අතීතකාමය

ප්‍රේමය සුන්දරයි

0

සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැඳුණ දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම් ..

සමහරක් සිංදු ජීවිතේ ඊ සැරයක් වගේ වේගයෙන් මතක අවුලනවා..ප්‍රේමය කියන්නේ අපූරුම වස්තු විශයයක්….ඒක එක එක්කෙනා තමන්ට අයිති ආකාරයට වෙන වෙනම බාර ගන්නවා….

ඊයේ Charithaගෙ පෝස්ට් එකත්…මට මේක ලියන්න මතක රැසක් ගෙනාවා….
සමහරක් අය ලියද්දි….
ප්‍රේමයයි වෛරය යි අතරේ වෙනස කෙස් ගසකට සමයි …කියල….
එහෙම නොවන අපූරු මානවීය බැඳීම් මිනිස්සුන්ගෙ ගාව ඉතුරු වෙනවා…….

ඉස්සරම බාලිකාවක් වෙලා උසස් පෙල කරන කාලෙ ……ජීවිතේ ට එක්කාසු වුණ …මගදි කිසිත් හිතේ කහටක් නැතුව අත හැරී ගිය …නමක් දෙන්නට අපහසු සුන්දර බැඳීමක් මටත් තිබුණා …ඒකට මම ආදරය හෝ ප්‍රේමය කියන්නේ නෑ….සමහරක් වෙලාවට එතන යාලුකම ..සහෝදරකම…වගේම සෙනෙහසකුත් තිබුණා…….

මං තාම ඒ බාලිකා මතකයට ආස….
පුදුමාකාර සුන්දරත්වයක් ජීවිතේට එක් කල ඒ බැඳීම ….අත හැරුණත් ….කිසිම දාක ඔහු මට වෛර නොකල නිසා……සමහරක් විට ජීවිතේ තෝරා ගැනීම් වලදී……සමහර දේ අතහැරෙනව…….

කාලයක් ගතවෙලා ……අපි දෙමවුපියනුත් වෙලා…..වෙන වෙනම කුටුම්භ වල ජීවිත ගෙනියනවා…….අවුරුදු විසි ගානකට පස්සෙත්….ඉස්සර මතකයන්…මතක් කරලා හිනාවෙන්න …..ඔහුට වගේම මටත් හැකි……..බැඳීම වගේම හිතේ කහටත් ” අතහැරපු” නිසා……..

අද කාලේ ඇතිවෙනවට වඩා කලින් බිඳෙන ප්‍රේම වෘත්තාන්ත දුටුවම …….පොඩ්ඩ එහාමෙහා වෙනවිට …ආදරය අමතක වෙලා වෛරය පැසවන හැටි දකින කොට……..

මට ඒ බැඳීම් ගැන දැනෙන්නෙ ඉස්සරම දවසක…..බාලිකා ඇසක් බිමට හැරුණාම ….අපූරු සෙනෙහස් බැල්මකින් ….බලපු යොවුන් ඇස් දෙකක මිහිර…..

එපමණයි……..

මම
විසිරි

http://wisirisihina.blogspot.com/2018/01/83.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල