විවිධාංග

මගේ ලිවීම

Off

ඉස්කොලෙ යන කාලෙ ඉදහිටලා කවියක් ගෙතුවට ආදරේ අරන් මගේ හදවත(මං එයාට දිල් කියලා කියන්නම්කෝ..හදවත=දිල් මේ හින්දියෙන් හරිද ?) මං ගාවට ආවට පස්සේ ආදරේ ගැන කවි ලියුවට මං ලියන ඒවා එයා බලලා හොඳයි කියුවට මං දැනන් හිටියා මට ලියන්න බැ කියලා.
එයා මං දුක් වෙනවට කැමති නැති නිසා එහෙම කියලා මාව සනසවනවා ඇති කියලයි මං හිතුවේ. (ඇත්තත් ඉතින් ඒකමනේ)

ඉස්කොලේ හතේ අටේ පන්ති වලදි බිත්ති පුවත් පත කරන්න වගේම ඒකට ලිපි ලියන්නත් අවස්ථාවක් දිපු පන්ති බාර සිංහල සර් තමයි චුට්ටක් හරි හිත ෆිට් කරේ “ලියන්න පුතා හරි හැඩයි ඔයාගේ රචනා” කියලා.ඒත් ඉතින් මං ලියුවද රචනාවකට එහා දෙයක්..අනේ නෑ.

කාලයක් මං දෙයකට කියලා කරේ ෆිල්ම් බැලිල්ලයි කතාපොත් කියවිල්ලයි තමයි.එක අතකට ඒවා නිසා ලියන්න තිබුන ආසාවත් තව වැඩි වුනාට අබරංට වෙච්චි දේ වෙයි කියලා මං බැරි වැඩ නොකර හිටියා.

උසස් පෙලට ගණිත අංශයෙන් කරලා ශ්‍රම බලකායට සප් එක දෙන්න වෙනස්ම පාරක් තෝරගෙනත් දැන් අවුරැදු 05 කට කිට්ටුයි .. ඔය කාලේ කවියක් කුරුටු ගැවේ උපන් දිනේකට සුභ පතන්න විතරයි..

කොහොම හරි පහුගිය කාලේ ජිවිතේ වෙන්න ඕන චාටර්ම දේවල් වුනා..

එච්චර දෙයක් නෙවෙයි මායි දිලුයි මැරෙන්න ගිහින් දෙයියනේ කියලා අපේ වටේ ඉන්න අයගේ ආදරයයි ආශිර්වාදයයි නිසා තාම පන පිටින් ඉන්නවා.
ඒත් වර්තමානයේ මේ පැතිරිච්ච අන්ධකාරයයි අනාගතෙත් ලාවට අදුරු වෙන්න පැතිරිච්ච මීදුම් ගතියයි තාමත් එහෙම්මමයි…

එපා වෙලා ඉන්න වෙලාවක යාලුවෙක් ‘බ්ලොග් ලියපන් ජිවිතේ නරක කාලේ හැඩ කරගනින්’ කියුවම දම්මි (ඉස්කොලේ එකේ පංතියේ මුලින්ම කතා කරා කියලා මතක තියෙන යාලුවා) ලෝබ කමක් නැතිව මට බ්⁣ලොග් එකක් අටව ගන්න හැටි කියලා දිලා ‘ඔයාට පුලුවනි බය වෙන්න එපා මං කියවනවා ඔයා ලියන්නකෝ’ කියලා මාර ගැම්මක් හිතට දුන්නා..

ඇවිද ගන්න බැරිව කෙලින් වේගන්න බැරිව ඇදටම කාමරේටම වෙලා ගෙවපු මං ලියන්න ගත්තා.
නෑ නෑ වැඩකරන ඇඟිලි වලින් ජංගමයට මට හිතෙන ඒවා කොටන්න ගත්තා..
උකුල් පරිගණකයත් පුදුමාකර විදියට ලියන්න සප් එක දෙනවා.

ලියලා මුහුණුපොතේ දුතයා අතේ දන්න කියන මගේ අයට යැව්වා..

මට ඉන්නේ දාහකින් හොයන්න බැරි සෙට් එකක්..

මෙයාලගේ ලස්සන වචන වලින් මං ලියන ඒව වර්ණනා කරන කොට මං යන උඩ….

“මරු නංගි” “සුපිරි” “අම්මෝ ඒක” “දුක හිතෙන ඒවා දුක හිතෙන්න ලියන්න එපා යකෝ ,ඇඩෙනවා” “අනේ ඔයා හරි ශෝක්, මං ගැනත් ලියලා” “කොහෙන්ද යකෝ අදහස් එන්නේ” “මේරස්සාව උඹට ගැලපෙන්නෙ නැ,මේක අත ඇරලා දිගටම ලියපන් ” “heart touching” “කවුරු මොනවා කියුවත් ඔයා දිගටම ලියන්න ” “අක්කේ ඔයා කොහොමද ඔහොම ලියන්නේ” “මාරයි අක්කේ ” “හරි ලස්සනයි අක්කේ” “කවුද බං අක්කේ මේ ප්‍රභා ..උඹ නම් වෙන්න බැ..ලියන ඒවා හරි හැඩයි නේ” ⁣”බොක්කටම බැදුනා බං”

ඔන්න දැන් ඉතින් මං ඉන්නේ මුරුංගා ගහේ අග්ගිස්සේ ..

ඔය අතර මාත් යාලුවොන්ට බලන්න එකක් දෙයක් මුහුනු පොතේ බිත්තියේ ප්‍රදර්ශනය කරන්න හිත හදා ගනිද්දි මං ලියපුව හිතට වැදුන අය මාවත් අමුණලාම එ්වා මුහුනු පොතේ එල්ලා තිබුනා.
ආසයි ඒ වගේ වෙනකොට..මොකද මං ලියපු ඒවාත් කවුරු හරි කියවනකොට නිහතමානි ආඩම්බරයක් හිතට දැනෙනවා..
(කොාහාමත් ආඩම්බරයි..අලි ඔලුවෙන් නේ ඉන්නේ මං)

ඔය අතරේම “බණ පොත් කියවන්න,ඔය විකාර නොකර” “පුද්ගලික දේවල් ගෙදර තියා ගන්න” “බොළඳ වැඩියිනේ” “වැදගත් දෙයක් කරන්න” කියලා හොඳම අදහස් දිපු දෙතුන් දෙනෙකුත් ඉන්නවා.ඉස්සරහටත් ඉදිවි.ඉර නැගෙනහිරින් පායනව වගේ ඒක ශුවර්..

සැලුනා සැලුනා මං හොදටම සැලුනා..ඒත් ඉතින් ප්‍රභාට එන සිතුවිලි දැන් නම් හිර කරන් ඉන්නේ නෑමයි..ලියන්න පටන් ගත්ත එකේ දිගටම ලියනවා..(සුජිව අයියගෙ අඩිපාරෙ යන්නත් කවුරු හරිම ඉන්න එපායැ)

අනේ ඉතින් වැරදියට හිතන්න එපා
ප්‍රභා විවෙචන බාර ගන්නේ දෙකේ කොලේට කියලා.අවංක විවේවන බාර ගන්නවා හොදේ…

මට ඉන්න හොදම පාඪකයෝ තමයි…
දම්මි වගේම අනුරාව ලියන අක්කියත්..මොකද මං මොන මඟුලක් ලියලා දැම්මත් දෙන්න ඕන ⁣අදහස් දැක්විම ගානට දෙනවා.බ්⁣ලොග් එක ලියන්න ගනිපු දවසේ ඉදලා සප් එක දෙනවා.

ඒ වගේම මං ලියන ඒවා නොකියවන පාඪකයෙකුත් මට ඉන්නවා.
ඒ තමයි මගේ ආදර දිල්..’ඔයාගෙ කැමැත්තක්..ඔයා ලියන්න’ කියලා ඉඩ දිලා තියෙන නිසා හරිම නිදහස්.(ඉදලා හිටලා හොරාට කියවනවා කියලා මං දන්නවා..මොකද ඒක ගැන මොකද හිතන්නේ කියලා ඇහුවම හිනා මුණ ඉස්සරහට දානවනේ)

හරි හරි ⁣එකක් දෙකක් ලියලා දෙන්නෙක් තුන්දෙනෙක් කියෙව්වාම මේකිගෙ අලි ඔලුව කියලා හිතෙනවා ඇතිනෙ..

අනේ නැ මේ අහිංසක සතුටක්..බැ කියලා හිතේ කා වැදිලා තිබුන දෙයක් පුලුවන් කියලා හිතම තේරුම් ගත්තම දැනෙන හැගිම තමයි මේ සිතුවිල්ල ලියෙව්වේ.
කියවන ඔයාලටත් ස්තුතියි හොදේ ගොඩා…රියක්…

ඉතින් පහුගිය මාස ගානක් පුරාවට බැරිම වෙලා තිබුන තවත් දෙයක් මට දැන් යන්තමට පුලුවනි ..ඒ දෙපයින් හිට ගන්න..මං ආයෙත් රස්සාවට යන්න කියලා..රාමුවකට ආයෙත් කොටු වෙන්න කාලේ ඇවිත්..
ඒ්ත් ඉස්සර වගේ නම් නෙවෙයි ,, මොකද දැන් මට ලියන්න තියෙනවා..හිතන්න තියෙනවා….

ප්‍රභා ගේ සිතුවිලි ඔයාලට බලන්න අකුරු කරන්න ඉඩක් ලැබෙන හැම වෙලාවකදිම මං ආසා කරනවා…

එන්න ඔයාලත් මගේ සිතුවිලි බලන්න…

එනවා නේද ????

https://prabhagesithuwili.blogspot.com/2018/05/blog-post_21.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල