කාලීන සංවාද

වඳ පෙති

Off

කෑමවලට වඳ පෙති දමා දී මිනිසුන් වන්ධ්‍යකරණයට ලක් කල නොහැක​. එසේ කරන්නේ නම් ඉස්පිරිතාලවල එල්.ආර්.ටී. කිරීම මෙන්ම එම්ඕඑච් කාර්‍යාලවලින් කාන්තාවන්ට ලූප් දැමීම අවශ්‍ය නැත​. පෙති මගින් දරු උපත් සීමා කල හැකිය​.

සාක්‍ෂරතාවය තිබුනද නූගත්කම ඉහටම ගසා තිබෙන බැවින් සමහරක් කෑම මගින් හෝ ඇඳුම් මගින් වඳභාවයට පත් කල හැකි පෙති හෝ රසායණිකයන් තිබෙන බව සිතති. එහෙත් එය හිතළුවක් පමණි. කාන්තා යට ඇඳුම්වලට රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් හෝ බ්‍රසියර්වල ජෙල් වර්ග තැවරීමෙන් කිසිවෙකු වඳභාවයට පත් කල නොහැක​. මුග්ධ මිනිසුන් අතර තිබෙන මෙම බය සැක තමන්ගේ වාසියට යොදාගන්නා ජාතිවාදීන් වඳ පෙති කතා මගින් සමාජය බියපත් කරවති. එසේම​ යළි ජාතිවාදී ගැටුම් ඇති කිරීමට තැත් කරති. නූගත් අන්ධකාර සමාජයක් තුල බිය සැක ව්‍යාකූලතා ඇති කිරීම පහසුය​. නමුත් මේ නිසා ප්‍රජාවන් තුල හට ගන්නා ගැටුම් නිසා සිදු වන විපත් සීමාරහිතය

වෛද්‍ය රුවන් එම් ජයතුංග
හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) මිණිපේ
හිටපු ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී නාරි හා ප්‍රසව SHO Gynecology and Obstetrics

http://transyl2014.blogspot.com/2018/02/blog-post_27.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල