සඳැස් / නිසඳැස්

සැනසුමක් කෝ පෙර තරම්….

Off

හදේ ගැඹුරුම තැනක තැවරුණු අතීතෙක සුව සිතුවිලී
වැදේ යළි යළි හුදෙකලා හිත දවයි රිදවයි මැසිවිලී
නොදේ නම් ළං ළංව උණුහුම විඳින්නට ඇය හා වෙලී
සඳේ කිව මැන කිමද හේතුව දකින්නට ඒ හසරැළී

ඇගේ සිනහව තැවුණු හිතකට අමිල විය ඔසුවක් තරම්
අගේ එය විඳි දිනක පෙරකල කඳුළු නොපෙණුනි මේ තරම්
මගේ තනියට දුකට සතුටට ගෙනා ලෙංගතු පෙම තරම්
නැගේ ගිණි දැල් වටකරන් මා සැනසුමක් කෝ පෙර තරම්….

http://dumimda.blogspot.com/2018/01/blog-post.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල