කාලීන සංවාද

බැඳුම්කර මගඩිය හාල් මැස්සෙකි – විදුලි බලාගාර මාෆියාව තල්මසෙකි

Off

ඊයේ (02) දිනයේ අප සරල ජනාධිපති පැවසු ආකාරයට බැඳුම්කර වංචාවේ රජයට පාඩුව රුපියල් බිලියන 8.5 කි.

බැඳුම්කර වංචාව – රු බිලියන 8.5

සිල් රෙදි මගඩිය – රු බිලියන 0.6

ඉහත මගඩි දෙකෙහිම එකතුව රුපියල් බිලියන 10 වත් වන්නේ නැත.

2017 විදුලි තෙල් බිල – රු බිලියන 80

කෙරවලපිටිය බලාගාරය ප්‍රාග්ධන වියදම දෙගුණයක් බව පෙන්වීම නිසා ගෙවීමට සිදුව ඇති මුදල – රු බිලියන 46

(මෙම බලාගාරයේ ගිවිසුමට (PPA – Power Purchase Agreement) අනුව මෙහි ප්‍රාග්ධනය අය කරගන්නේ සාමාන්‍ය පිළිගත් අගය මෙන් දෙගුණයකි. සිංගප්පුරුව, ඔස්ට්‍රලියාවේ පමණක් නොව ඇමෙරිකාවේ එවැනි සංයුක්ත බලාගාරයක් සෑදු විට වැයවන්නේ මේ මුදලින් භාගයකට ආසන්න මුදලකි. මෙය මේ පිළිබඳව අධ්‍යනය කල පිළිගත් දෙස් විදෙස් විශේෂඥයන් මඩුල්ලක් මගින් සනාථ කොට ඇත (Pathfinder Foundation-Sri Lanka, Economic Consulting Associates-UK, KPMG Sri Lanka).

අදාළ වාර්තාවට දිගුව – http://www.pucsl.gov.lk/english/wp-content/uploads/2015/01/Final-Report_Web-Publish.pdf

මේ පිළිබඳව කලින් ලිවූ බ්ලොග් සටහන – විදුලි බලාගාර කළමනාකරුවා ඔබෙන් සඟවන සත්‍යය

නමුත් අප විශාල කාලයක් සහ සම්පත් ප්‍රමාණයක් වැය කරමින් සොයන්නේ මෙවැනි ඩීල් ගැන පාඩු වංචා ගැන නොවේය.

මෙයින් මා අදහස් කරන්නේ සුළු ප්‍රමාණයේ හොරකම් නොසලකා හැරිය යුතු බව නොවේය. මා පවසන්නේ විශාල වශයෙන් සිදුවන පාඩු (නොපෙනී සිදුවන පාඩු) සහ වංචා ගැනත් අප අවධානය යොමු කාල යුතු බවය.

දැන් ඉතින් මෙය සෙව්වේ නැතැයි කියා සරල ජනාධිපතිට බැණලා වැඩක් නැත. ඔහු දුන්නේ ඉල්ලුමකට සැපයුමකි.

අපේ සිතුම් පැතුම් සරලය. අප අවධානය යොමු කරන්නේ සරල කරැණු වලටය. අපේ ජනාධිපති ද සරල මිනිසෙකි. එබැවින් අප ඉල්ලන්නේ සරල හොරකම් ගැන සොයන මෙන්ය.

හාල් මැස්සන් තෙල් දැමු විට රසය – එහි විවාදයක් නැත. නමුත් තල් මසුන්ද අල්ලාගත යුතුය.

මේවා සරල කොට හැමෝටම තේරෙන්නට ලිව්ව විට, ඩීසල් විදුලි බලාගාර කළමනාකරු අපට පහර දෙන්නට එන්නේ ධම්මපද ගාථාව කුත් රැගෙනය. ඔවුන්ට අනුව “මේ විෂයන් ඉතාමත් සංකීර්ණය. ඒවා අනෙක් අයට තේරෙන්නේ නැත. විදුලි බලාගාරයෙන් පඩි ගන්නා අය පමණක් මේවා ගැන කථා කල යුතුය. විදුලි ඉංජිනේරුවෙක් බ්ලොග් ලිව්වොත් ඔහුට විදුලි පද්ධතිය ගැන තේරෙන්නේද නැත. එවිට ඔහු නිකම්ම නිකම් බ්ලොග්කාරයෙකි. 2015 මුල් භාගයේ විදුලි ඒකකයක් රු. 45 කට විකිණු බව කියූ සියලුම රාජ්‍ය වාර්තාද වැරදිය ”

මේ ඩිසල් මාෆියාවයි! මේවා ගැන කථා කලොත් ඔවුන් අපට පහර දෙන්නේ එසේය!

සමබර ආහාර වේලක් දරුවාට නිසි අධ්‍යාපනයක් දීමට නොහැකි මිනිසුන්ගේ බදු සල්ලි සොරා ගැනීමට ඔවුන්ට අයිතියක් ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

අප කාන්තාවන් අපනයනය කොට ඩීසල් ආනයනය කරමු!

https://nopenena.blogspot.com/2018/01/blog-post_3.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල