සඳැස් / නිසඳැස්

ව්‍යාකුල මී හරකාගේ කථාවස්තුව

0

සැදැවේ මඩ වලක් දුටුවෙමි – ගස් ගොමුවෙ මනරම්
රැළි නගා මට ඉඟි කළා දිය – ගිලීලා බලපන්
එත් ඈතින් වල අයිති මහ – නැඩා දුටුවෙමි මං
මග හැරලා වල ඉවත ඇදුනෙමි -ඌට සුබ පතමින්

තවත් දවසක දවල් වරුවක – හිටිය මම තනියෙන්
කළුම කළු මඩ පිරුණු දියවල – ඉස්ස මඩ රහසින්
මගේ සිතුවිළි ඇවිස්සූ වල- කිව්වා මට මෙලෙසින්
දුරින් හිටපන්, හිදිමුකෝ අප – සකි සඳුන් විලසින්

වියළි වන ගැබ සිසිල සොයමින්- සැරුවා මන් රහසින්
නෙළුම් පිරි විල හිනැහුනා මට – මාව මත් කරමින්
මඩේ සැප මිස නෙළුම කුමකට – සිහිවුණා විගසින්
මඩ නොකර විල පිට උනා මම – මගේ හිස ගසමින්

මඩේ වැතිරී නගුට වනමින් – කෙළිති සමහර උන්
එක වලක නොව- දෙක තුනක සැප – සොයති මී හරකුන්
වලක් නැති යයි තප්පුලති තව – බානේ බැඳී හරකුන්
විපිළිසර වෙමි සඳට දෙස් දෙමි – තෙමෙන නොතෙමෙන මන් ………

http://niruwathsancharakaya.blogspot.com/2018/01/11.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල