දේශපාලන

ජවිපෙන් ටයිම් පාස් කිරීම

Off

මැතිවරණය විසින් සමාජයේ සියලූම සංවාදයන් අනුභව කර ඇති මොහොතක බුකිය තුළ ඇතිවී ඇති එක් තත්වයක් ගැන ලියන්න හිතුව. ඒත් මේ සංවාද විවාද හැම මගුලක්ම මැතිවරණයේ දිග පළලට සාපේක්ෂව බුකියේ එක්තරා කවයක අපේ ආතල් අපිට ආතල් පන්නයේ දෙයක් වුවද වැදගත්කම අඩුවෙන් නෑ. පහුගිය මැතිවරණයේ වගේම මේකෙදිත් ලිබරල් බුද්ධිමතුන්, සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක් ජවිපෙ වෙනුවෙන් පෙනී ඉන්නව දකින්න ලැබෙනව. ජවිපෙත් මැතිවරණයේ තමන්ගේ ප‍්‍රධානම ආභරණය බවට පත්කරගෙන ඉන්නේ කලාකරුවන් ඇතුලූ මෙම ස්ථරයයි. මේ අදහස් ඒ හැම දෙනාටම එකවගේ අදාල නොවුණට හැමදෙනාටම අඩුවැඩි වශයෙන් අදාල වෙනව.

සමාජජාල අවකාශය ප‍්‍රමුඛව කාලෙන් කාලෙට එක එක සීසන් එනව. මේ මැතිවරණ සීසන් එකේ තමන්ගෙ අනන්‍යතාවය නඩත්තු කරගන්නෙ කොහොමද කියන එක මේ ගොඩක් දෙනෙක්ට ප‍්‍රශ්නයක් වෙනව. එතනදි පොඩි වෙනසකුත් එක්ක රැඩිකල් ගතියකුත් ඇතුව ඒ කාලය ගෙවල දාන්න ජවිපෙ එයාලට උදව් වෙනව. හැබැයි ඉතිං එයාල දෙයියනේ කියල ජවිපෙත් එක්ක තියෙන ගැට්ට නඩත්තු කරණ ගමන් තමයි මේක කරන්නෙ. ඒකියන්නෙ ඡන්දෙන් පස්සෙ ආයෙ අපිට කදුලූ ගෑස් කන වෙලාවක එහෙන් මෙහෙන් හරි හම්බෙන්නෙ අර පරණ ජවිපෙ මූණවල් ටික මිසක් මේ හාදයො නෙමෙයි. එයාල වගවීමක් ඇතුව ජවිපෙට ඡන්දෙ දෙන්න කියල එයාල බලාපොරොත්තු වෙනව කියන වෙනස වෙනුවෙන් මේ සීසන් එකෙන් පස්සෙ කි‍්‍රයාකාරී වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ එයාල හොයන්නෙ මේ රැය ගෙවල දාන්න ගෑණියෙක් මිසක් දීග කන්න බිරිදක් නෙමෙයි. අවුල තියෙන්නෙ එයාල ගෑණියෙක් එක්ක බුදියන එක ගැන නෙමෙයි ඒ ගෑණි එක්ක ඉදල හදන දරුවො දාන ඉස්කෝල ගැන හිටං අපේ හිත්වල අදහසක් හදන එකයි.

අපි මේ සමාජ ක‍්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වෙනවනම් අනිවාරයෙන්ම යායුතු දුෂ්කර මාර්ගයක් තියෙනව. එහෙම නැතුව විවේකෙට විනෝදෙට එහෙමත් නැත්තන් හිතේ තියෙන අවුල මැකෙන්න ඔය පුලූ පුලූවන් මොන මොනව හරි කලා කියල සමාජය වෙනස් වෙන් නෑ. නුවරටනම් යන්න ඕනේ කදු නැගගෙන කොළඹ නුවර පාරෙ යන්න ඕනෙ. මුහුදු හුළග වැදි වැදී ගාලූ පාර දිගේ මාතර යන එකට කියන්නෙ නුවර යනව කියල නෙමෙයි මාතර යනව කියලයි. ඒ කියන්නෙ පූර්ණ කාලීනව හැමෝම දේශපාලනය කරන්න ඕනෙ, ඒක විතරයි දේශපාලනය කියන එක නෙමෙයි. අපි සමාජ වෙනසක් වෙනුවෙන් ගෙවන්නෙ විනාඩි පහද ඒ විනාඩි පහ රැල්ලට මාකට් වෙන්න අරින් නැතුව හරි දිශාවට ස්ථානගත කළ යුතුයි.

මේ සමාජයේ ඉදිරි පියවරයන් තියන්න වෙන්නෙ ජනතාව තමන්ගෙ දේශපාලන බලය අභ්‍යාස කරන තත්වයක් ඇතුලෙයි. ඔවුන් දේශපාලනික සවිඥාණිකත්වයකට ක්‍රියාකාරීත්වයකට තල්ලූකර ගන්න විදිහක් තමයි හොයන්න ඕනෙ. එතනදි මැතිවරණත් ඒ සදහා යොදාගන්න පුලූවන් උපකරණයක්. ඒත් මේ වෙද්දි ප‍්‍රධාන පක්ෂවල වගේම ජවිපෙ මැතිවරණ ප‍්‍රවේශය ඇතුලෙ මැතිවරණය මිනිස්සු තව තවත් දේශපාලනයෙන් ඈත් කරවන වහන්තරාවක් බවට පත්වෙලා තියෙන්නෙ. උඹල අපිට ඡුන්දෙ දීල බුදිය ගනිල්ල අපි ගේම ගහන්නම්, අපි තමා වැඬේට කියාපු පොරවල් වගේ අදහසක් තමයි මැතිවරණයෙන් මිනිස්සුන්ගෙ ඔලූවලට යවන්නෙ. මිනිස්සුත් ඕව අපිට අයිති වැඩ නෙමෙයි අපිට කරන්න තියෙන්නෙ ඡන්දෙ දීල චූ කරල බුදිය ගන්න එක වගේ අදහසක තමයි මිනිස්සුත් ඉන්නෙ, මේ දේවල් වලින් ඒ අදහස තව තවත් ඔලූ ඇතුලෙ පත්තියන් වෙනව.

මෙතනදි ජවිපෙත් දිගින් දිගට මේ ස්ථරයන් ඇතුලූ මැදපන්තියේ ඡන්ද පදනම් දිනාගැනීමට වැඩ තේරීම ඇතුලෙ ඔවුනුත් දන්නෙම නැතුව අතරමං වෙන්න නියමිතයි. සරළව මේ ඡන්දෙදි ජවිපෙ කරණ කියන දේවල් ගැන පහළ ජවිපෙ සාමාජිකයන් විමසුවොත් ඔවුන්ට ඒ ගැන අදහසක් නෑ තියෙන්නෙ ඊළග ඡන්දෙකදි බලය ගැනීම ගැන නඩත්තු කරණ හීනයක් විතරයි.

දරුවෙක් ලබන්නනම් සංසර්ගයේ යෙදෙන්නම වෙනව, එහෙම නැතුව කොච්චර හොදට ස්වයං වින්දනේ යෙදුනත් දරුවො ලැබෙන් නෑ. ඒ හින්ද මේ වෙලාවෙ ටයිම් පාස් කර ගන්න මොකක් හරි අටමගුලක් කරන් නැතුව සමාජ වෙනසක් වෙනුවෙන් වූ විශ්වාසය සමාජයට ගෙනියන්න කැපවෙමු. දහවෙනිදට ගිහිල්ල උඩපැනල ඕනෙ එකෙක්ට ඡන්දෙ දීගන්න ඒත් මේ දේත් හිතල බලන්න. ඡුන්දෙ කාලෙට ෆෝම් වෙලා නටන නැට්ටුවො නෙමෙයි ජීවිතය ඇතුලෙ අරගලය අභ්‍යාස කරන මිනිස්සුයි මේ වෙලාවෙ ඕනෙ කරන්නෙ.

රිවිහාර පින්නදුව

https://rivharapinnaduwa.blogspot.com/2018/02/blog-post.html?spref=fb

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල