කාලීන සංවාද

සිරිසේන… සිරිසේන… කෝ මේ සිරිසේන…

Off

සිරිසේන… සිරිසේන…
කෝ මේ සිරිසේන…
ජයන්ති නෝනා බොහෝ කළබලයෙන් ගේ පුරා දුවමින් සිටි…

අනේ දුවේ බලහන්කෝ මේ ජනාධිපති තාත්තා පේන්න නෑ නේ
අම්මා බාත් රූම් එකේ බැලුවද? මේ ටිකේම නාන එක නේ කරන්නේ..
අනේ ඔව් දුවේ මම ඉස්සෙල්ලම බැලුවේ මාත් රූම් එකේ.. ඒකෙත් නෑ..
කාමරෙත් නෑ.. ඔපීස් කාමරෙත් නෑ..

මම හිතන්නේ අම්මේ ෂුවර් එකට ළිඳ ගාව ඇත්තේ..
ළිඳට ගිහින් ඇදගෙන එපාය නාන්න.. එයැයිට කොහෙද එහෙම හයියක්
කෙහෙල් කොලේ බත් එක කන්නෙත් මම හදලා දෙන හින්දා..
කතාවක් උනොත් කරන්නේ කවුරු හරි ලියලා දුන්නොත් ඉතරයි..
ඒ උනාට අම්මේ තාත්තට ආස හිතුනද දන්නේ නෑ නේ ඇදගෙනම නාන්න..
ඒකත් ඇත්ත.. තාත්තගේ වැඩේ නාන එකම නේ.. අපි යමු දුවේ ළිඳ පැත්තට බලන්න..
අනේ ඉතින් චරුරිකා දුවයි ජයන්ති නෝනයි කැළෑ වෙලා තිබුන ළිඳ පැත්තට ගියා..
ඒ පැත්තෙත් නෑ නේ පුතේ..

කුඹුර පැත්තටවත් ගියාද දන්නේ නෑ යමු බලන්න කෝකටත් ඒ පැත්තේ..
ඒ පැත්තට ගිහින් බැලුවත් එහෙත් උන්නේ නෑ

ඊට පස්සෙ දෙන්නා එක්කම ගියා උලපනේ සුමංගල හාන්දුරුවන්ගේ පන්සල දිහාට
අනේ අපෙ හාන්දුරුවනේ අපේ මහත්තයා ආවයි මෙ පැත්තේ..
අනේ නෑ නොනා මේ පැත්තේ නම් ආවේ නෑ කියලා සිරිසේන මහත්තයා හොයන වැඩේට සුමංගල හාන්දුරුවොත් එකතු උනා..

හොම යන අතරේ ගණිතය ගුරුවරයකු වෙන රජිත් කීර්ති තෙන්නකෝන් මහත්තයා එනවා ඉස්සරහට..
සුමංගල හාන්දුරුවෝ හඬ අවදි කලා
අනේ මේ කීර්ති උපාසක මහත්තයා දැක්කැයි අපේ සිරිසේන උපාසක මහත්තයා..
දැක්කේ නම් නෑ… දැන් කීයේ වගේ ඉඳලඳ එයා නැති වෙලා තියෙන්නේ..
එහෙම අහපු කීර්ති මහත්තයා… ඉස්මාට් ෆෝන් එකෙන් කැල්කියුලේටර් එක අරගේන ගනන් හදනවා..

ඔය අස්සේ සුමංගල හාන්දුරුවෝ කිලීට කියලා සීන් එක බ්‍රේකින් නිව්ස් එකක් විදියටත් යනවා…
දැන් වැඩේට මාද්දිය කාරයොත් එකතු වෙලා..
කස්ටියම සිරිසේන මහත්තයා හොයන එක
පාර කියන සිරසේ ලැයිව් යනවා..

ඔහොම යන අතරේ රජිත් කීර්ති මහත්තයා ඇඳි වස්තරේ ගලවලා දාලා, අමු නිර්වස්තරෙන් කනත්ත පැත්තට දිව්වා…
සෙට් එකත් ඒ පස්සෙන් දිව්වා..
හපොයි දෙයියනේ… සිරිසේන මහත්තයා උදැල්ලකුත් අරගෙන වලවල් වගයක් කපනවා ඩෝසරේකින් ලොකු වලකුත් කපනවා..
ජයන්ති නෝනට මල පැන්නා
මොකක්ද වාහේ මේ කරන විකාරේ..
චතුරිකා නෝනටත් මල පැනලා..
මොකක්ද ජනාධිපති තාත්තේ මේ කරන විකාරේ… අපි යං යන්න හිටන් ගෙදර

ඒ අස්සේ ප්‍රවීන මාජ්ජවේදී රෝෂාන් වටවල මහත්තයා සිරිසේන මහත්තයට මයික් එක දික් කරලා ඉන්ටවීව් එක පටන් ගත්තා..
ඔබතුමාට කියන්න පුළුවන්ද ඔබ තුමා ගත් මේ දැඩි ක්‍රියාමාර්ගය මොකද කියලා හිටන්..?
ක්‍රියා මාර්ගය… තව මොන ක්‍රියාමාරග ගන්නද යකෝ.. මම මේ අඩි හයේ වලවල් ටික මම්ම කපා ගන්නවා..
ඉතින් ජනාධිපති තුමා මේ වලවල් ගොඩකුයි…. මහා වලකුත් කපන්නේ බැකෝ එකකුත් දාලා..?

ඒ පාර සිරිසේන මහත්තයා කපන්න මාක් කරලා ලණු ඇදලා තිබුන වලවල් ටික පෙන්නුවා…
ඒ පෙන්නලා මෙහෙම කිව්වා…
අරක ශිරාල්ට, අර ඊට එහා එක මලිතයට, එයිට එහා එක සුමංගලට, එයිටත් එහා එක රජිත් කීර්තිට, අරක සුසිල්ට… ආන් අරක ඩිලාන්ට….. ඔය විදියට තා වලවල් කීපයක් පෙන්නුවාම..

රොසාන වටවෙලා අන්තීම ප්‍රශ්ණයත් යොමු කළා
එතකොට ජනාධිපති තුමා අර බැකෝ එකෙන් හාරන ලොකු වල..?
ඒකද..?
ඒක වෙන කාටවත් නෙමෙයි… මාව නැති කරපු තොපිට යකෝ.. ”
කියපු සිරිසේන මහත්තයා
ආයෙත් තමන්ගෙ වල තමන් විසින්ම කපා ගන්න වැඩෙ පටන් ගත්තා..

http://maathalan.blogspot.com/2018/04/blog-post.html#more

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල