කාලීන සංවාද

A-3 ටත් කැම්පස් යන්න බැරි අවුලේ ඇත්ත නැත්ත

Off

“A3ට මෙඩිසින් නෑ.. ඒත් ABB රෑනක් එක A3ට වඩා වැඩියි. මෙඩිසින් සිලෙක්ට්..! එහෙම වෙන්නෙ කොහොමද? ”

AAA, ABB, ABC මොනවා උනත් Rank හැදෙන්නෙ, කැම්පස් ගන්නෙ Z score එක අනුව. ලකුණු 75,75,75 අරන් ගන්න A3ට වඩා 74,74,95 අරන් ගන්න BBA ප්‍රතිඵලය Z score අනුව ඉස්සරහට යනවා.. z එකෙන් ඉස්සරහට යන්න විෂයයන් තුනටම හොඳ ලකුණු ඕන.. z score පදනම වඩා සාධාරණ ක්‍රමයක්..

“එතකොට මේ රිසල්ට් එක ? A3ට කොළඹ මෙඩිසින් නෑ.. නුවරඑළියෙන් B3ටත් මෙඩිසින්.”

ඔව්..! මෙඩිසින්වලට ගන්නෙ 1200ක් විතර.. ඒකෙන් 40%ක් ජාතික කුසලතා අනුවත් 55%ක් දිස්ත්‍රික් කෝටා වලිනුත් ගන්නේ.. 5%ක් අති දුෂ්කර දිස්ත්‍රික්ක ( ඒ කියන්නේ කිලිනොච්චිය,මොණරාගල වගේ..) කිහිපයකට බෙදලා දෙනවා..

දිස්ත්‍රික්ක කෝටා එකේ තරම තීරණය වෙන්නෙ දිස්ත්‍රික්කයේ ජනගහනය අනුව.. ජනගහනය වැඩි ගම්පහ, කොළඹ වගේ දිස්ත්‍රික්ක වල කෝටා එක වැඩි මන්නාරම, පුත්තලම වගේ කෝටා එක අඩු ඒ නිසා..

මේ දිස්ත්‍රික්ක කතාව නිසයි මේ රිසල්ට් එකට කොළඹින් මෙඩිසින් යන්න බැරි..
“ඇයි මේ දිස්ත්‍රික්ක ක්‍රමයක්..?දිස්ත්‍රික් කෝටා ක්‍රමය අසාධාරණයි.. සම්පූර්ණයෙන් අයින් කරන්න ඕන ”

Z ක්‍රමය එනකොටම දිස්ත්‍රික්ක කෝටා ක්‍රමයත් ආවා.. හැබැයි එක දානකොටම කිව්වා මේ ක්‍රමය තාවකාලික විය යුතුයි කියලා.. යුද්ධයෙන් බැට කාපු ඒ වගේම සම්පත් බෙදී යාමේ දැවැන්ත විෂමතා තියෙන දිස්ත්‍රික්ක වල ළමයින්ට සහනයක් දෙන්නයි මේ ක්‍රමය ආවේ. වැස්සට කුඩ ඉහලගෙන ඉගෙන ගන්න පන්ති කාමර, විද්‍යාගාර උපකරණ නැති විද්‍යාගාරවලට ස්මාට් පන්ති කාමර එක්ක හැප්පෙන්න බෑ.. ඒ වගේම මේ ක්‍රමයෙන් කොළඹ තියෙන පොඩි පාසල් නොසලකාම හැරලා..! සම්පත් බෙදීයාම සාධාරණ කරලා මේ තාවකාලික දිස්ත්‍රික්ක ක්‍රමය අයින් කරන්නම ඕන.. ඒත් වෙන පාටක් තවම නෑ . තාවකාලික ක්‍රමය දැන් ස්ථිර වෙලා..
“එතකොට මේ කියන තරම් ඔය දිස්ත්‍රික්ක දුෂ්කරයිද..? දුශ්කර පළාත් කිව්වට එහේ ළමයි කොළඹ නැවතිලා ක්ලාස් ඇවිත්..! ගම්පහ එහෙම ළමයින්ට වාසියි. ටියුෂන් එන්න පුලුවන්.”

මේ කතාව තමයි බොහොමයක් දෙනා පටලවා ගන්න තැන.. ගොඩක් අයට අමතක වෙනවා ටියුෂන් කියන්නෙ විකෘතියක් කියන එක.. A/L විභාගයට ළමයි ඉගෙන ගන්නේ ටියුෂන් වලින්.. පාසලින් නෙවෙයි..

හොඳ ටියුෂන් හොයාගන්න පුදුම ගේමක් දෙන්න වෙනවා.. hall class, group class, individual class විදිහට වියදම් කරන්න පුලුවන් මුදලට සාපේක්ෂව ගන්න පැකේජ් සිස්ටම් එකක් දැන් තියෙන්නෙ.. කොළඹ හිටියත් ක්ලාස් වලට සල්ලි නැත්නම් ඉස්කොලේ උගන්වන තරම විතරයි.

සමහර පාසල් වල සිලබස් එක උගන්වන් නෑ.. පහසුකම් නෑ.. සමහර පාසල් ගුරුවරු කියලා දෙනවාට වඩා ටියුෂන් එකේ අලුත් ක්‍රම, මතක තියාගන්න ක්‍රම, පේපර් ටියුට් ඔක්කොම කියලා දෙනවා.. ඉතින් ළමයි ඉස්කොලේ යන්නෙත් නෑ.. 2 shy නම් application දාන දවසට විතරයි යන්න ඕන..

දිස්ත්‍රික් කෝටා ක්‍රමය හදලා තියෙන්නෙ පාසල් තත්වය බලලා මිසක් ළමයි යන ටියුෂන් බලලා නෙවෙයි.. සම්පත් බෙදීයාමේ ගැටලුව, ටියුෂන් ගැටලුව මේ ඔක්කොම එකට පැටලිලා..

මේ රිසල්ට් එක අන්න ඒ විදිහේ පැටලිල්ලක්..

“එතකොට විසඳුම් මොනවද..? ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි දාලා A3 අරන් යන්න බැරි අය ගන්න එකද.? ”
සාගතයක් ආවා කියලා මිනිස්සුන්ට මී පාසනම් කවලා හරි යන්නේ නෑ..! එක තමා සරලම උත්තරේ.. විකෘතියට තවත් විකෘති දැම්මාට විසඳුම් ලැබෙන්නේ නෑ..

මේ අවුරුද්දෙ පරිපූරක ඇස්තමේන්තු වලින් (අයවැයට අමතරව !) ඇමතිවරුන්ට වාහන ගෙන්වන්න වෙන් කරපු සල්ලියෙන් කැම්පස් ගන්න ළමයින් ගාන දෙගුණ කරන්න තිබුණා..! මහ බැංකු කොල්ලයේ මුදලින් AL කරපු හැමෝම කැම්පස් ගන්නත් පුලුවන්..!

වෙන්නෙ මොකක්ද..? සබරගමු වෛද්‍ය පීඨය 2006 ඉදන් තවම හදනවා… වයඹ, මොරටුවත් එච්චරයි.. පෙළපොත්, නිල ඇඳුම් දෙන එකත් නවත්වන්න ක්‍රම හොයනවා..! අධ්‍යාපනයට වෙන් කරන මුදල හැම අවුරුද්දෙම අඩු කරනවා..!

අධ්‍යාපන ක්‍රමයේ තියෙන ගැටලු විසදන්න, කැම්පස් ගන්න ළමයි ගාන වැඩි කරන්න ඕන කමක් නෑ පාලකයන්ට..

උවමනාව තියෙන්නෙ අධ්‍යාපනය හොඳ මාකට් එකක් කරගෙන ඒකෙන් හම්බ කරන් කන්න.. දැනටමත් විකුණන්න පටන් අරන්..
මේ රිසල්ට් එක තියෙන කෙනාටත් සල්ලි දීලා (නැත්නම් ණයට අරන්) මෙඩිසින් කරන්න ඉඩ දීපල්ලා කියන කිඹුල් කදුළු හලන අයත් ඉන්නව… 😅 ඒත් මේ මල්ලිට ඒ ගාන ගෙවාගන්න බැරි නම්..? S3ක් වත් නැති සල්ලි තියෙන එකෙක් මෙයාටත් කොකා පෙන්නගෙන කෝටි එකහමාරක් දීලා මෙඩිසින් කරනවා නම්..? කැම්පස් ගන්න ගාන වැඩිකරන්න, පහසුකම් වැඩි කරන්න හොඳටම පුළුවන්කම තියෙනකොට පාලකයෝ පොර ටෝක් විතරක් දිදී ඉන්නව නම්..?
ගොඩක් අයට සැබෑ ගැටලුව පේන්නේ නෑ…..

එහෙම නැත්නම් පෙනුන් නෑ වගේ ඉන්නව..

සමහරු ඊටත් වඩා ශෝක්.. එයාලා මේ ගැන කතා කරන, ප්‍රශ්න කරන, විසඳුම් වෙනුවෙන් සටන් කරන උන්ටත් චෝදනා කරන්න දිවිහිමියෙන් කැපවෙනව..

-උපුටා ගැනීමකි.-

A 3 ටත්  කැම්පස් යන්න බැරි අවුලේ ඇත්ත නැත්ත

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල