විවිධාංග

හැලුප් !! හැලුප් !!

Off

පොඩි පහේ හැලුප් එකක් ඉල්ලන්නයි මේ පෝස්ට් එක. හැබැයි ඉතින් ඒක කරන්න පුළුවන් වෙන්නේ අඩුම වශයෙන් පැය දෙක තුනක් වියදම් කරන්න පුළුවන් කෙනෙකුට තමයි. වෙන මලදානයක් හොයනකොට අහම්බෙන් යූටියුබ් එකේ වීඩියෝ එකක් බැළුවා. ඒක කොත්මලේ කුමාර කස්සප කියල ස්වාමීන් වහන්සේ නමක් සිඩ්නි වලදි කරන දේශණයක්. මම මේක කීප වතාවක්ම ඇහුවත් තේරුම්ගන්න අමාරුයි. ඒකට හේතුව එක්කො මගේ උපන් මෝඩ කම එහෙම නැත්නම් මගේ බෞද්ධ නොවන පසුබිම වෙන්න පුළුවන්. මේ දේශණය අහන අයට නම් ඔක්කොම තේරෙනවා වගේ තමයි මට හැඟුණෙ. සමහර විට මේක සිඩ්නි වලට ගිහින් ඇහුවොත් මට වැටහෙයිද දන්නෙ නැහැ. ඒවුණාට දැන් එහෙ යන බෝට්ටු සේවය නැහැනෙ.

අන්න ඒ නිසයි ඔබ තමුන්නාන්සේලාගෙන් (copyright – JR/Ravi.W) උදව්වක් ඉල්ලන්නේ. මේක තරඟයක්ම නොවුනත් මේක අහලා ඒ කියන දේ තමන්ගෙම වචන වලින් වෙන උදාහරණ යොදාගෙන සාරාංශයක් වශයෙන් (වචන 1,500 හෝ උපරිම 2,000 ක්) පෝස්ට් හැටියට දාන පස් දෙනෙක්ට රුපියල් 5,000 ගාණෙ තෑගි දෙන්න පුළුවන්. ඊට වඩා කට්ටිය දැම්මොත් ඒ අයටත් යමක් දෙන්න පරිත්‍යාගශීලියෙක් හෝ දෙන්නෙක් හොයා ගන්න මම උත්සාහ කරන්නම්. සමහර විට වගුවක් එහෙම යොදාගෙන මේක ඊට වඩා අඩු වචන ගණනකින් විස්තර කරන්න පුළුවන් වෙයි. ඒ වුණාට මෝඩ මට සහ ඒවගේ අනික් අයට තේරෙන්න ලියන්න ඕන.

මෙන්න වීඩියෝ එක. මේකේ 18.30 ඉඳල 1.32.00 විතර පැයකුත් විනාඩි දහයක පමණ කොටස තමයි ඔබේ පෝස්ට් එකට යොදාගත යුත්තේ.

කොහෙ හරි අන්තර්ජාලයේ තියෙන එකක් කොපි පේස්ට් කරල දාන්න එපා. මෝඩයා වුනාට plagiarism අල්ලගන්න ටිකක් දන්නවා. මේක අහලම ඔබට තේරෙන විදිහට ලියන්න. ඒ ලියන දේ මේ කියන දේට ගැලපෙනවද කියල බලන්න මට තේරෙන්නේ නැති නිසා ඒකට තව කෙනෙක් හොයා ගන්නම්.

පෝස්ට් එකක් විදිහට දාන්න බැරිමනම් පමණක් ඊමේල් එකක් විදිහට එවන්න. අනේ පින් අයිති වෙයි මාර්තු 5 ට පෙර මේ හැලුප් එක කරන්න.

https://lankanian.blogspot.co.uk/2018/02/blog-post_26.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල