සාහිත්‍ය කළා විචාර

ඉතිහාසෙ ගැන ආඩම්බරද පද්මාවතී ?

0

දීපිකා පදුකෝන් රංගනයෙහි යෙදෙන පද්මාවතී චිත්‍රපටය හරහා හින්ෆ්හු ඉතිහාසෙට අපහස උනා කියලා ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ, හර්යානා ප‍්‍රාන්තය නියෝජනය කරන හින්දු ජාතිකවාදී නායක සුරාජ් පාල් අමූ දීපිකා පදුකෝන්ගෙයි සංජය ලීලා බන්සාලිගෙයි හිස් වලට ඉන්දියානු රු.කෝටි 100ක මිලක් නියම කරලා..

ඕක අහලා ඉකේයියා ඉන්දියන් බයියො වගේ කියලා ගොඩක් අය හිනා උනාට ඒ හිනාවෙන ගොඩක් අයත් එහෙමම තමයි..

ඉතිහාසෙ කියන්නෙ කරේ තියාගෙන පම්පෝරි ගහන්න මෙව්ව එකක් නෙමෙයි.. ඒ ඒ කාලවල මිනිස්සු කරපු දේවල්. එච්චරයි.. ඉතින් ඒවා අපිට කිසිම අදාලත්වයක් නෑ..
ඒවා ලස්සනයි.. විඳින්න.. දැනුම ආදර්ශ ගන්න..
පහුර එගොඩ වෙන්න විතරක් පාවිච්චි කරන්න..
අනිත් එක අපේ එක ලොකුයි කියල පම්පෝරි ගැහුවට අපිට වැඩිය ලොකු ඒවා මේ ලෝකෙ ඕන තරමක් තියනවා.. ඒ වගේම රජ කාලෙ ඉතිහාස කොහොමත් ආඩම්බර වෙන්න දෙයක් නෑ.. රජවරු ඉතිහාස හැදුවෙ කඩුවෙන් ලේ වලින්.. කොච්චර නෑ කිව්වත් ඒක එහෙමම තමයි.
ඉතිහාසෙ කියන්නෙ ප්‍රබන්ධයක්. පුරාවිද්‍යාත්මක සාක්ෂි වලට බෑ ඇත්ත ඉතුහාසෙ සම්පූර්ණයෙන් ගොඩනගන්න. මොකද ඉතිහාසෙ ලියන්නෙ ජයග්‍රාහකයා හින්දා..
ඒ වගේම තමන්ටම කියලා ආඩම්බර වෙන්න දෙයක් නැති අය තමයි තමන්ට අවුරුදු දාහකට විතර කලින් හිටපු අය හදපු ආගමක් ජාතියක් ඉතිහාසයක් හරි ගමක් හරි අල්ලගෙන දඟලන්නෙ..

ඔය ඉතිහාසෙ ගැන ආඩම්බර වීම ගැන මගේ මතය ඇහුවොත්..

දවසක් සුරේන් රාඝවන් සර් මට මෙහෙම කියනව අපි ඉතිහාසෙ ගැන කරපු සාකච්ඡාවකදි

චමල් මේ ලෝකෙ හැම සංස්කෘතියකටම මම කැමතියි.. ඒ හැම එකක්ම මගේ..

මගේ මතයත් ඕකම තමයි..
ලොකුයි කියලා උත්කර්ෂයට නගන්න දෙයක් නෑ.. හැම එකක්ම එකවගේ වටිනාකම් තියන සංස්කෘති.. ඉතිහාස. ඉතින් ඒවා එකක්වත් අපිට අයිති නෑ..

ඉතින් අයිති නැති දෙයක් වෙනුවෙන් අපි මරාගන්න ඕනෙද.. අයිති දෙයක් වෙනුවෙන් මරාගැනීමත් විසඳුමක් නොවන ලෝකෙක..

මතවාද හැප්පෙන්න ඕනෙ අලුත් ලෝකයක් හැදෙන්න. මේ ලෝකෙ හැම දේම ප්‍රශ්ණ වෙන්න වෙන්න ඕනෙ..

ගෞතම බුද්ධ බ්‍රාහ්මණ කුලවාදය ප්‍රශ්ණ නොකර හිටියනං අනේ අපේ ඉතිහාසෙ කියලා ඇතිවෙන තත්වය මොකක්ද..

ප්‍ෘථිවි කේන්ද්‍රවාදය ප්‍රශ්ණ නොකර හිටියනං. අපි අදටත් බයිබලේ ඇත්ත කියලා පිළිගන්නවා..

පරිණාමවාදය ගෙනාවෙ නැත්තං අපි තාම හිතන් ඉන්නෙ ලෝකෙ දෙයියො මැව්වා කියලා.

ඒක හින්දා සමහර දේවල් වලට රිදෙන්න පුළුවන්

හැබැයි ඒකට විසඳුම ප්‍රචන්ඩත්වය නෙමෙයි.. මතවාද හප්පන එක.. එතකොට තමයි අලුත් අදහස් බිහිවෙන්නෙ. අලුත් ලෝකයක් හැදෙන්නෙ

චිත්‍රපටය ගැන ගත්තම..

කලාව ඇතුලෙ.. තමන්ගෙ නිර්මාණය ඇතුලෙ.. මැවුම්කාරයා කලාකරුවා පමණයි.. දෙවියන්වහන්සේද මහාබ්‍රහ්මයාද කලාකරුවාම පමණයි.. ඊට ඉහලින් කිසිවෙක් නැත..

ඉතින් හින්දුන්ට තිබ්බා අර කෝටි සීය දාලා තමන් ඇත්ත කියලා පිළිගන්න ඉතිහාසෙට අනුව දීපිකාවම් දාලා පද්මාවතී එකක් අලුතෙ හදන්න.. එතකොට ඇත්‍ත මොකක්ද කියලා ප්‍රශ්ණ වෙයි. අලුතෙන් ඉතිහාසෙ කතා වෙයි.. අලුත් මතවාද ගොඩනැගෙයි..

ඔබට ආඩම්බර වෙන්න ඕනෙමනං ඔබ අලුතෙන් ඉතිහාසය ගොඩනගන්න.. දැන් ඔබ ආඩම්බර වෙන ඒවා උත්කර්ෂයට නගන ඒවා අනුන්ගෙ.. ඒවා එයාලටම බාර දෙන්න..

#අකලංකාරය
– චමල් අකලංක පොල්වත්තගේ

https://18sanniya.blogspot.com/2017/11/blog-post_27.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල