‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල

හබරළ යාය, සයිබර්යාය, නෙළුම් යාය හැර තවත් යාය වල් ඇත්ද මහරජ

Off

පහුගිය දවස් වල ඊමේල් සෑහෙන ප්‍රමාණයක් ලැබුන යාය උළෙලක් ගැන අහල . ඒ වගේම මෙසෙන්ජර් එකෙනුත් සමහරු ඇහුව. ජනවාරි මාසෙත් අවසාන වීගෙන යන නිසා වෙන්න ඇති.

හැබැයි ඒ කියන්නේ මම හිතන් හිටියට වඩා ඒ වැඩේට නිහඬව හරි සහයෝගය දුන් කට්ටිය, කැමති වෙලා හිටි කට්ටිය ඉඳල තියනවා. ඒ වගේම ඉතින් හිත යටින් කැමති වුනත්, එළිපිට අකමැති බව පෙන්වන අයත් ඉන්නවා. ඉතින් මම කල්පනා ඒ හැමෝම වෙනුවෙන් විස්තරයක් හොයල දාන්න. ඔව් ඔව් අර අහවල් යායේ සම්මාන උළෙල වැඩේ ගැන.

අනික ” ගම ජවිපෙට භාර දෙමු” කියල වයිබර්, ෆේස්බුක් මෙසෙන්ජර් , වට්සැප් වලින් එන වීඩියෝ සහ මෙසේජ් සංඛ්‍යාව නිසා ඔය පණිවිඩ බලන එකත් මදකට නතර කරලා තියෙන්නේ. භාර දෙන්නවත් මට ඔය ගමක් භාර වෙලා හිටියේ නැහැ කියල කොච්චර කිව්වත් අහන්නේ නැහැනේ.

සම්මාන උළෙලවල් ගැන මුකුත් කියන්න දන්නේ නැති නිසා පොඩ්ඩක් හොයල බැලුව. දැනට දැන ගත්තේ මෙපමණයි. හුඟක් වෙලාවට මාර්තු මාසයේ සම්මාන උළෙල පොජ්ජ පැවැත්වෙන්නේ නැහැ.

එතකොට කවදා හෝ පවත්වනවාද කියන ප්‍රශ්නයට පිළිතුර තමා ජූනි හෝ ජුලි මාසයට කල් දමල කියන එක. ලංකාවේ තියනවලු ඊ සොසයටි (e-society) කියල එකක්. ඒ ගොල්ලන්ගේ සහභාගිත්වයෙන් සහ සංවිධායකත්වයෙන් ලු මීළඟ සම්මාන උළෙල පැවැත්වෙන්නේ. ඒ ගොල්ලෝ කරනවයි කියන්නේ නෙළුම් යාය සම්මාන උළෙලේම දිගුවක් ලෙස සයිබර් සම්මාන උළෙලක් ලු. බ්ලොග් වලට අමතරව ෆේස්බුක් ආදී සමාජ ජාලා හා වෙනත් වෙබ් අඩවි වල පළවන නිර්මාණත් සලකා බලනවලු.

එතකොට නෙළුම් යාය පදනම? ඒ ගොල්ලෝ “පීරියඩ් පවර්ටි ” කියල ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවලු ළඟදීම පොලොන්නරුව පැත්තේ. (දැනට ගුරුත්වාකර්ෂණ බලය වැඩියෙන්ම රැඳිලා තියෙන්නේ ඒ හරියේ වෙන්න ඕනේ.) . ඒ කියන්නේ සනීපාරක්ෂක තුවා ආදිය මිලදී ගන්න නොහැකි කාන්තාවන්ට උදව් කරන ප්‍රොජෙක්ට් එකක්. එංගලන්තයේත් තියන ප්‍රශ්නයක්.

ඊට අමතරව නෙළුම් පදනමෙන් පටන් ගන්න වලු යාය ගුවන් විදුලියක් සහ යාය රූපවාහිනී සේවයක්. යාය ගුවන් විදුලිය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් ගේ මුලිකත්වයෙන් ලු පටන් ගන්නේ.දක්ෂයන් ආවොත් කැමැත්තෙන් භාර ගන්නවලු.

නෙලුම් යායේ පළවන බ්ලොග් ලිපි පිළිබඳව මම දන්නා විධිහට දැනට කටයුතු කරන්නේ ලංකානිව්ස්වෙබ් හි උප කර්තෘ උපුල්. ඒ කියන්නේ ලංකා නිව්ස් වෙබ් හි නෙළුම් යාය සහ සයිබර් යාය විශේෂාංග පිටු වලත් නෙලුම් යාය වෙබ් අඩවියෙත්. තම ලිපි පල කර ගන්න අවශ්‍ය අයට මේ ලිපිනයට යැව්ව හැකියි . Deputy Editor : deputyeditor@lankanewsweb.net . තත්වය ළඟදීම වෙනස් වන්නට නියමිතයි ලු අළුත් පිරිසක් සමග.

ඔන්න ඔපමණයි දන්නේ. වැඩි විස්තර අහන්න තියෙන්නේ ඒ වෙබ් අඩවියෙන්ම තමයි.

මට පණිවුඩ එවා හා කතා කළ, දිරිමත් කළ සහෘදයන් සියල්ලටම ස්තූතියි.

https://kolambagamaya.blogspot.com/2018/01/blog-post_28.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල