කාලීන සංවාද

ජනාධිපති තාත්තා සහ මහරජ තාත්තා – My Father is a King

Off

මෙය කියවනා ඔබ දැනටත් පියකු වන්නට පුළුවන. (පින්පියකු නෙමෙයි යකෝ, පියෙක්…. පියෙක්… ඒ කියන්නේ තාත්තා කෙනෙක්)

එසේ නොමැති නම් ඔබ එවන් පියකුගේ දරවකු වීම අනිවාර්යය.

මෙවන් සිද්දීන් ඔබට අනන්තවත් මතක ඇතුවාට සැක නැත..

ඔබ ඔබගේ අවශ්‍යතාවයක් සඳහා කඩයකට, සුපර් මාර්කට්ටුවකට හෝ මෝල් එකකට ගොඩවෙයි. ඔබ එසේ යන්නේ ඔබේ දරුවන්ද සමඟය. පොඩි උන් ටික, දකින දකින දෑ ඉල්ලයි. ඔබගේ අතේ මිටේ ඇති තරමට ඔබ ඔවුන්ට මක්කා හෝ ලබා දේ. බිරිද විමසන්නේ ඕවා අරන් දුන්නම මාසෙ කන්නේ කොහොමදැයි කියාය. ඒක කොහොම හරි කර ගමු හාමිනේ කියනා ඔබ ඉන් පිටව යන්නේ, පොඩි උන් ඉල්ලූ දෑ ලබන මස හෝ පොඩි උන්ට අරගෙන දෙනවා යන චේතනාවෙන් නොවේද..?

ඔබ ඔබේ දරුවන් සමඟ ගෝල්පේස් යයි, ඔබේ අතේ මිටේ ඇති පමණට අයිස්කිරින්, කූල් ඩ්‍රින්ක්ස්, සරුන්ගෝල අරගෙන දෙන අතරේ පොඩි උන් බාබෙ කිව් ඉල්ලයි. ඔබ බාබේ කිව් අරගෙන දීම සඳහා පඩිදා පබිරිඳට පූජා කළ මුදලෙන් කීයක් හෝ ඉල්ලයි. ඔබේ බිරිඳ ඔබේ ඇඟට ගොඩවෙයි. තමුසෙට පිස්සුද වාහේ ඉල්ලන ඉල්ලන දේ දීලා දරුවෝ නරක් කරන්නේ. ඕන නම් ඊළඟ වතාවේ ආවාම අරගෙන දෙනවා…

ඔබ ඔබේ දරුවාගේ පාසලේ දිනපතා පැවැත්වෙන දෙමාපිය රැස්වීමකට යයි. ඔබ එන්නේ මෝටර් සයිකලයෙනි. පන්ති බාර ගුරුතුමිය ඔබ පයිසෙකටවත් මායිම් නොකරනා අතරේ මරූටියෙන් එන අය හා කතා බහ කරයි. ජපන් කාර් වලින් එන අය ඩිනර් වලට ඉන්වයිට් කරයි. යුරෝපා කාර් වලින් එන අය ෆොරින් ටුවර් යෑමට කතා කරයි. ඔබ නිවසට පැමිනෙයි. ලීස් එකක් දාලා මරූටියක්වත් ගන්න වෙනවා මෙයා. පොඩි උන්ද කියන්නේ එම කතාවමය. ඔබ හා බිරිඳ එක්ව ලබන වසරේ මරූටියක් ගැනීමට තීරණය කරයි..

ඔබ චන්දය ඉල්ලා ප්‍රාදේශීය සභාවට යයි. දරුවන්ටද පොඩි මෙව්වා එකක් ලැබේ. ජිල්පිට් දමා ලැබෙනා දේ දරුවන් ආඩම්බරයෙන් භාවිතා කරයි.. ඕවා හම්බ උනේ කොහොන්ද කියලා ඇහුවොත්.. තාත්තගේ යාලුවෝ තෑගී දීපුවා කියලා කියහල්ලා.. එහෙම කිව්වට වැඩක් නෑ තාත්තේ උන් දන්නවා මේවා හම්බ වෙන්නේ කොහොම්ද කියලා.. ඒ පන්ඩිත කම උඹලට ඕන නෑ නේ.. උඹලා කියහල්ලකෝ තෑගි හම්බ වෙච්චයි කියලා.. මේ ආතල් බුක්ති විදිමින් සිටිද්දි, රජය නිවේදනය කරන්නේ ප්‍රාදේශීය සභා විසුරුවා හරින බවයි.. බිරිඳ කියන්නේ තමුසෙලයි සංගමේ එක්ක සෙට් වෙලා, මහ එකා හම්බ වෙලා, වැඳලා හරි ඉන්න බලනවා නැත්නම් ඉතින් දෙකේ කොලේට වැටෙන්න තමයි ඕයි වෙන්නේ කියාය..

ඉදින් බලන්න..

අපේ ජනාධිපති තුමාද තාත්තා කෙනෙකි.. එතුමාගේ දියණිය තම පියාට කෙතරම් ආදරේද යත් “ජනාධිපති තාත්තා” කියා මහා පුස්තකයක්ද සිංහළ සාහිතයට එක් කොට අවසානය. පුතාට තාමත් කසාදයක්වත් සෙට් වී නැත. ඔවුන් බොහෝ දෑ තම පියාගෙන් ඉල්ලනවා විය හැක. අනෙක් පියවරුන් මෙන්ම මේ ජනාධිපති තාත්තාද දරුවන්ගේ ඇවටිලි වලින් බේරී සිටිය යුතුමය. ඒත් මම කොහොමද එහෙම කරන්නේ .. දින 100 න් යනවා කියලා නේ ආවේ… ආයේ ජනාධිපතිකමට ඉල්ලන්නෙත් නෑ කියලා නේ ආවේ… මම හොහොමද රටේ ජනතාවට මූණ දෙන්නේ…. කියා අපේ සරළ ජනාධිපති තුමා කීවත්, අති සරළ ජයන්ති නෝනා පවා කියනවා ඇත්තේ, හරි ඔයි ආයේ ඉල්ලන්නේ නෑ කියලා නේ කිව්වේ… මේ ඉන්න එක පෝඩ්ඩක් හරි දික් කර ගන්න බලනවා …අර චන්ද්‍රිකා මැඩම් කලා වගේ… නැත්නම් ඉතින් ඔහේටත් ඒ මැඩම් වගේ තමා ඉන්නා වෙන්නේ කියා කියනවා විය හැකිය…

චතුරිකා දියණියට “මහරජ තාත්තා ” කියා මහා පුස්ථකයක් සිංහළ සාහිත්ත වංශ කතාවට එකතු කිරිමේ ආශාවක් තිබෙනවාත් විය හැකිය….

http://maathalan.blogspot.com/2018/01/my-father-is-king.html#more

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල