා තවමත් සිටින්නේ රාත්‍රී ඇදුම වූ ඉරි ඉරි පිජාමා ඇඳුමේ දිග කලිසම් කකුල් දෙක දෑතින්ම උඩට ඔසවා ගනිමින්ය……..

ඇත්තටම මොකද වුනේ කියා දැන ගැනීමට තවත් පැය කිහිපයක් ගත වූ අතර සිදු වී ඇත්තේ ලේනාගේ ක්‍රියා නිරික්ෂණයට ඌ අසලටම ගොස් සිටි කොල්ලාගේ පිජාමා ඇදුමට ආසා සිතු ලේනා හිටිවනම පැන කොල්ලා ගේ කලිසම් කකුල දිගේ ගමන් කිරීමට ගැනීමයි. නොසිතූ සිද්ධියෙන් බියපත් වූ කොල්ලා , කෑගසමින් දිව විත් ඇත. ලේනා සොයා ගැනීමට නැත.

අවසානයේ දී සිද්ධිය නිමා වුනේ කොල්ලාට දුන් උපදේසයක් ද සමඟිනි.
“ අනිත් දවසෙ යන්නෙපා ඕකා ළඟට ඌ ඊළඟ සැරේ කලිසම අස්සෙ උගෙ කූඩුවත් හදාවි හරිය ?“

අද දවසම අප පවුලම ප්‍රතීයෙන් තැබීමට මේ සිදුවීම ඉවහල් වුනත් මේ පිස්සු ලේනා සීරුවා නම් තත්ත්වය මීට වඩා වෙනස් වීමට බොහෝ සෙයින් ඉඩ තිබුනි.

පින්තූරය – ලේනා ගෙට පැමිණි එක් දිනක ලබා ගන්නා ලද්දකි.

http://sodurusitha.blogspot.com/2017/11/blog-post_25.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල