
අපි කොල්ලො කාලෙ වැඩිපුරම රස්තියාදු ගැහුවේ පොඩි මහින්දලගේ කඩේය. හරියටම කිව්වොත් පොඩි මහින්දලගෙ ගෙදරය. මුලින් මුලින් ඇල්බීනු මුදලාලිගේ කඩේ ළඟ රස්තියාදු වුනු අපි කණ්ඩායමම පොඩි මහින්ද කඩේ පටන්ගත්තාට පසුව එතැනට සේන්දු වුණේ කඩේටත් වඩා පොඩි මහින්දලගෙ ගෙදර ඉස්සරහ කාමරේ කුලියට අරගෙන පදිංචිවී රෙදි මෝලේ වැඩට ගිය ඩැනිස් නිසාය. අපට ඒ ගෙදර අපේ ගෙදර වගේ හැසිරෙන්නට ඉඩකඩ තිබුණේ ගෙදර හිටියේ අම්මාත් තාත්තාත් පොඩි මහින්දත් පමණක් නිසාවෙනි.
ඩැනිස්ගේ කාමරයේ කොල්ලන් පිරී නොහිටියේ ඔහු වැඩට ගිය වෙලාවට විතරය. අපිට වඩා දෙගුණයක් වයස වගේම දරු තුන්දෙනෙක් ඉන්න පවුල් කාරයෙක් උනත් ඩැනිස් එක්ක අපි ඇසුරු කළේ සම වයසේ යාළුවන් වගේය. අහළ පහළ ගස්වල වැල වරකා ඉදී තිබුණොත් ඒවා බාගෙන කාමරේට ගෙනැත් කෑම, අලවත්තෙන් අන්නාසි කඩාගෙන ඇවිත් කෑම, රෑට හොර කුරුම්බා කඩාගෙන ඇවිත් බීම ආදිය අපි දිනපතාම වගේ කරපු දේවල්ය. ඩැනිස් උදේට ගෙදර ඉන්න දවස්වල කට්ටිය එකතුවී චූඩා ගේ ගහෙන් දෙල් කඩා තම්බාගෙන කන එක තවත් වැඩකි. දෙල් තම්බන්නේ ඩැනිස්ය, දෙල් කැඩුවායින් පසුව ඩැනිස් දෙල් පොතු අරින්නේ පිත්තල හැන්දකින් සුරලාය. සුද්ද කර කෑලි කපාගන්නා දෙල් මුට්ටියේ දමා තම්බා ගත් පසු වතුර පෙරා දිය වේලෙන්නට ඇර පොල් ගෙඩියක් ගා මුට්ටියට දමා කූරු ගා කලවම් කරගන්නා ඩැනිස් කොච්චි ලුණුමිරිසක්ද හදයි. ඒ විදියට හදන දෙල් හරිම රසය, සමහර දවස්වලට කොළ කැඳ හදයි. අලවත්තෙන් කොළ ජාති එකතු කරගෙන එන අපි පොල් ගෙඩියකුත් ගල් කරගෙන එන්නට අමතක කරන්නේ නැත. රතුහාල් ටිකක් ලිප තබා කොළ ටික වනේ කොටා ඉස්ම ගෙන පොල් කිරිද දමා ලොකු මුට්ටියක හදන කොළ කැඳ හැලිය හරිම ප්‍රණීතය.
හැබැයි ඩැනිස් රෑට බීගත්තොත් නම් වනයකි, නිකම් වනයක් නොවැ සාල වනයකි. ඒ වේලාවට අපි කරන්නේ සිංදු කියන එකය, නැත්නම් ඩැනිස් කියවන්නට පටන් ගනී. ඔහුගේ කියවිල්ලට අහු උන එකාට බේරීමක් නම් නැත. ඉස්සර මැරතන් දුවපු කාලේ වෙච්ච දේවල් කියවන්නේ ළඟ ඉන්න එකාගේ ඇඟට ඇන ඇනය. කියවිල්ල ඉවර වෙද්දී ළඟ හිටපු අහිංසකයාගේ ඉල ඇටවලට පත්තු බඳින්න තරමට කැක්කුමය. ඒ. නිසා හොඳම දේ සිංදු පටන් ගන්නා එකය, සිංදු කියන්නේද ඩැනිස් මය. මාතලන් චිත්‍රපටයේ පරණ සිංදු වලින් පටන් ගන්නා බජව්ව ඉවර වෙන්නේ මහ රෑ ජාමයේ ඩැනිස් ගේ වෙරිමත හිඳුනු වෙලාවටය. ඒ වෙනතෙක් කාටවත් යන්නට අවසර නැත, ගියොත් ගෝරි දමයි. ඩැනිස් ගේ ගෝරි ගැන මට තව කතාවක් මතක්වේ. ඒ කතාව මීට කළින් පෝස්ටුවකද මා ලියා ඇති බව මතකය. කතාව මෙහෙමය.
එක සිංහල අලුත් අවුරුද්දක මම කළුවාමෝදර ඩැනිස්ලගේ ගමට ගියේ ඩැනිස් ගේ ආරාධනයෙනි. මට අමතරව ගුරාද උගේ යාළුවාවූ මොහොමඩ් ද අවුරුදු කන්නට කළුවාමෝදර ඇවිත් සිටියෝය. උදේ අවුරුදු කෑමෙන් පසුව අපි අවුරුදු උත්සවය බලන්නට ගියෙමු. ඩැනිස් අවුරුදු උත්සවයේ ප්‍රධාන සංවිධායකයෙකි. තරඟ පවත්වා තෑගී බෙදාදී ඉවර වන විට රෑ බෝ විය. අවුරුදු උත්සවයේ සංවිධායකයෙක් හා ගමේ හොඳ දළකාරයෙක් වූ මහරාජා අවුරුදු උත්සවය සංවිධානය කළ සියල්ලන්ටම බොන්න බෝතල්ද කන්නට බිරියානි ද අලුත්ගමින් ගෙන්නෙව්වේය. බෝතල් පාටිය ඉවරවුණේ මහ රෑ වෙද්දීය, ඩැනිස් හොඳ පදමටම බීගෙන කියවන්නට පටන්ගෙන සිටි නිසා ගෙදර ගිහිං කන්නට බිරියානි පාර්සල් ටිකද අරගෙන වදෙන් පොරෙන් ඩැනිස්ද කැමති කරවාගෙන ගෙදර එන්නට පිටත් වුණෙමු. වෙලාව මහ රෑ දොළහත් පහුවී ඇති නිසා හොඳටම බඩගිනිය, මට උවමනා උනේ ඉක්මනට ගෙදර ගිහිං රෑට කන්නටය. මමත් ඩැනිසුත් ඉස්සරහින් ගිය අතර ගුරාත් මොහොමඩුත් ආවේ අපට පිටුපසිනි. අපි ගියේ කැලෑ පාරකිනි, පාර අයිනෙන් අකුළෙන් වැසුණු ඇළක් ගලායයි. ඩැනිස් ලවුස්පීකරයක් දැම්මාසේ ගමටම ඇහෙන්නට කියවමින් එද්දී මම වචනයක් වත් කතා නොකර ගියේ වචනයක් වැරදුණොත් හෙම පුතයාගේ හැටි දන්නා නිසාය. මගේ නිහඬතාව ගැනද ඩැනිස් සමහර විට කියයි.
මොකද උඹ ගොළුවෙක් වගේ සද්ද නැතුව යන්නෙ? කටේ පිට්ටුද?
ඒ උනාට කතා කරන්නට බැරිය, සමහර විට මම මෙහෙම කිව්වාය කියා සිතමු.
හරි කරුවලයි නේද?
කොක්කක් නැතිව කොක්කක් සොයමින් යන ඩැනිස්ට ඒ හොඳටම ඇතිය. ඔහු වහාම මට මෙසේ ප්‍රතිචාර දක්වනු ඇත.
ඈ යකෝ, රෑ උනාම කරුවල වෙන්නෙ නැතුව එළිය එනවද? තොපේ ගමේ රෑට එළියද? නිකං බොරු සෝබන දාන්න එනවා මෙතන, ඉඳපිය තොගෙ පුච්චානම් යන්න හොඳ වැඩක් කරන්න!
කියා පුකට පයින් පාරක් දී ඇළට තල්ලු කරන්නටද බැරි නැත. මම සද්දෙ වහගෙනම ගමන් කළෙමි. පස්සෙන් එන ගුරා මොහොමඩ් එක්ක රණ්ඩු වෙන්නට පටන් ගත්තේ ඔය අල්ල පනල්ලේ ය. උන් දෙන්නා බැන ගන්නේ දෙමළෙන් නිසා අපිට උන් කියන මෙලෝ දෙයක් නොතේරේ. ඩැනිස් හොඳ පරීක්ෂාවෙන් දෙන්නාගේ රණ්ඩුවට කන් දීගෙනම යන්නේ කොච්චර ඇඟ නලියෑවත් රණ්ඩුවට මැදිහත් වෙන්නට භාෂාව නොදන්නාකමට නිසා මිසක උවමනාව නැති නිසා නොවේ. එකපාරටම චකස් ගා සද්දයක් ඇහුණේ මේ අතරය, සමහර විට ඇළ ඉවුරේ සිටි ගෙම්බෙක් ඇළට පනින්නට ඇත. වහාම ආපහු හැරුණු ඩැනිස් රණ්ඩු වෙන දෙන්නා ලඟට දිව ගියේ අට්ටාලෙට නැගපු වෙසමුනියා සේ මාරාවේෂයෙනි.
ඈ බොල තෝ යාළුවට ගැහුව නේද?
අතේ තිබුණු බිරියානි පාර්සලය ඇළට විසිකළ ඩැනිස් ගුරාගේ බෙල්ලෙන් අල්ලාගෙන හොලවයි. එක පාරටම කඩා වැටුණු මේ හෙණගෙඩිය මොකක්ද කියා අදහා ගන්නටවත් බැරිව ගුරාත් මොහොමඩුත් බීතවී බලා සිටිති.
තෝ දැනගන්, තොගෙ යාළුවා උනාට තෝත් එක්ක ආවට ඌ දැන් ඉන්නෙ මගෙ ගමේ, මගෙ ගෙදර. යකෝ මගෙ ගෙදර ඉන්න එකාට ගහන්න තෝ කවුද?
මට ගෙහුවෙ නෑ අයියෙ!
මොහොමඩ් වෙවුලමින් කියයි. ඒ ගමන ඩැනිස් ගුරාව අතහැර මොහොමඩ්ගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය.
ආ! තෝ යාළුවව සුද්ද කරන්න එනවද? මට බොරු කරන්න තොපිට බෑ දැනගනියව්, තොපි දෙන්න නෙවෙයි මේ කළුවාමෝදර එකෙකුටවත් මට පාට් දාන්න බෑ බොලව්, තොපි නටන්නෙ මේ ඩැනිස්ගෙ හැටි දන්නැතුවයි, තොපිත් එක්ක තිබුණු යාළුකම් අදින් ඉවරයි, ආයෙ උඹල නෙවෙයි මේ කළුවාමෝදර එන්නෙ. ඩැනිස්ගෙ ගෙදරින් බත් කාල ඉවරයි කියල හිතාගනියව්! තොපි නැතුවට මට ඕනෑ තරං යාළුවො එහෙ ඉන්නවා. තොපි වගේ හාල් පාරුවො නෙවෙයි දන්නවද උන් හොඳ කොල්ලො! තව මුංට බුරියානිත් කවන්න හුහ්!
කියූ ඩැනිස් මුලින්ම මොහොමඩ් අතේ තිබුණු බිරියානි පාර්සලයද ඊළඟට ගුරා අතේ තිබ්බ පාර්සලයද උදුරා ඇළට විසිකර ආපහු යන්නට හැරෙන විට දැක්කේ බිරියානි පාර්සලයත් තුරුළු කරගෙන සිටි මාවය.
ආ ! තෝද ? සද්ද නැතුව ඉන්නකොට මම දැනගෙන හිටිය තෝ යටිකුට්ටුවෙක් කියල. මුං දෙන්නව කොටෝල හොඳ එකා වගේ ඉන්නව මෙතන. තොට බෑ මාව තම්බන්න ගං ඕකත් මෙහාට !
කියූ ඩැනිස් මගේ අතේ තිබු බිරියානි පාර්සලයද උදුරා ඇළට විසිකළේය. පාර්සලය මගේ අතේ තිබුණත් ඇලේ තිබුණත් වෙනසක් නැත්තේ හතර දෙනෙකුට එක කෑම පාර්සලයකින් වැඩක් නැති නිසාය. කෑම ටික ඔක්කොම ඇළට පුජා කළ ඩැනිස් තනියම ආපහු ගෙදර යන්නට හැරුණේ අපට බලු බැණුම් බැන වදිමිනි.
දැන් මම ගෙදර ගිහිං තොපි තුන් දෙනාගෙම ඇඳුම් අල්ලල එළියට විසිකරනවා. ඕනෑ තැනක පලයව්, තොපිට ගැහුවෙ නැත්තෙ ගමට ආපු බල්ලෙකුටවත් මම ගහන්නෙ නැති හිංදා! ඒ වගේ ජරා වැඩ මං කරන්නෙ නෑ, උඹලට තේරුණාද? ඕනෑ තැනක ගිහිං බුදිය ගනිව් හැබැයි මගෙ ගෙදරට එන්න බෑ!
මහ රෑ කරුවලේ යන්නටත් තැනක් නැති නිසා අපි තුන්දෙනාද ඩැනිස් පස්සෙන් හිමිහිට ගෙදරටම යාගත්තෙමු. ඩැනිස් ගේ බිරිඳ හෙවත් අක්කා කරුණාවන්ත කාන්තාවකි. ඇඳුම් පොඩිකරගෙන ඇඟේ මඩ ගාගෙන එන අපි දුටුව ඇය වෙලා තියෙන දේ තේරුම් ගන්නට ඇත. අක්කා ඩැනිස්ව ඉක්මනට ඇඳට දැම්මාය. ඇඳට වැටී ටික වෙලාවකින් ඩැනිස් ගොරවන්නට විය. ඇල් වතුර ටිකක් බීපු අපිද බඩගින්නේම නින්දට ගියෙමු.
පහුවදා උදේ අපිට ඇහැරුණේ ඩැනිස් ගේ සද්දෙටය. ඒ වෙනකොට හොඳටම එළිය වැටිලාය.
හා හා නැගිටපල්ල නැගිටපල්ලා! හොඳටම දවල් වුණා ඉන්න බෑ බඩගිනියි, ඉක්මනට මුණ කට හෝදගෙන ලෑස්ති වෙයල්ලා, කොහෙද ඊයෙ රෑට කන්නවත් හම්බුනායැ!
අපි සුදානම් වූ පසු ඩැනිස් අපිවත් වාහනේ දාගෙන අලුත්ගම ටවුමට එක්කරගෙන ගොස් උදේට ජයටම කෑම කන්නට අරං දුන්නේය. ආපහු ගෙදර ඇවිත් තුන් දෙනාටම ටී ෂර්ට් ද තොප්පිද දුන්නේය. කළින් දා රෑ වෙච්ච සිද්දිය ගැන ඩැනිස් කීවේ,
අමතක කරල දාපල්ලා, ගමේ වැඩක්නෙ! කියාය. එදා හවස අපි ආපහු ගමේ ආවේ ඩැනිස් ද එක්කරගෙනය.
තවත් අවුරුද්දක් විතර රෙදි මෝලේ වැඩකරපු ඩැනිස් රස්සාවෙන් අයින්වී ආපහු ගමට ගිහිං ටුවරිසම් කරන්නට පටන් ගත්තේය. ඒ ටුවරිසම් හොඳටම නැගලා ගිය කාලය නිසා ඩැනිස් අතේ යහමින් සල්ලි ගැවසෙන්නට විය. වැඩි කලක් යන්නට පෙර ගාලු පාරේ මුහුද පැත්තට වෙන්නට තිබුණු ඔවුන්ගේ ඉඩමක ඩැනිස් අලුත් ගෙයක් හදා පවුල පිටින්ම පදිංචියට ගියේය. තව අලුත් වාහනයක්ද ටුවරිසම් වලට දැම්මේය. ඒ වන විට ඩැනිස් දරුවන් පස් දෙනෙකුගේ පියෙකි. මේ කාලය වනවිට මමද රස්සාවට යමින් සිටි නිසා කළින් වගේ ඩැනිස් ගේ සොමිය නිතරම ගන්නට ලැබුණේ නැත. ඩැනිස් ද අපේ ගමට ආවේ මඟුලක් මරණයක් වැනි අත්‍යාවශ්‍ය කටයුත්තකට පමණය. ඩැනිස් ගේ ගෙදර කටයුත්තක දී අපිත් නොවරදවාම කළුවාමෝදර ගියෙමු෴
(ලියන්නට හිටියේ වෙන කතාවක් නමුත් ලියැවුණේ අමුතුම කතාවකි. ඩැනිස් ගේ සොමිය තවදුරටත් ලියන්නට ඇති නිසා තවත් කොටසකට කල් තබමි)
Related Posts
-
February 3, 2019 -
January 23, 2019 දුකේ දුක හිතෙන කතන්දරේ – පළමුවෙනි කොටස
-
January 18, 2019 නිමක් නොවූ සංචාරය 04
-
January 17, 2019 Drawing a Rail Bridge Using Coloured Pens (දෙමෝදර ආරුක්කු නවයේ පාළම)
-
January 17, 2019 නන්පේරියල් – බලංගොඩ බස් ගමන
-
January 15, 2019 කාශ්මීර හිමාචල් ගමන 10 – මනාලි සිට පහලට
Categories
- ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල (21)
- අතීතකාමය (148)
- අධ්‍යාපනික (108)
- ඉතිහාසය (72)
- ක්‍රීඩා (1)
- කාලීන සංවාද (740)
- කෙටි කථා (155)
- දේශපාලන (80)
- නව ව්‍යවස්ථාව (12)
- පරිවර්තන (9)
- ප්‍රහසන (70)
- බ්ලොග් නවකතා (8)
- විචාර (63)
- විද්‍යා ප්‍රබන්ධ (20)
- විද්‍යා හා තාක්ෂණ (59)
- විවිධාංග (108)
- විශේෂ (308)
- සංගීතය (55)
- සංචාරක හා ඡායාරුප (41)
- සඳැස් / නිසඳැස් (322)
- සාහිත්‍ය කළා විචාර (309)
- හයිකු හා කෙටි කවි (50)
Video wall
‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල
සින්ඩි
Archives
- February 2019
- January 2019
- August 2018
- July 2018
- June 2018
- May 2018
- April 2018
- March 2018
- February 2018
- January 2018
- December 2017
- November 2017
- October 2017
- September 2017
- August 2017
- July 2017
- June 2017
- May 2017
- April 2017
- March 2017
- February 2017
- January 2017
- December 2016
- November 2016
- October 2016
- September 2016
- August 2016
- July 2016
- June 2016
- May 2016
- April 2016
- March 2016
- February 2016
- January 2016
- December 2015
- November 2015
- October 2015
- September 2015
- August 2015
- July 2015
- June 2015
- May 2015
- April 2015
- March 2015
- February 2015
- January 2015
- December 2014
- November 2014
- October 2014
- September 2014
- August 2014
- July 2014
- June 2014
- May 2014
- April 2014
- March 2014
- February 2014
- January 2014
- December 2013
- November 2013
- October 2013
- September 2013
- August 2013
- July 2013
- March 2013
- November 2011
- December 201
News Papers
News Sites
- 3mana
- Aadaderana
- Asian Tribune
- DBS
- Ground Views
- Hiru News
- Human Rights Asia
- JDS Lanka
- Kathika
- Pathula
- Lanka Truth
- Lankapuvath
- Meepura
- Neth FM
- News First
- Randora
- Sandeshaya
- Sannasa
- Sri Lanka Brief
- Sri Lanka Campaign
- Sri Lanka Guardian
- Sri Lanka Mirror
- Tamil Guardian
- Vikalpa
- Vimasuma
- Defence.lk
- Lanka Web
- LankaPage
- LankatNews
- Asian Tribune
- Lanka Standard
- Lanka Business
- News.lk
- Colombo Gazette
- Lanka Herald
- Tamil World Today
- ELankanews
- Colombo Mirror
- Thathu
- News of Colombo
- The Radio ceylon
- Tamil Diplomat
- Samakalam