කාලීන සංවාද

පුවක් එෂැණිං 42 – බ්‍රේකිං නිවුස් නාඩගම සහ බයියංගේ ජයග්ගරහනිය කණපිට හැරවීම….

Off

පළාත් පාලන ඡන්ද විමසීම අනුව රජයේ ඉදිරි ක්‍රියාමාර්ගය යහපාලන මාර්ගයේ ඉදිරියට ගමන් කීරිම පමනක් බවද ඊට අන් විකල්පයක් නොමැති බවද මේ කාටූනයෙහි දැක්වේ.

රනිලා මහ අවාසනාවන්තය කියල කිව්වට එක අතකින් බැලුවම මිනිහගෙ වෙලාව නම් මාරයි. බැඳුංකර කේස් එකට කරමුලින්ම මාට්ටුවෙලා හත්පොලේ ගාගෙන ගඳ ගගහ හිටිය මනුස්සය. දැන් ඔන්න අන්තිමට මේ යකා නැතුව බැරි ගානට ඇවිල්ලයි කියමුකො. අර කෝටිපතියෝ ටෙලියෙ ලාරා කුමාර කියනව වගෙ “කොහොමද ඒක?”

අන්තර්ජාලයෙ පැලපදියං වෙලා ඉන්න පෙබුද්ද පෙරේක්සක ජනටාව නම් මං හිතන්නෙ කෝටි පතියෝ ගැන දන්නෙවත් නැතුව ඇති. දැං යන රැල්ල ඒකනෙ….දෙවෙනි ඉණිම, කෝටි පතියෝ, පිණි ගැන එහෙම දන්නෙවත් නැහැයි කියල ඔලුවෙ අත ගහල දිවුරන එක….නිකමට වගෙ අහල තියනව උනත් ඒ ගැන කතා කරන එකත් පංච මහා විලි ලැජ්ජාවෙං එකක් එහෙමත් නැත්තං පංචානන්තර්ය පාපකරුම වලට එකතු වෙච්චි හයවෙනි එකය කියල තමයි ඒ සිරා කස්ටිය හිතාගෙන ඉන්නෙ.

ඔය ප්‍රබුද්ද කූම්බි ප්‍රේක්සකයිංගෙ සීන්ස් එකත් එක අතකට බලන කොට අද රටේ දේසපාලනේට වෙලා තියන දේට සමානයි කියලත් කියන්ට ඇහැකියි. ඒ කිව්වෙ දැං මෙහෙමයි. මම අර කලිං පාරකුත් කිව්වනෙ කූබි ඕනවට වඩා උඩ දාන එකං වෙන්නෙ එපාම වෙන එක කියල. ඔබ තමුන්නාංසේලාට නං කොහොමද මංද අනේ මටනං එහෙමයි. ඕනම දෙයක් ගැන ඕනවට වඩා මට කියන්ට ආවොත් මට එපාම වෙනව.

ඉතිං කූම්බි සීන් එක වර්තමාන දේස පාලනේට පෑහෙන්නෙ මෙහෙමයි. දහවෙනිද තිබ්බ ගංසබා චංදෙං මරාගෙ පොහොට්ටුව දින්නනෙ. සීයට පනහක් නොගත්තතත් දින්න. ඒක පිලිගන්ට එපාය. ඒත් මෙන්න බොලේ “ඔන්න කණෝ පිනුං” කිව්ව වගෙ මරාගෙ නීලකාසයො ටික රෙදි කරට ගත්තෙ නැද්ද මහ චන්දයක් ඕනය නැත්තං පොහොට්ටුවෙ ආන්ඩුවක් පිහිටුවන්ට ඕනය කියල.

අර මැදමුලනෙ බත් බැලයො තුන් දෙනා තමයි පෙරහැරේ මුලිම්ම ආවෙ සලු පාලිය නටාගෙන. පචායුදේයි වාසුදේවයි එතනිං ගිහාම දිනෙස් ගොයියයි. දෙයියම්පල්ල ඔය වාසුදේව කියන කූතාඬියා කාලයක් මම කැමතිම දේසපාලන චරිතය වෙලා හිටිය කියල හිතෙනකොට තමයි සිරා හම්බවෙන්ට ගිහිල්ල අර මඩු වලිගෙ ඉල්ලගෙන මයෙම පස්චාත් බාගෙට හත අටක් තලා ගන්ට හිතෙන්නෙ…..මේ ඇත්තමයි!

ඔය සට්ටබියො තුන්දෙනා ඔච්චරම බෑඟිරි ගහන්නෙ වෙන මොකවත් හින්ද එහෙම නෙවෙයි උං දන්නව නීලකාසය ඇරෙන්න උංට වෙන කිසිම කිසි පිහිටක් නැතෙයි කියල. අනික දිනෙස් සහ වාසිදේව කොහොම වෙතත් මෝඩවංසය නම් ඉන්නෙ වැලිකඩ බිහිදොර අබියස. පාස්පෝට් කේස්, හොර අයිඩෙන්ටිටිකාඩ් කේස්, වාහන කේස්, ගෙවල් කේස් එකතු උනහම ඒ යකා දන්නව සෑහෙන කාලෙකට මහ උලු ගෙදර යන්ටම වෙනවයි කියල. ඒකනෙ ඔය හිරලෙ පාත්වෙනකල් කෑගගන්නෙ කටත් අප්පල්ලෙ වගෙ බලියගෙන.

ඉතිං පොහොට්ටුවංගෙ මේ කැම්බැල්ලයයි එතනිං ගිහාම අර සිරසෙ එවුං රනිලා එලවන්ට නටන නරි නාටකයි දැක්කම මිනිස්සුංට උනත් හිතෙන්ට ගත්ත යකෝ මේක හරි වැඩක්නෙව….මේ ගංසබා චංදෙ පැරදුනයි කියල අගමැති අයිං වෙන්ට ඕනද? මේක මාර කෙලියක්නෙ..එතකොට පොහොට්ටුවන්ටයි මහාරාජටයි ගිය රට එහෙනං ඈ? කියල.

ඇත්තටම සද්ද වහල ටිකක් හිටියනං සම්ටයිම්ස් යූ ඇන්පී එකේ ඇතුලෙම්ම රනිල අයිං කරන්ට විරෝධයක් එන්ට තිබ්බ. මේ මල විකාරෙං උනේ යූඇන්පී එක ඇතුලෙ රනිලට තිබ්බ සපෝට් එක එහෙම නැත්තං අර බිගේඩියර් සිරිසගබෝ ගෙ අනුගාමිකයො කියන විදිහට ගැම්ම ආයම වැඩි වෙච්චි එක කියලයි මට හිතෙන්නෙ.

ඇත්තම කිව්වොත් මට නම් අවංකව එහෙම හිතිලයි තියෙන්නෙ ඔන්න ආය අර අහවල් දේකටය බොරුවක් මුසාවක් කියන්නෙ. පහුගිය පෝස්ට් එකේ මම කිව්වනෙ රනිලා අයිං වෙන්ටම ඕනය කියල. ඒත් මේ වෙනකොට මම ඒ ස්තාවරෙං අයිං වෙලයි ඉන්නෙ. ඒ කිව්වෙ නීලකාසය නටන නැටිල්ලට මට නිකං බයක් වගෙ හිතෙනව මේ වසවර්තිය ආයම ආවොත් මොනවයිං මොනව වෙයිද කියල. ඒ හින්ද මේ වෙලාවෙ රනිල්ව අගමැතිකමේ තියාගෙනම ඉස්සරහට එන අවුරුදු දෙකේ රට පාලනය කරන එක හොඳයි කියලයි මට දැං හිතෙන්නෙ.

ඒ කියන්නෙ කොටින්ම වෙන මොකවත් නෙවෙයි බැඳුංකරේ මහ මොල කාරය උනත් මේ වෙලාවෙ මරා ප්‍රමුක නීලකාස නඩේ ආන්ඩුවක් පිහිටවීම වලක්වන්ට පුලුවන් රනිල්ට විතරක් නම් රනිලා රැකගන්ට ඕනය කියන එකයි මගේ ස්තාවරය. මොකද මම කලිනුත් කිව්වෙ මේ පට්ට හොරු ටික දඟලන දැඟලිල්ල මට කොහෙත්ම අල්ලන්නෙ නම් නෑ.

හැබැයි එකක් තියනව….ඉක්මං උනා වැඩියි කියල නීලකාසයටත් තේරිලාදැයි කොහෙද…හෙහ්..හෙහ්…ඊයෙ මම දැක්ක කියනව විපක්ස නායක කම තිබ්බොත් ඇතිය කියල…දැං දන්නව කීයටවත් සිරා අගමැතිකම නම් දෙන්නෙ නැහැය කියල.

දැං සිරාටයි රනිලටයි තියෙන්නෙ වෙන මොකවත් නෙවෙයි කරපු මෝඩකං දෙන්නට සරියේ තවත් මෝඩකං නොකරං මරියේ කියල සමාදාන වෙලා 2015 චන්ද දෙකකිම්ම දුන්නු ජනවරමක් තියනවනෙ. අන්න ඒ ජන වරම අනුව කටයුතු කොරන්ට.

ඒ ජන වරං දෙක දුන්නෙ කෙලිම්ම ආය වෙන දේකට නෙවෙයි නීලකාසයගෙ කාලෙ හොර මැරකං කරපු තක්කඩි රංචුවම අල්ලල කූඩු කරන්ට. එතකොට විනිවිද බාවයෙන් යුතු නව පාලනයක් ඇති කරන්ට. යහ පාලනය කිවෙත් ඒකට නෙව.එහෙම ජන වරමක් තියෙද්දි සිරයි රනිලයි දෙන්න එකාට එකා හොරෙං කරගෙන ගියේ ඩීල් දාන එක. රනිලා මරා එක්ක ඩීල් දැම්මලු. සිරා මහාරාජා එක්ක ඩීල් දැම්මලු. බලාගෙන යනකොට මේ යක්කුංගෙ හැසිරීම දැක්කම බොරුමත් නෙවෙයි මට පේන්නෙ ඔය ඩීල් කතන්දර.

කොහොමද දෙන්න එකතුවෙලා ඔය ඩීල් ඔක්කොම කැන්සල් කරල වෙච්චි පොරොන්දු ඉස්ට කරන්ට පටං ගත්තොත්…වට් අබවුට් ෆොර් ස්ටාටර්ස් සේ පුටිං ඕල් රාස්කල්ස් ඔෆ් මරා බිහයින්ඩ් බාර්ස්..අන්න කරනව නං වැඩේ…කොහොමද නිකමට වගෙ මම මේ කිව්වෙ විහිලුවට වගෙ එහෙම කලානං…හෙහ්..හෙහ්. ආන්ඩුව ගෙනියන්ට ආය වෙන නෝ හෝප්ස් ඇට් ඕල්…..

කොහොමද ගේම දුන්නනං බයියංගෙ ජයග්ගරහනේ උංටම පාරා වළල්ලක් වගෙ වෙන්ට. එහෙම උනොත් නං ආය නෑ කියල වැඩක් නෑ, මට වෙන මොකවත් ඕන නෑ.

2020 චන්ද ගැන නිකමට හරි බලාපොරොත්තුවක් තියාගන්ට නම් එහෙම කරන්ටම වෙනව. ඒකෙ ආය දෙකක් නෑ. රනිල්ටයි සිරාටයි යන්තං හරි බලාපොරොත්තුවක් තියාගන්ට පුලුවන් වෙන්නෙ ඒ වගෙ දැඩි ක්‍රියාමාර්ගයකට එන්ටර් ද ඩ්‍රැගන් වෙනව නං විතරයි. එහෙම කලොත් විතරයි අර 2015 දි චන්දෙ දුන්නු රටේ අනාගතය ගැන හිතන මිනිස්සුන්ගෙ චන්ද ටික ආපහු සැරයක් ගන්ට වෙන්නෙ. එහෙම නැතුව බයියංගෙ චන්ද බලාපොරොත්තුවෙං අර එහාටත් නැති මෙහාටත් නැති ගොං පාර්ට්ස් දාන එකෙන් නම් කිසිම වගතුවක් වෙන්නෙ නෑ. ඒකෙ ආය දෙකක් එහෙම නෑ මට ඒක ඉරහඳ වගෙ විස්වාසයි. මොකද බයි චන්ද කඩන එක ලේසි නෑ. චන්දයක් කඩා ගන්ට අදාල මනුස්සයට කාරනා කාරනා පැහැදිලි කරල දෙන්ට එපාය. අප්පට සිරි බයියො නොහොත් පොල් ලෙල්ලංට කරුණු පැහැදිලි කරල දෙනවට වඩා ලේසියි තිලංග ගොයිය ක්‍රිකට් සබාපතිකමින් එලවන එක. ඒ කියන්නෙ ඒ වැඩේ කොහොමවත් වෙන්නෙම නෑ කියන එක තමයි.

“Never underestimate the power of stupid people in large groups.” ― George Carlin

බන්දුල ගුනවර්දන ආර්තික ඔස්තාද් ඒ අල්ලපනල්ලෙ මෙච්චර මහංසි වෙලා තමන්ට මේසා ජයග්ගරහනියක් අරං දුන්නු තම අනුගාමික බයි ජනතාවට නම්බු නාමෙකුත් ප්‍රදානය කරල. එතුමාට අනුව පොහොට්ටුවෙං පත් වෙච්චි නියෝජිතයො ඔක්කොම පොල් ලෙල්ලො. ඒ කියන්න චන්දෙ දුන්නු බයි ජනතාවත් ඇවිල්ල පොල් ලෙල්ලො.

ආ..තව කාර්ණයක් කියන්ටම ඕන..මම සාමාන්නියෙං හාමුදුරු ගොල්ලංට හොඳක් කියනව බොහොමත්ම අඩුයි. වෙන අහවල් දෙයක්වත් හින්ද නෙවෙයි අපේ සාදුලගොල්ල කොරන්නෙම දෙකයි පනහෙ මරි මෝඩ වැඩ හින්ද..අන්න ඒකයි..

ඒත් මේ ඊයෙ පෙරෙයිද මල්වතු නායක හාමුදුරුවො කියල තිබ්බ කටේ දැහැත්විටක් දාන්ට වටින කතාවක්. එතුමා කියල තිබ්බෙ මේ වෙලාවෙ ජනාදිපතියි අගමැතියි කරන්න ඕන රට තවත් අස්තාවර කරන්නෙ නැතුව 2015 ජනවාරි 8 වෙනිද රටේ බහුතරයක් ජනතාව තම කැමැත්ත ප්‍රකාස කලේ යම් දෙයකටද අන්න එව්ව ඉටු කරන්ට වැඩ කටයුතු කොරන එකය කියල.

ඒ කියන්නෙ එතුමා නොකියා කිව්ව මේ තිබ්බෙ ගංසබා චන්දයක්ය ඒ හින්ද ඒකෙං ආන්ඩු වෙනස් කරන්ට උඩ පනින අයට බම්බු ගහගන්ටෙයි කියල තමන්ගෙ වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්ටය කියල. මට හිතෙන්නෙ මල්වතු හාමුදුරුවංගෙ ඒ ප්‍රකාසෙං පස්සෙ තමයි මරාගෙ තක්කඩි ටික කටවල් වහගෙන පැත්තකට වුනේ. මං හිතන්නෙ අපේ බයියන් නොහොත් පොල් ලෙල්ලංගෙත් හුළං බැස්සෙ ඒ කතාවෙං පස්සෙ.

එකොළොස් වෙනිද හවසම නාමෝල් ලොකු බේබි ලැම්බෝගිණිය එහෙම පිහදාල කරල එළියට ගත්තයි කියල ආරංචියකුත් රට පුරා පැතිරුනානෙ. සම්ටයිම්ස් මල් වත්තෙ හාමුදුරුවන්ට බයක් වගෙත් හිතෙන්ට ඇති නාමෝලා ආයම පාරක් නුවර වැව වටේ රේස්පදින්ට එයි වත්දෝහෝයි කියල…හෙහ්…හෙහ්…

මේ දවස්වල මුහුණු පොතේ යන පෝස්ට් වලට හිනා කාල මැරෙනවා ඕයි! මේ එකක්…

මෙන්න සිරස බ්‍රේකිං නිව්ස් – අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුලු වේලාවකට පෙර බොග දැමීම සඳහා ජනාධිපති මන්දිරය පසුපස ඇති කහඹිලියා පඳුරක් අස්සට රිංගූ බව සිරස නිව්ස් පස්ට් වෙත වාර්තා වී ඇත. ඒ බොග දැමීමේ කර්තව්‍යයේ වැඩි දුරටත් විස්තර ඔබ වෙත ගෙන ඒම උදසා අප මාධ්‍ය කණ්ඩායම මේ වනවිටත් අදාල කහඹිලියා පඳුර වටා රැකවල් ලා සිටිනවා.

මේ ඒ නිව්ස් එකට ආපු කමෙන්ට්ස් දෙකක්….

එසේ පැදුරක් අස්සෙ බොකක් දැමීම සදහා ජනාධිපතිවරයාට හැකියාව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව හැකිදැයි නීතිපතිගෙන් විමසා තිබෙනවා..

19වන ව්‍යවස්තා සංසෝදනේ අනුව කහඹිලියා පඳුර යට ඇනතියාගත් වනම පුක සේදීම වියවස්තානුකූලදැයි නීතිපතිගෙ උපදෙස් ලැබෙනතුරු එතුමාතම පුක සේදීම මාසයකින් කල්දමා ඇති බවද මේ මොහොතේ අපට දැන ගන්නට ලැබුනා නරඹන්නනි!

We report… you decide!

http://ranrandil.blogspot.com/2018/02/568-42.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල