කාලීන සංවාද

අපේ උ බු ජ කෝච්චියේ කජු පොතු දාන ප්‍රශ්නය දකින හැටි

Off

උ බු ජ කිව්වේ උගත් බුද්ධිමත් ජනතාව කියන එක. පහුගිය දවස්වල දුම්රියේ යන මගීන් රටකජු කනවා සමහරු වීඩියෝ කරලා සෙයා කලා..තව අය පොටෝ ගහලා. ඔය අස්සේ දුම්රියේ කකුල් උඩින් තියන් ඉන්න පොටෝත් සෙයා වුනා.

කැමරා විප්ලවය

අපේ රටේ මිනිස්සුන්ට පෝන් එකට කැමරාවක් ආවම ලස්සනදෙයක් ඡායාරූපයට ගන්න මතක් වෙන්නේ කීයෙන් කීදෙනාටද? වලියක් යනවා නම්, මාරක රිය අනතුරක මස් කෑලි විසිරිලා තියේ නම් අල්ලපු ගෙදර ඇන්ටි තන් වක් කරං නානවනං. මොකෙක් හරි එකෙක් කුනුහබ්බෙන් බනිනවා නම් ඔන්න අපේ මිනිස්සුන්ගේ ෆෝන් වල කැමරා ඔන් වෙනවා. එතකොට අපේ අයගේ නිවුස් ජානය සක්‍රිය වෙලා අර අවස්ථාව ඡායාරූප ගන්න මතක් වෙනවා. නිකමට කල්පනා කරල බලන්න ඔයාලගේ වට්සැප් එකට එන පිංතුර වලින් ඔයා දකින යාලුවෝ ගතපු පිංතුර වලින් ඇත්තටම සුන්දර ලස්සන දේවල් තියෙන්නේ කොච්චර අඩුවෙන්ද? හැම එකම මොකක් හරි අඩුපාඩුවක්. මිනිහෙක්ට වුනු වැරද්දක්, වැලක්, නැත්තං කුඩුකේඩු වැඩක්..ඇසට මග හැරෙන සොදුරු දසුන් වෙනුවට අපේ ඔලුගෙඩි වල තියෙන කුනු වගේම අපේ ෆෝන් මෙමරිය පුරවන් ඉන්නෙත් කුනු වලින්.

අපේ ඔෆිස් එකේ හිටිය සහෘදයෙක් ඇක්සිඩන්ට් වුනා කෝච්චියේ. අනේ මිනිහා ඇක්සිඩන් වෙලා කකුල නැතිවෙලා ඉස්පිරිතාලේ ලෙඩ ඇදක දාලා කැඩුනු කකුල එක්ක තියටර් ගෙනියද්දිත් අපේ උන්දෙක් ඒක වීඩියෝ කරලා ෆේස්බුකුත් දාලා. වෙන පිට එකෙක් නම් කමක් නැහැ. අපේම ආයතනයේ අපේම හරකෙක්. මිනිස්සුන්ගේ ඔය ලොකු සදාචාර සංස්කෘතික අනම් මනම් ඕනි නැහැ..මූලික මනුස්ස හැගිම් තියෙනවා නම් අපි අතර ඉන්න මිනිහෙක් ඇක්සිඩන් වෙලා ගෙනියද්දි ඒ මිනිහගෙ කකුල වීඩියෝ කරන්න පුලුවන්ද? මට අනුව ඒක මනුෂ්‍යත්වයට නිගා දෙන අවලං වැඩක්.

කෝචිචි වීඩියෝ

කෝච්චි ගෘප් එකක් තියෙනවා ෆේස්බුක් එකේ රජයේ දුම්රිය මගින්ගේ නිල එකමුතුව හෝ ඒ වගේ නමක්. මම දැන් ඒකට කමෙන්ට් දාන්නේ නහැ..මොකද මගේ පෝස්ට් කිහිපයකම දුම්රිය සේවාවේ අඩුපාඩු කියපවා ගලවලා තිබුනා. ඒ වගේම දුම්රිය දෙපාර්ථමේන්තුවේ වැරදි ලොකුවට ෆැක්ට්ස් එක්ක දසමෙටම පෙන්නුවාම ඒකෙන් ඒ කමෙන්ට් පවා අයින් කරනවා. කෝචචියේ යකඩ වලට පෙම් කරන යකඩ පිස්සෙක් නොවී කෝච්චියේ යන මිනිස්සුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් පෙනී සිටින නිසා සමහර විට උන්ට මාව සහ මගේ මත දිරවන්නේ නැතුව වෙන්න ඇති. ඒත් උන් අර සූටි ස්පේ්ස එකක් වෙන ෆේස්බුක් එකේ තියෙන සූටි ගෘෘප් එකක මගේ වචන කපලා දැම්මට මම සැලෙයිද? නෑනේ යකෝ. ඔයිට වඩා කැපිලි අපිට ඇවිල්ල නැද්ද? ඇවිල්ල තියෙනවා නෙ යකෝ..

කෝචිචයේ යන ගමන් මිනිස්සු කකුල් උඩ තියං නිදාගෙන යන හැටි. කෝචිචියේ කජු කකා පොතු දදා යන හැටි දුප්පත් මිනිස්සු නොදැනුවත් කමට කුනු දාන හැටි ඔය ඉන්න කෝච්චියේ යන උ බු ජ මගියෝ ටිකක් පෙටෝ ගහනවා. වීඩියෝ කරනවා. ඒ කරලා ෆේස්බුක් දානවා.. කරන්න හැකිනම් අම්මත් විකුනං කන… ඒත් ලෝකෙට මේක සිංගප්පූරුවක් කරන්න උත්සාහ කරනවා වගේ පෙන්වන අමු ගොබ්බ හැත්ත ඕවාට කමෙන්ට් දානවා ඒ රටවල එහෙම නැහැ..මේ ලංකාවේ හැටි. ඊයා මේ ලංකාවේ මිනිස්සු කුනු ටික විසික් කරනවා..අපවිත්‍ර කරනවා කියලා කමෙන්ට් දානවා. ඉතිං ඒවා නැගලාම යනවා.

මිනිස්සු විඩියෝ කරන්න අයිතිවාසිකම් තියෙද?

අපි රේල්වේ ස්ටේසම පොටෝ ගහනවා කියමු. එතකොට ඒ රේල්වේ ඉස්ටේසමේ මිනිස්සු ඉන්නවා.. එයාල වදිනවා. ඒ වගේ ප්‍රධාන අපි හසුකරගන්නා දෙයට මිනිස්සු හසුවීම ලොකුඅවුලක් නෙමෙයි. ඒත් කෙලින්ම මිනිස්සු කජු කෑම, මිනිස්සු නිදාගැනීම, මිනිස්සු කකුල් උඩ තියාගෙන යෑම පොටෝගහන්නවත් ඒවා ප්‍රසිද්ධියේ ප්‍රචාරය කරන්නවත් බැැහ.. කුනු කෑල්ල ඇහිදලා බාල්දියට දාන සිංගප්පූරු කාරයා අල්ලගන්න මිනිස්සු එහේදි එහෙම අනවසර පොටෝ ගහලා අහුවුනොත් මොකද වෙන්නේ කියලා දාන්නේ නැහැ.. ඇමරිකාවේ පවා හිතුමනාපේ හතර අතේ ගෑනු මිනිස්සු පොටෝ ගහනවාය කියලා මීටර් වුනොත් මිනිහාට පොලිසියට උත්තර දෙන්න වෙනවා. ලෝකේ දියුනු රටවල මිනිස්සු යකඩ ගොඩවල් වලට වඩා මිනිස්සුන්ට මූලිකත්වය දෙනවා. මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වයට මූලිකත්වය දෙනවා. ඒ නිසා ඔය පොටෝගහලා අනේ මේ රටවල එහෙම නැහැ කියන අයට ඒ රටවල ගිහින් ඔහොම මිනිස්සු කැප්චර් කරන්න වල් බූරු නිදහසක් ලැබෙන්නේ නැහැ.. අවසානේ කජු කකා බිම දමන එකයි.. ඒවා පෙටෝ ගහන විඩියෝ කරන එකයි යන්නෙ එකම ලංකාවේ කෝච්චියේ එකම කෝච්චි පෙට්ටියේ.

තමුසේ කියන්නේ කජු කෑම හරිද එතකොට

කජු කකා බිම පොතු දැමීම කියන්නේ අපි ගෙදරකදි වුනත් නොකල යුතු දෙයක් නෙව. අපි ඉස්සර මතකයි ගෙදර තම්බපු කජු කනවා. එතකොට ඒ අනික් ඉතුරු පහදුවා දාන්න වෙනත් කූඩයක් හෝ පිගානක් තියාගන්නඅ පි උත්සාහ කලා. කුනු දැමීම, කෝචිචයේ කුරුටු බලි ඇදීම වගේම ආසන වල කකුල තියාගෙන යැමත් වැරදියි. එහෙත් ඒ වැරැද්ද නිවැරදි කරන්න පොටෝ ගහල වීඩියෝ ගහලා ෆේස්බුක් එකේ ඒ මිනි්සසුන්ගේ ආත්මයට ගහලා කරන්න හැකි දෙයක්නෙමෙයි. හොද වෙලාවට ඔය කෝච්චි වල නාමල් රාජපක්සලා චතුර සේනාරත්නලා යන්නේ නැහැ නෙව. ඒ ලොකු මිනිස්සු වෙස්වලාගෙන ගිහින් කජු කකා බිම දාද්දි මොකෙක් හරි උලමෙක් පෙටෝ ගහල ෆේස්බුක් දැම්මොත් කොහොමද ආතල් එක. එතකොට ආතල් තුම්මුනින් බේරෙනවා නේද පිංවතුනි. ෆේක් ප්‍රොෆයිල් වලින් බැස්සට ඔය ෆේස්බුක් එකේ පොටෝ දාපු වෙලාව කෝච්චිය වගේම වටේ ඉන්න අයගෙනුත් ඒ කවුද පොටෝ ගැහුවේ කියලා හොයන්න පුලුවනි. සමහර වට ඔහොම පොටෝ කෙරුවාව දිගටම ගියොත් එහෙම බැක්ෆයර් වෙලා හොද ගුටිපූජාවන් ලැබෙන්නත් ඔය වීඩියෝ පොටෝ ගහන පිංවතුන්ට අවස්ථාවක් ලැබේවි.

කෝමද ඕයි මේක වෙනස් කරන්නේ

සිස්ටම් එක වෙනස් කරනවා කියන්නෙ ෆෝන් එකෙන් පොටෝ සෙයාකරලා කරන්න හැකි සරලදෙයක් නම් ඉතිං අපේ උන් ගේ ස්මාට්ෆෝන් පාවිච්චිය එක්ක මේක නිකං සිංගා වලටත් වඩා තැනටක යන්නට ඕනා. වැරදි වැඩ කරන එකාට පෝන් එක ඒකට ආයුධයක් වුනා. හොද වැඩ කරන එකාට ඒක ඒකට ආබරණයක් වුනා මිසක සන්නිවේදනයෙන් අවහල් ලොකු ලබ්බක් වුනා කියලා කියන්න අමාරුයි රට තුල.

දිල්ලියේ මෙට්‍රො එක හදද්දි ඒකේ ගෑනු පෙට්ටිවල මිනිස්සු නගිනවා. මිනිස්සු කුනු දානවා. ඉතිං මුලදී මේ මිනිස්සුන්ට කියාදුන්නා. දැන්විම් ගැහුවා..අවසානේ ගෑනු පෙට්ටියේ නැගපු පිරිමින්ට බිමට බස්සව බස්සව නෙලන්නේ ගෑනු පොලිස්සිය. ආන්න ඉන් පස්සෙ ගෑනු පෙට්ටිය ගෑනු විතරක් වුනා. ඔය විදියට අදටත් දිල්ලියේ සාමාන්‍ය දුම්රිය සහ මෙට්‍රො එක අතර පැහැදිලිවෙනසක් තිබෙනවා. දිල්ලි මෙට්‍රො කියන්නේ තවත් එක් ඉන්දීය දුම්රියක්නෙමෙයි. ඒක පිරිසිදු ලස්සන තැනක්.

අහමදාබාද් හෝ බැංගලෝර් වලත් ඔය මෙට්‍රො එකක් එද්දි ඒකට සමාන්තරව මිනිස්සු මෙට්‍රො එකට හුරුකිරීමේ ඉන්ඩක්ෂන් ප්‍රොගැම් එකක් ගියා. එතනදි මිනිස්සු අලුත් ක්‍රමයට හුරු කරවන්න දියුනු ක්‍රමවේද පාවිච්චි කරනවා. හැමවෙලාවෙම අර දිල්ලි ගෑනු පෙට්ටියේ ගිය මිනිස්සුන්ට ගහනවා වගේ තඩි ගහලා මිනිස්සු වෙනස් කරන්න බැහැ. ඒවට පුලුල් මට්ටමේ වැඩපිලිවෙල තිබෙනවා. උදාහරණ විදියට ඔයා රෙද්දේ ගාන්නේ වොන්ඩලයිට් නම් ඒක සන්ලයිට් බවට පත් කරන්නේ ඔයාගේ අත පය කැඩෙන්න නෙලලා නෙමෙයි නේ..ඒක කරන්නේ අපේ මනස වොන්ඩර්ලයිට් වලින් සන්ලයිට් වලට ඇඩ්වර්ටයිසින් වලින් හැරවීමෙන්. කුනු පස්නය වගේම ගොඩක් පස්නවලදී මෙම ඇඩ්වර්ටයිසින් වගේම තවත් දැනුවත් කිරීම් වැඩසටහන් ක්‍රියාත්මක කල හැකියි. හොදට කුනු දමන මගීන්ට ප්‍රසංසා කිරීම්, කාටුන් චිත්‍ර, දුම්රිය සේවකයින් විසින් මගීන් දැනුවත් කිරීම් ආදියෙන් මගීන්ගේ මනස වෙනස් කල හැකියි. ඒවා එක රැයෙන් කරන්නට අපහසුයි. ඒ ආාකරයට සැබෑ උවමනාවක් තිබේ නම් දුම්රියේ කුනු නම් ප්‍රශ්ණය එය විසදන්නට දියුනු ක්‍රමවේද තිබෙනවා.

ආකල්ප

ඉස්සර අපි දග වැඩක් කරලා අම්මලා බැන්න හැටි පොඩ්ඩක් මතක් කරන්න. ඔයාලට කෝමද දන් නෑ. අපේ අම්මා පටන් ගන්නේ. බලහං අර මහ මනුස්සයා උදේ නැගිටලා උදැල්ල අරං ගිහින් නැහෙන්න කාරු වෙනුවෙන්ද? උන්දැ වෙනුවෙන්ද?

එතකොට අපිට මතක් වෙනවා දෙයියනේ ඒ මිනිස්සු මහන්සිවෙලා අපි වෙනුවෙන් වැඩකරන්නේ මේ අපි දියුනු කරන්න නෙවද කියලා. කෙල්ලෝ පස්සේ ගිහින් නාන්න ගිහින් රස්තියාදු ගහන් හිටියත් අපිට ඒ මොහතට හරි හිතෙනවා අපි වෙනුවෙන් කැපවෙන දෙමාපියන් වෙනුවේන යුතුකමක් ඉටු කරන්න.

දුම්රියට පිවිසෙමු. දුම්රියේ ටිකට් ඉල්ලන්න ගියාම ඌ නිකං උගේ ඉඩමක් ලියාගන්න ආවා වගේ සැර, ගාඩ් කාරයෙක් රියදුරෙක් ගෙන් නිකං දෙයක් අහන්න බෑ ගොඩක් උන් ඉන්නේ අහසේ. දුම්රියේ ටිකට් නැතුව ගිහින් අහුවුනාම හරියට සලකන්නේ රේප් කේ්ස එක්ක මිනිමැරුමක් කරලා අහුවුනා වගේ. කෝච්චිය එන්න ඕනි 8ට නම් ඒක එන්නේ 8.20ට කෝචිචයේ මකුලු දැල් කඩන්න මලකඩ අයින් කරන්න යන මිනිස්සුන්ට බෑනේ. සමහර කෝච්චි වල මාස ගනන් මකුලුදැල්. අත්දිග සර්ට් එක්ක ඇදන් අතක් තියන්න බෑ කුනු. ඉතිං මේ වගේ විශ්ෂ්ඨ සේවයක් සලසද්දි ඔය සී ජී ආර් හාල්පාරුවන්ට කටක් ඇරල මිනිස්සුන්ට කියන්න පුලවන්ද? අපි අපේ වගකීම ඔබලට සුපිරියට දෙනවා. ඔයාලත් අපිට සප් එකක් දෙන්නකෝ කියලා.? බෑ නේද?

හැමදෙයක්ම හරියට තියාගන්න බැහැ. ඒත් අපේ දුම්රිය කියන්නේ පුලුවන් නම් ස්ටේෂමේ රීලා යන්න තරම් තරහ එන මහා නරුම සිස්ටම් එකක්. උන්ට හිතුනු වෙලාවට කෝච්චි පරක්කු කරනවා. උන්ට හිතුනාම ස්ට්‍රයික් කරනවා. හැම මිනිහාම නැතත් බහුතරයක් දුම්රිය මගින් දුම්රිය සේවය ගැන කිසිම පැහැදීමකින් නෙමෙයි යන්නේ. ඒ තරහව එක්ක මිනිස්සු න්ගේ මානසිකත්වය අපේ දෑතින් අපේ දුම්රිය සුරකිමු කියන තැන නවතින්නේ නැහැ. එය මගින්ගෙ වරද්ක නෙමෙයි. දුම්රියේ වරදක්.

මාතර කොළඹ හයි වේ සේවය

මාතර කොළඹ හයිවේ බස් ඒ සී මහ විසාල බස් නෙව. ඕවායේ රටකජු පොතු දැම්මෝත වෙන්නේ ඒවා ගිහින් ඒ සී ෆෑන් ෆිල්ටර් බ්ලොක් කරනවා. ඒ නිසා ඒවායේ පොල් අකුරෙන් පොතු බිම දාන්න එපා කියලා ගහලා තියෙනවා කජු පොතු. ඉදලා හිටලා මිනිහෙක් කජු හෝ වෙන දෙයක් කනවා නම් මම බොහේවිට දැකලා තියෙන්නෙ කොන්දා මහත්තයා ඇවිල්ලා ඉල්ලීමක් කරනව එහෙම කරන්න එපා කියලා. සමහර බස් වල කුනු බාස්කට් පවා හයිකරලා තිබෙනවා. ඒ බස් වල නිතර යන කෙනෙක් විදියට මම ඉතාම කලාතුරකින් තමයි කෙනෙක් කාලා අසුරණයක් එහෝම බිම දානවා දකින්නේ. එක්කෝ අඩුතරමේ සීට් එකේ තිබෙන පොකට් එකට හෝ බිස්කට් රදවනයක් වගේ දෙයක් දාලා යන්න ිමිනිස්සු හුරු වෙනවා. වතුර බෝතල් හිස් එක ඒ ආසනයේ බෝතල් රදවන තැන්වලම දාලා යනවා. සාපේක්ෂව ඒ ලොකු බස් පිරිසිදුයි. ඒ වගේම බස් ගමනක් අවසානයේ හෝ දිනය අවසානයේ අර බස්රියේ තිබෙන රදවන හිස් බෝතල් සියල්ල අතුගාලා අස් කරලා ක්ලීන් බස් එකක් තමයි රෑට බස් හිමියාට කොන්දා සහ රියදුරු දෙපල බාර දෙන්නේ..

කෝචිචි වල කොන්දොස්තර ලා නැහැ..හැබැයි දුම්රිය ආරක්ෂක කියලා පිරිසක් ඉන්නවා. දුම්රිය ස්ථානයක සේවකයින් කිහිප දෙනෙක් ඉන්නවා. මේ ගැන කියද්දි මට මතක් වෙන්නේ පහුගිය දවසක කෝච්චියේ බීපු එකෙක් නිදි කොටුව ඉස්ටේෂමේ තුන්වන වේදිකාවේ නවත්තපු ස්ලෝ එක ඇතුලේ. . මම ගිහින් ඇතුලේ උන් දුම්රිය බලධාරින්ට කිව්වා. අර බීපු එකා කබරයා දාලා.වන කරලා මදිවට කෑ ගහනවත් එක්ක. හරහට දැපලා නිදි. එන කෝච්චියේ හිටිය ගෝතයා ගැන රිපෝට් කලාමවත් මොකෙක් වත් ආවේ නැහැ. දුම්රිය නිලධාරි උන්නා උන් ඕකකෝම නෑසුනා වගේ හිටියා මිස අරුට මුට කතා කලා මිසක බීපු එකාට කනට දෙකක් ගහලා ඇදලා දැම්මේ නැහැ. රටේ ප්‍රධානතම දුම්රිය ස්ථාෙන් ප්‍රධාන වේදිකාවේදී අනික් ස්ටාෆ් බලං ඉද්දි බීපු එකාට ගහලා ඇදලා බිමට දාන්න මම ඇවිල්ලා රන්ජා නෙමෙයි නේ.. ඒ නිසා මම වෙන පෙට්ටියකට නැගලා ගියා.

සීජී ආර් එකට එද්දි ඒවායේ දුම්රිය පිරිසිදු කරන්න පිරිසක් ඉන්නවා. ඔවුන් දිනකට එක් වතාව්ක වත් දුම්රිය පිරිසිදු කරන්නට ඕනා. ඒ වගේම සතියට වතාවක් වත් මේවා වැකුම් කරන්නට ඕනා. මාස හයකට වතාවක් වත් තරමක් තදබල ක්ලීන් එකක්වෙන්න ඕනා. එහෙම හරියට ක්ලින් වෙන පාටක් මටනම් හැමදාම උදේ යන කෝචිචයෙදිවත් පේන් නෑ.. සමහර තැන් මලකඩ කාලා. කෝචිචිය ඇක්සිඩන් වුනෝත පරණ බලවේග කට්ටල වල වැඩිදෙනෙක් මැරෙන්නේ පිටගැස්ම හැදිලා. ඒ තරං පරණ කසිකබල් තින්ත නොගා ඔහේ ට්‍රැක් වල යනවා.

කජු පස්නය සහ අපේ පස්න

අපි හැමෝම දකින්නේ කජු කන මිනිහා සහ ඒ බිම දාන දසුන පමණයි. සිංගප්පුරුව හෝ චීනයේ මිනිසුන් එකවර මිනිස්සු ඊලග දවසේ උදේ වෙද්දි කුනු බාල්දි වලට දාන්න හුරු වුනේ නැහැ. ඒ සදහා ඔවුන් ක්‍රියාමාර්ග ගත්තා. ඔවුන් ඒ සදහා මිනිස්සු හුරු කලා. මිනිසුන් හොද දේට දිරිමත් කලා. වැරදි දිගටම කලොත් දඩ ගැහුවා. නගර වඩාත් ලස්සනට තියන්න බලධාරින් උනන්දු වුනා. ඉතිං කාලයක් යද්දි මහා ක්‍රියාදාමයක එක් අතුරුඵලයක් විදියට අපිට අද සිගප්පූරුවේ චීනයේ නගර වල මිනිස්සු ටොපි කොලෙත් ඇහිදලා කුනු බාල්දියට දානවා පේනවා. ඒත් අපේ රටේ කජු කන දුප්පත් අහිංසක මිනිහා ඇතැම්විට ඔය ලොකු මහත්තුරු වගේ සිංගප්පූරු ලබ්බක් දැකල නැහැ. මිනිහගේ තාත්තාත් එහෙම සීයත් එහෙමයි බුවත් එහෙමයි. ඒ මිනිහාට බනිනෝ මිස කවුරුවත් එයාලට කුනු දමන් එපා කියලා කියා දෙන්නෙත් නැහැ. එයා හිතනාව ඇත්තේ මේවා හැමදාම පිරිසිදු කරනවා නේ. හැමෝම දාන්නේ ඔන්න මාත් දානවා කියලා වෙන්නට ඇති.

ප්‍රශ්ණයක් කිය්නනෙ අපි දකින පොටෝව හෝ වීඩියෝව නෙමෙයි. පස්නයක් විසදනවා කියන්නෙ පස්නේ තියෙන තැන පොටෝ ගහලා සෙයා කිරීම නෙමෙයි. උදාහරණ විදියට තුවාලයක් පොටෝ ගහල සෙයා කලාට තුවාලේ හොද වෙන් නෑ.. ඒඩ්ස් හැදෙන්න පුලුවන් අනාරක්ෂිත ලිංගික සම්බන්ධ්‍යක් වීඩියෝ කරලා සෙයා කලාට ඒඩ්ස් අඩුවෙන්නෙත් නැැහ. වෙනස් කරනවා නම් ඒවාට ක්‍රම තියෙනවා. ටූල්ස් තියෙනවා. ගැඹුරට හිතන්න බැරි ජාතිය හැමදාම මේ අපි වගේ. පොඩි දේවල් පොඩි තැන් වල සිට පිලිවෙලකට වෙන්ස කරන්නේ නැතුව හැමදාම ප්‍රශ්ණම වවාගෙන කනවා.

http://ansathudinapotha.blogspot.com/2018/05/blog-post_29.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල