සඳැස් / නිසඳැස්

කිරි අම්මාවරුන්ගේ දානය – Dedicated for Twins

Off

කිරිකෝඩු හවඩි ඉඟ වට හැඩට

නුඹ සැරසුවා මව් දමා පංචායුධ ගෙල වටට

එනමුදු

මව් නිදිවැරූ යාමයන් එමට බැව්
නොදැන බෑඟිරි ගසනා මා පුතුනි
බිඳලනු කෙසේද
තනි මා,
තිඹිරි ගෙයින් පීදුන
ඒ ගතානුගතික ගෝත්‍රික වැට කඩොලු ගොන්නෙන්
මා පිය සබඳ වූ නුඹ මව්

එනමුදු

සෙව්වෙමි පීරා ගෝත්‍රය පුරා
ඔවුන් ළඟමය පිළිතුරත්…..!

මීදුම අස්සෙන් පිනි පිරුන මකුලුදැල් පාගාන
හිමිදිරි පාන්දර උඩකඳු බෑවුමෙන් ඒ මතුවෙන
කිරි අම්මාවරුන් පෙරහර
වඩින්නේ ම’පුතුනේ තුන්මහ පුරවන්නයි

තුන්මහකින්
ගෙයි මහ උලුවස්ස නොපැන්න පෙම්බර නුඹ මවගේ දෑසත්
කිරියා මුසු රසමසුවලින් පිරි තෙල්පහන් දහයක් දැල්වූ පැදුරත්
පාර කියන්නේ අප තිදෙනාටම
අලුත් ලෝකයකටමය ම’පුතුනේ….!

කිරිඅම්මාවරු අප අතැර පිටවෙන මොහොතේ මහ උලුවස්සෙන්
තුන්මස් හිරගෙය බිඳ දමමි මා මව් සෙනෙහසින්…!

ඈ අප……..
ඔබගේත් මගේත්
මව් නිසාමැයි පුතුනේ…!

පිදුම – ලොකූටත් අංජුට සෙනෙහසින්

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල